බෝම්බ පිරවූ රථයක් පදවාගෙන ගොස් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සිදුකිරීමට අණ ලැබෙන උස්බෙකිස්තාන තරුණයෙක් එම මෝටර් රථයට නැග කඳුළු සළණු සටහන්ව ඇති වීඩියෝ දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.
එම වීඩියෝ දර්ශනයන්හි සටහන්ව ඇති පරිදි ඔහු අවට සිටින්නවුන් ඔහුගේ පිටට තට්ටු කරමින් ඔහු සනසන්නට තැත් කළද ඒවායින් ඵලක් නොවේ.
අවසන ඔහු හඬමින්ම රථය පදවාගෙන යනුත් ඉලක්කය ආසන්නයේදී එය පුපුරුවා හරිනුත් වීඩියෝ දර්ශනයන්හි දැක්වේ.
මෙම තරුණයා සිරියාවේ අල් කයිඩා සංවිධානය හා එක්ව සටන් වදින අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බව අනාවරණයව ඇත. ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ එරට ෂුවා හා කෂ්රියෙහ් නම් ගම්මාන අත්පත් කරගැනීමට අල් කයිඩා සංවිධානයේ මෙහෙයුමක එක් අදියරක් ලෙස බව පැවසේ.
මියගිය තරුණයා තමන් මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට තෝරාගෙන ඇති බව දැනගන්නේ අවසාන මොහොතේදී බව වීඩියෝ දර්ශනයන් මුල සිටම නරඹන විට පැහැදිලි වේ.
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මරාගෙන මැරෙන්නා මරණයට පෙර අඬයි
හේමන්ත Saturday, 26 September 2015 12:27 AM
මම නම් අඬ අඬා ඉන්නේ නැහැ. ත්‍රස්ත කල්ලියටම හෙමිහිට වැඩේ දෙනවා (නි)
අස්ලම් Sunday, 27 September 2015 08:07 AM
මෙය හෙලා දැකිය යුතුයි.(හේ)
මහේෂ් Friday, 25 September 2015 08:08 AM
ඔය වගේ මිනිස්සුන්ට එකතු වුනාම ඔය වගේ ජිවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.(හේ)
නුවන් Friday, 25 September 2015 08:52 AM
සුර ලෝකේ කන්‍යාවියෝ ලබා ගන්න දරන වෙහෙසක තරම! (අ)
අනුර Saturday, 26 September 2015 04:46 PM
ලොවට මරාගෙන මැරෙන හැටි බහුලව හඳුන්වා දුන්නේ අපේ රටේ සිටින දෙමළ කොටි සංවිධානයයි! ඒගොල්ලන්ගේ ජ්‍යාන්තර යාළුවොත් මේවාට වග කිව යුතුයි.(බ)
උපුල් Friday, 25 September 2015 09:02 AM
අර ඇගිල්ලෙන් පෙන්වන්නේ එක් කන්‍යාවියක් ලැබෙන එක ගැනද? (බ)
දහම් Friday, 25 September 2015 09:03 AM
මෝඩ නූගතුන් මරනවා අහිංසකයෝ (බ)
සොපි Saturday, 26 September 2015 05:13 AM
මෙයා බලහත්කාරයෙන් බඳවා ගත් කෙනක්ද ?(අ)
දුමිදු Saturday, 26 September 2015 06:18 AM
මහ පොලොව නුහුලන අපරාද කරන මොවුන් ලගදීම කාලයකදී මහ පොළොවටම වැලලනු ඇත . (අ)
ශ්‍රිමාල් Sunday, 27 September 2015 10:30 AM
මේ ගොන් වස්සට මොලයක් නැහැ ළඟ ඉන්න අය මරාගෙන මැරෙන්න (හේ)
වික්‍රම Monday, 28 September 2015 08:45 AM
පිස්සු මිනිස්සු.(හේ)
zeylanicus Saturday, 26 September 2015 10:04 AM
ගොනෙක් නේ. ඔච්චර අකමැති නම්, බලෙන් කරන්න කියනවා නම් ඔතනම පුපුරවාගෙන උනුන්ත් මරාගෙන මරුන නම් ඉවරනේ. (අ)
සිල්වා Friday, 25 September 2015 12:41 PM
මෝඩයෝ. (අ)
නිහාල් Sunday, 27 September 2015 04:22 PM
මරණ බය කාටත් පොදුයි (නි)
වජිර Friday, 25 September 2015 01:58 PM
අනේ මෙහෙමත් හරක්. මුන්ටත් දුකවේදනාව දැනෙනවා නම් හිතන්න එපායැ මේ අයගේ පවුකාර වැඩවලින් දුක් විදින ජනතාවක් ඉන්නවා කියා.(අ)
ආරච්චිගේ Sunday, 27 September 2015 06:46 PM
උපදින අනෙක් භවයක සැනසීම ඔබට ලැබේවා සොයුර! (නි)
අජිත් Saturday, 03 October 2015 04:04 PM
පහුගිය කාලයේ අපේ රටෙත් වුණු දේවල් නේද මේවා? අපි කොච්චර නම් බැටකෑවද? දැන් අපේ අයට ඒවා මතක නැති එකනේ පුදුමේ (නි)
මලිති Friday, 25 September 2015 08:44 PM
ඇඟිල්ල උස්සලා කියන්නේ මොකක්ද? (නි)
චන්දි Monday, 28 September 2015 02:14 PM
අපේ රටෙත් මෙවැනි දේ සිදු වුනා නේද ගැහැනුන් පවා මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙව්වා නේද මතකද මන්ද අලුත් අයට.., ශ්‍රීමාල් ඔයා හරි දේ කියල තියෙනවා (බ)
කරුණාරත්න Sunday, 27 September 2015 03:57 AM
කවුද තමන්ගේ ජීවිතයට ආදරේ නැත්තේ? (නි)
දුමින්ද Monday, 28 September 2015 02:28 AM
2009 දෙවැනි නිදහසට පෙර මෙරටත් මෙවැනි යුගයක් තිබුණා මතකයි (නි)