ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මීට සති දෙකකට පෙර මියගියැයි කී අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වන අබූ යාහා අල් ලිබී පෙනී සිටින වීඩියෝ පණිවුඩයක් අල් කයිඩා සංවිධානය ඊයේ (13) අන්තර් ජාලයට එක් කර තිබුණි. ඇමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණේ පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ සැඟවී සිටිද්දී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් අල් ලිබී ඝාතනය කිරීමට තමන්ට හැකි වූ බවය. ඉස්ලාමීය වෙබ් අඩවි ඔස්සේ ඊයේ අන්තර් ජාලයට එක් කෙරුණු එම වීඩියෝ දසුන් පෙළ හරහා අල් ලිබී ප‍්‍රකාශ කළේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ මිනීමරු පාලනයට එරෙහිව ඉරාකයේ තුර්කියේ සහ ජෝර්දානයේ සිටින අල් කයිඩා සටන්කාමීන් එකමුතු වී කටයුතු කළ යුතුයි කියාය. සිරියා කැරැුලිකරුවන්ට නිදහස උදෙසා ගෙන යන සටනේදී දිවි පරදුවට තබා සහාය දෙන්නැයි ද අල් ලිබී ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එම වීඩියෝ පටය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී පටිගත කරන ලද්දක් බවත් අල් ලිබී මියගොස් ඇති බවත්ය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැරුණැයි කී අල් කයිඩා දෙවැනියාගේ වීඩියෝ හඬ පටය අන්තර්ජාලයේ
අමිල Thursday, 14 June 2012 07:28 PM
බිල් ලාඩනුත් එයිද?
ලක්මාල් Sunday, 17 June 2012 11:36 AM
මේ ඇමරිකන් කාරයින්ට කන පුපුරන්න දෙන ඕනේ එකෙක්ට අපේ ආචාර්ය
මහසෝනා Thursday, 14 June 2012 02:47 PM
මරුණද නැද්ද කියල තවම දන්නේ නෑ නේද? හැහ්... හැහ්... හැ...හැ...හැ...