IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මනාළිය බරටත් වඩා සල්ලි

විවාහ ගිවිසගැනීමේ ත්‍යාගයක් ලෙස ඩොලර් ලක්ෂ 14.5 ක (රුපියල් ලක්ෂ 1914)  මුදල් පිරවූ පෙට්ටි 18 ක් තම අනාගත මනාලියගේ නිවස වෙත යැවූ පුද්ගලයකු ගැන චීනයෙන් වාර්තා වේ.

පෙට්ටි සියල්ලක්ම පාරම්පරික චීන කැටයම් වලින් සරසා රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි.ඒවා අනාගත මනාලියගේ නිවසට ප්‍රවාහනය කර තිබුණේ සුඛෝපභෝගි වාහන වලින් සැදුම් ලත් පෙරහරකිනි.

මෙන්ග් හුන්ග් නම් වන මේ ‘නිර්ලෝභී‘ පුද්ගලයා ප්‍රකට ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක හිමිකරුවෙකි.තමන්ට තම අනාගත මනාලිය මුළු ලොවටත් වඩා වටින බවත් එය පෙන්වීමට මෙවන් ත්‍යාගයක් ඇය වෙත යැවූ බවත් ඔහු කියයි.

මනාලියද තම අනාගත මනාලයා එවන ලද ත්‍යාගය සතුටින් භාරගෙන ඇතැයි සදහන්වේ.

ඇතැමුන්ගේ අදහස වන්නේ මෙය හුදෙක් මනාලිය මුදල් වලට මිලදී ගත්තාක් වැනි ක්‍රියාවක් බවයි.දෙදෙනා සැබැවින්ම එකිනෙකාට ආදරය කරන්නේ නම් මෙවන් ත්‍යාගයක අවශ්‍යතාවයක් නැතැයි ඔවුන්ගේ මතයයි.



අදහස් (0)

මනාළිය බරටත් වඩා සල්ලි

රත්න Monday, 18 November 2013 04:57 PM

කොහොමද වැඩේ? හා හා !! (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 18 November 2013 11:50 AM

බූරු වැඩක්.. (ස)

:       0       0

ජගත් Wednesday, 20 November 2013 04:26 PM

සල්ලි තියෙනවා නම් මනමාලි ඕනත් නෑ. (ස)

:       0       0

සුවිනිතා Monday, 18 November 2013 12:35 PM

අනේ මාවත් කැන්දන් යන්න මේ වගේ මනාලයෙක් එනවනම් .. (ස)

:       0       0

ඉෂාර Monday, 18 November 2013 01:04 PM

"මනාලිය ද තම අනාගත මනාලයා එවන ලද ත්‍යාගය සතුටින් භාරගෙන ඇතැයි සදහන්වේ. " අපි නොදන්නවැයි බවලත් උදවිය ගැන. (ස)

:       0       0

ගුණේ Monday, 18 November 2013 01:16 PM

සුවිනිතා, ඔයාගේ බර කොපමණද කියා මම දන්නේ නැහැනේ. (ස)

:       0       0

අසේල Monday, 18 November 2013 01:28 PM

සුවිනීතා, ගෙදර ලිපිනය දෙන්න මට.... (ස)

:       0       0

උදිත මදුමාල් පෙරේරා Monday, 18 November 2013 01:44 PM

මට විඔස් කාර් එකක් ගන්න බැරුව ඉන්නවා . මෙයට මගුල් විසේ !!! (ස)

:       0       0

අප්පුහාමි Monday, 18 November 2013 02:25 PM

සුවිනීතා මගේ ලඟ ඩොලර් ලක්ෂ ගණනකට වඩා වටිනා ආදරය තියනවා....මොකද කියන්නේ...... (ස)

:       0       0

චමිකා Monday, 18 November 2013 02:45 PM

දැන් කාලේ මිනිස්සුන්ගේ හැදියාව අන්තිමයි. බස් එකක යන ඉස්කෝලේ වයසේ ගැනු ළමයෙකුටවත්(සංවරව ඇඳ පැළඳ) යන්න බෑ. තරුණයන් ගෙන් නෙවි නාකි කොල්ලන්ගේ විසේ තමා බලන්න ඕනා. ටෙලෙවිෂන් එකේ යන දේවල් බලලා මිනිස්සු ඉන්නේ රාගයෙන් මත් වෙලා. ඒ නාකි මිනිස්සු හෙට අනිද්දම පරලොව සැපත් වෙනවා කියල හිතන්නේ නෑ.(නදී)

:       0       0

බුද්ධික Wednesday, 20 November 2013 09:23 AM

දැන් කාලේ සල්ලී තිබෙනවා නම් හැම කෝළමක්ම කරන්න පුලුවන්. අපි වගේ දුප්පත් මිනිස්සු ඒ කෝළම් බල බලා හිනාවෙන එක සාධාරනයි (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 19 November 2013 10:26 AM

දැන් ඉතින් මම කෙල්ලට ට්‍රයි කරන්න ඕන. (ස)

:       0       0

ශාමා Tuesday, 19 November 2013 09:45 PM

අනේ සුවිනීතා විතරධ මමත් ලැහැස්‌ති ඔය වගේ කෙන්ධන් යනවා නම්. මම නම් එච්චර බර නැහැ. (අ)

:       0       0

සුවිනීතා Monday, 18 November 2013 04:25 PM

ගුණේ, බර වැඩි නිසා තමයි මම තවමත් ගෙදර ඉන්නේ.අසේල ඉතින් හැමෝගෙන්ම ලිපිනය ඉල්ලනවනේ ඒක නිසා අප්පුහාමිගේ ඩොලර් ගැන සලකා බලමු .. (ස)

:       0       0

අබ්දුල් Monday, 18 November 2013 04:41 PM

සුවිනීතා පරිස්සමින්. හොර සල්ලිත් අච්චු ගහන කාලයක් මේක. (ස)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 01:18 AM

නියමයිනේ මටත් ඒ විදිහට සල්ලි පෙට්ටියක් කවුරුහරි එවනවා නම්(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 89 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1195 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 158 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1474 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 243 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 150 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site