IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මැද පෙරදිග දේශපාලනය වෙනස් වෙයිද?

සිරියාවේ ජනාධිපති අල් බෂීර්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කෙරෙන අරගලයෙන් මිය යන සහ සරණාගත තත්ත්වයට පත්වන ජනතාව ගැන ජනමාධ්‍ය අවධානය යොමුවී තිබුණද ඉරාකයේ සිදුවන මේ සමානම හෝ ඊටත් වඩා බරපතළ ජීවිත හානි සහ ජන ජීවිතය කඩාකප්පල් වීම ගැන බොහෝ දෙනාගේ සැලකිල්ල යොමුවන්නේ නැත. සදාම් හුසේන් බලයෙන් පහකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජනපදය ප‍්‍රමුඛ මිත‍්‍ර රටවල් දියත් කළ යුද්ධය 2011 දී නිල වශයෙන් නිම වුවද නිති පතා සිදුවන බෝම්බ ප‍්‍රහාර හා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරවල අඩුවක් දක්නට නැත. දැනට සති තුනකට අධික කාලයක් තිස්සේ ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඞ් නගරයේත් රටේ සෙසු ප‍්‍රදේශවලත් අගමැති නුරි මලිකිගේ පාලනයට එරෙහිව විරෝධතා

ඉරාක අගමැති මලිකි

පෙළපාලි පැවැත්වෙන අතර අල් කයිඩා සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරෙන කණ්ඩායම් එල්ල කරන ප‍්‍රහාර වඩාත් උත්සන්න කර ඇත. පසුගිය ඉරිදා ඉරාකයේ උතුරු ප‍්‍රදේශයේ කර්කුක් නගරයේ ආරක්ෂක මධ්‍යස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරයෙන් 15 දෙනෙක් මිය ගොස් 90 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ඊට පසුව සඳුදා බැග්ඩෑඞ් අසළ පොලිස් ස්ථානයකට එල්ලවූ ප‍්‍රහාරයකින් 14 ක් මිය ගියහ.

මෙම මහජන විරෝධතාවලින් හා බෝම්බ ප‍්‍රහාරවලින් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ ඉරාකයේ සුළුතරයක් වන සුන්නි ආගමිකයන් බහුතරය වන ෂියා පාලකයින් විසින් වෙනස් කොට සලකන්නේය. යන හැඟීමය. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට විරෝධතා දැක්වීම හා වෙනත් චෝදනාමත අත්අඩංගුවට ගෙන ඇති බහුතරය සුන්නි ආගමිකයින්ය. සන්නද්ධ ප‍්‍රහාරවලට අනුබලය දුන්නේය යන චෝදනාව මත උප ජනාධිපති තරික් අල් හංෂමිව අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම නිසා ඔහු කුර්දි ස්වයං පාලන ප‍්‍රදේශයට පලා ගියේය. ඉන් අනතුරුව ඒක පාක්ෂිකව පැවති නඩු විභාගයකින් හංෂමිට මරණ දඬුවම නියම වුවද ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත. දැනට සුන්නි බහුතරයක් වෙසෙන අන්බාර් ප‍්‍රදේශය මුල් කරගෙන ඇති විරෝධතා පැන නැගීමට ආසන්න හේතුව වූයේ සුන්නි ආගමිකයකු වන මුදල් ඇමැතිවරයාගේ ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගැනීමට අගමැති මලිකි විසින් නියෝග කිරීමය. මීට අමතරව තවත් ප‍්‍රධාන වාර්ගික කණ්ඩායමක් වන කුර්දි ජාතිකයෝද බැග්ඩෑඞ් නගරයේ අගමැති අල් මලිකිගේ පාලනයෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන්නේ යැයි චෝදනා කරති. මැද පෙරදිග ප‍්‍රමුඛ දේශපාලන විශ්ලේෂකයකුවන වදා කන්ෂාර් පවසන ආකාරයට ඉරාකය දැන් එහි ඉතිහාසයේ කෙදිනක හෝ නොවූ ආකාරයට වාර්ගික ආගමික හා ප‍්‍රාදේශික අනන්‍යතාමත බෙදී පවතී.

සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය පෙරළා දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිහිටුවීමට 2003 දී ආක‍්‍රමණයක් දියත් කළ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් ඉරාකයේ දැනට පවතින තත්ත්වය ගැන දක්වන්නේ උදාසීන බවකි. ඇත්තෙන්ම දැනට ඒකාධිපති ස්වරූපයෙන් පාලනය කරන අගමැති නුර් අල් මලිකි බලයට පත් කිරීම සැලසුම් කළේ එක්සත් ජනපදයයි. ඒ සඳහා වූ කොන්දේසිය වූයේ 2011 දී ඇමරිකන් හමුදා සටන් බිමෙන් ඉවත්කර ගන්නා නමුත් ඔවුන්ට තව දුරටත් ඉරාකයේ හමුදා කඳවුරු පවත්වා ගැනීමට ඉඩ සැලසෙන ගිවිසුමකට අත්සන් කිරීමය. එක්සත් ජනපදයේ මෙන්ම එහි සතුරු රාජ්‍යයක් වශයෙන් සැළකෙන ඉරානයේ සහාය මත අල් මලිකිට 2010 පැවති මහා මැතිවරණයෙන් පසුවද දිගටම අගමැති තනතුරේ රැඳී සිටීමට හැකිවිය. එම මැතිවරණයේදී සුන්නි ආගමිකයින්ගේද සහාය ලද ඉරාකියා සන්ධානයට ආසන 91 දිනාගත හැකිවීමෙන් එය පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය විය. අල් මලිකිගේ නායකත්වයෙන් යුත් ජාතික සභාගයට දිනාගත හැකිවූයේ ආසන 89 ක් පමණි. එහෙත් ජාත්‍යන්තර බලවේගවලට පහසුවෙන් නැමෙන අල් මලිකිට සිය අගමැති තනතුර රැක ගැනීමටත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා මාර්ග දිගටම පවත්වා ගැනීමටත් හැකියාව ලැබිණ. 

 

හමුදා මුර කපොල්ලක්

 

ජනාධිපති ජලාල් තලබානි හෘද රෝගී තත්ත්වයක් නිසා ජර්මනියේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර උප ජනාධිපතිවරුන් දෙදෙනාගෙන් තනතුරේ රැඳී සිටින්නේ එකෙකු පමණි. සුන්නි උප ජනාධිපතිවරයාට මරණ දඬුවම නියමවී ඇති නිසා ඔහු ආරක්ෂාව පතා වෙසෙන්නේ කුර්දි ස්වයං පාලන ප‍්‍රදේශයේය. එමනිසා ජනාධිපති තනතුරද අනියමින් අගමැති මලිකිගේ ග‍්‍රහණයට යටතේය. ඊට අමතරව ඔහු ආරක්ෂක ඇමැතිවරයාගේ කටයුතුද පවරා ගත්තේය. වැඩ බලන අභ්‍යන්තර කටයුතු ඇමැති වැඩ බලන බුද්ධි අංශ ප‍්‍රධානි වැඩ බලන සන්නද්ධ සේවා ප‍්‍රධානි යන තනතුරුද හිමි වන්නේ අගමැති මලිකිටය. අධිකරණය හා පොලිසිය කි‍්‍රයාත්මක වන්නේද ඔහුගේ අභිමතයට යටත්වය. මේ නිසා අන්තර් ජාතික පොලිසිය මලිකිගේ රජයේ ඉල්ලීම් මත කි‍්‍රයාත්මක නොවන බව දන්වා ඇත.

විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීමක් වන්නේද මෙම ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීම හා ඔවුන්ගේ වගවීම තහවුරු කිරීමය. ජනමාධ්‍ය වාර්තා අනුව විරෝධතාකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වන්නේ විරෝධතා දැක්වීම හා විරුද්ධ දේශපාලන මත දැරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් වහාම නිදහස් කිරීම (මෙසේ රඳවාගෙන සිටින අයගෙන් බහුතරය සුන්නි ආගමිකයින් බවද වාර්තාවේ.) මරණ දඬුවම නතර කිරීම ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා යැයි පනවා ඇති මර්දන නීති ඉවත් කිරීම වැනි කරුණුය. මෙම විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නේ සුන්නි ආගමිකයන් වුවද මොක්ටාඩා අල් සදර් වැනි ෂියා නායකයෝද ඊට සහාය දක්වති. අල් සදර් එම විරෝධතා රැළිවලට සහභාගි වූ බවද සඳහන්වේ.

මින් පැහැදිලි වන්නේ ලොව දෙවන විශාල තෙල් සම්පත් හිමි රට වශයෙන් හැඳින්වෙන ඉරාකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පදනමක් ඇමරිකන් ආක‍්‍රමණයෙන් සැලසී නැත යන්නයි. මේ සියලූ යුද්ධවලින් ඉරාක ජනතාවට හිමිව ඇත්තේ ජීවිත හා දේපල විනාශය පමණි. අනූවේ දශකයේදී එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ඇතිව සදාම් හුසේන් ඉරානයට එරෙහිව ගෙන ගිය යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 158,000 ලෙස ගණන් බලා ඇති අතර ඉන් 32195 ක් ළමයින්ය. ඉන්පසුව 2003 දී ඇමරිකන් ආක‍්‍රමණයත් සමග හට ගත් ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව නිසි ලෙස ගණන් බලා නැතත් එය දශ ලක්ෂයකට අධික යැයි සැලකේ. මෙහිදී එක්සත් ජනපදය භාවිත කළ විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිසා විකෘති දරු උපත් සංඛ්‍යාව ද ඉහළ ගොසිනි. රසායනික අවි යොදා ගැනීම නිසා ජල මූලාශ‍්‍ර ද හානියට පත්ව ඇත. එක්සත් ජනපදය මෙම යුද්ධයේදී ඩොලර් ටි‍්‍රලියනයකට අධික මුදලක් වැය කළ අතර මිය ගිය හමුදා භටයින්ගේ සංඛ්‍යාව 4500කි. අවසානයේදී ඇමරිකන් හමුදා සටන් බිමෙන් ඉවත්කර ගන්නා විට ඉරාක රජයට ඩොලර් කෝටි සියයක අවි ආයුධ හා අලූතින් පිහිටුවන ලද හමුදාවට පුහුණුව ලබා දුන්නේය. එහෙත් ඒ කිසිවක් ඉරාකයේ වඩා යහපත් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට හේතුවූයේ නැත.

සිරියානු ජනාධිපති අල් බෂීර්

වදුකන්ෂාර් සහ ඬේවිඞ් හර්ස්ට් වැනි නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට සැබැවින්ම ජන වරමක් නොලත් අල් මලිකිට තව දුරටත් බලයේ රැඳී සිටීමට හැකියාව පවතින්නේ ජාත්‍යන්තර බලපෑම් නිසාය. එක්සත් ජනපදය තවමත් අල් මලිකි කෙරේ විශ්වාසය රඳවා ගෙන ඇති අතර ආක‍්‍රමණයක තර්ජනයට මුහුණදී සිටින ඉරානය ඉරාක පාලනයේ වෙනසක් හෝ එහි බිඳ වැටීමක් අපේක්ෂා කරන්නේ නැත. මීට අමතරව කුර්දි සාධකයද වැදගත්ය. දැනට ඉරාකයේ කුර්දි ප‍්‍රදේශයේ ස්වයං පාලනයක් පවතින නමුත් කුර්දි ජාතිකයින් ඉන් සෑහීමට පත්වන්නේ යැයි කිව නොහැක. මෙම ප‍්‍රදේශයට යාබදව ඉරානය තුර්කිය හා සිරියාව යන රටවල කුර්දි ජාතිකයන්ද ඇතුළත් වන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම ඔවුන්ගේ අරමුණයි. අල් බෂීර්ගේ පාලනයෙන් මිදී ඇති සිරියාවේ කුර්දි ප‍්‍රදේශයේ ජනතාව ඉරාක කුර්දි ස්වයං පාලනයට වඩාත් සමීපය. තුර්කි හමුදාව සමග ගරිල්ලා සටනක යෙදී සිටින කුර්දි ජාතික සටන්කරුවන් තම පසුබිම ප‍්‍රදේශය සලකන්නේ ඉරාකයේ කුර්දි ප‍්‍රදේශයයි. තම රට කැබලිවලට වෙන්ව යෑමට කිසිසේත් ඉඩ නොදෙන තුර්කිය ස්වාධීන කුර්දි රාජ්‍යයක් පිහිටුවීම කිසිසේත් අනුමත කරනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් කුර්දි සටන්කරුවන්ගෙන් තම පාලනය දුර්වල වනු දැකීමට අකමැති අගමැති අල් මලිකි තත්ත්වය වඩාත් නරක අතට පත්වීමට පෙර වඩාත් පුළුල් කුර්දි ස්වයං පාලනයක් ගැන ඔවුන් සමග කතා කිරීමට සූදානම් යැයි මේ සතියේදි ප‍්‍රකාශ කළේය.

ඉරාකයේ හා සිරියාවේ සිදුවෙමින් පවතින අරගලයෙන් පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ පළමු ලෝක යුද්ධයේ අවසන ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ වුවමනාව මත සකස් කරන ලද මැද පෙරදිග සිතියම වාර්ගික හා ආගමික කණ්ඩායම් පදනම්ව බිඳීයෑමේ අනතුර පෙර කවදටත් වඩා වැඩිය යන්නයි. සදාම් හුසේන්ගේ සුන්නි සුළුතරයේ පාලනයට එරෙහිව ෂියා බහුතරයත් අල් බෂීර් ගේ අල්වයිට් සුළුතරයේ පාලනයට එරෙහිව සුන්නි බහුතරයත් මෙහෙයවීම එක්සත් ජනපදයේ හා ආචී    ර්ණමතවාදි අරාබි රටවල කෙටි කාලීන දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවලට ගැලපෙන නමුත් එය කලාපයේ ස්ථාවරත්වයට හෝ දේශපාලන බල ගැන්වීමකට හේතුවන්නේ යැයි කිසිසේත් තර්ක කළ නොහැකිය. 

මැද පෙරදිග සුවිශාල තෙල් සම්පත් පාලනය කිරීමේ අරමුණෙන් එහි ප‍්‍රබල රාජ්‍යයන් බිහිවීම වැළැක්වීම බලවත් රාජ්‍යවල අවශ්‍යතාව බව පැහැදිලිය. එහෙත් ඒ තුළින් ඇති විය හැකි වඩාත් වියවුල්කාරී තත්ත්වය ඔවුන් නොසලකා හරින තවත් අනතුරකි.

 

සටහන: මහින්ද හත්තක

 

කාර් බෝම්බයෙන් අනතුරු සිදුවූ ස්ථානය

 

ඉරාකයේ කාර් බෝම්බයෙන් තුවාලවූ පුද්ගලයකු ඔසවාගෙන යමින්

 

ඉරාක ආණ්ඩුවට විරුද්ධව සුන්නි මුස්ලිම්වරුන්ගේ විරෝධතාවය

 



අදහස් (0)

මැද පෙරදිග දේශපාලනය වෙනස් වෙයිද?

අජිත් Sunday, 10 February 2013 11:56 AM

අපි බලන් ඉම්මු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site