IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මරාදැමූ කුඩුකාරයා ගැන චිත්‍රපටයක්

හෙරොයින් කිලෝග්රෑම් 8.3 ක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට තැත් කළේයැයි වරදකරුවී මරණ දඩුවම නියම වුනු ඕස්ට්‍රේලියා ජාතික ඇන්ඩ්‍රෘ චෙන්ගේ ජීවිත කතාව අළලා වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට මැලින්ඩා රටර් නම් අධ්‍යක්ෂිකාවක් සැරැසෙයි.

මරණ දඩුවම නියමව සිටි චෙන්   ඉන්දුනීසියාවේදී වෙඩි තැබීමේ කණ්ඩායමක් හමුවේ මරණයට මුහුණ දුන්නේය.මරණය දඩුවම නියමව සිටි තවත් පුද්ගලයින් දස දෙනෙක්ද වෙඩි තැබීමේ කණ්ඩායම හමුවට ඉදිරිපත් කිරීමට ඉන්දුනීසියා බළධාරීහු කටයුතු කළෝය.

චෙන් ඉන්දුනීසියා අත්අඩංගුවේ ගතකළ කාලය අවුරුදු 10 කි.එම කාලය පුරාවට ඔහු තමන්ට මුහුණදීමට නියම කර තිබූ බියකරු ඉරණමෙන් ගැලවී ගැනීමට නිරන්තර උත්සාහයක නිරත විය.නමුත් අවසානයේ ඉන් ඵලක් නොවුනි.

චෙන්් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වූයේ කෙසේද,අවසන ඔහු තම වරද හදුනාගත්තේ කෙසේද ආදිය මෙම වාර්තාමය වැඩසටහනෙන් පෙන්වාදී තිඛෙන අතර එනිසාවෙන්ම එය ඕස්ට්‍රේලියාවේ හා බ්‍රිතාන්‍යයේ පාසැල් වල ප්‍රදර්ශනයටත් මේ වන විට නිර්දේශ කර ඇත.

එහි චෙන්ග් ලියන ලද ලිපියක්ද අන්තර්ගතය.

එම ලිපියට අනුව චෙන්ග් තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වීම ගැන පසුතැවේ.

මම මේ ලිපිය ලියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනහම ඔයාලට වගේම ඔයාලගේ පවුලේ අයටත් විදින්න වෙන දුක ගැන කියන්න.

ඔහු තම ලිපිය ආරම්භ කරන්නේ එළෙසය.

මේ ඔක්කොම පටන් ගත්තේ මට වයස අවුරුදු 16 ක් විතර වෙනකොට.එතකොට මමත් ඔයාලා ගොඩක් දෙනා වගේ පාසැල් යනවා.මට ගුරුවරුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.ලොකු කතාවක් කෙටි කරලා කියනවනම් මේ කාලයේදී තමයි මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වුනේ. ඔහු සටහන් කර ඇත.

ඕස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අමතරව බේල් නයින් නම් මත්ද්‍රව්‍ය ජවාරම් සංවිධානයක නායකයින් ලෙස කටයුතු කර තිඛෙන බවටද චෙන්ග්ට හා ඔහුගේ සගයාවූ මයුරන් සුකුමාරන්ට ඉන්දුනීසියා බළධාරීන් චෝදනා ගොනුකර තිබුණි.සුකුමාරන්ද චෙන්ග් සමගම ඊයේ දිනයේදී මරණයට පත් කෙරුණි.

මම ගොඩක් මෝඩ දේවල් කරලා තියෙනවා.දැන් ඒවාට පසුතැවිලා වැඩක් නැහැ.මම හිතුවේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළහම අනෙක් අය බයකරගෙන ඉන්න පුලූවන් කියලා.නමුත් මට වැරදුනා.

මගේ ජීවිතය සත පහක් වටින්නේ නැහැ.මිනිහෙක්ට කොතරම් පහතට වැටෙන්න පුලූවන්ද කියලා පෙන්වලා දෙන්න මම හොද උදාහරණයක්.

මට මගේ ළගම ඥාතීන්ගේ විවාහ උත්සවයකට,සාදයකට අඩුම තරමේ අවමගුලකටවත් සහභාගී වෙන්න බැරි වුනා.ඔවුන් අද මා බලන්න එනවා.ඔවුන්ව වැළදගන්නවත් මා සුදුසු නැහැ.

මා දිහා බලලා මේක හොදට හිතට ගන්න.හොදට ඉගෙන ගන්න.ගුරුවරුන්ට කීකරු වෙන්න.ඉහළට යන්න පුලූවන් එතකොට.මම හිතනවා මම මේ කියන දේවල් ඔයාලා ගොඩක් දෙනෙක් අසාවි කියලා.

ඔහු ලිපිය අවසන් කර තිඛෙන්නේ එළෙසය.



අදහස් (0)

මරාදැමූ කුඩුකාරයා ගැන චිත්‍රපටයක්

තුවාන් Saturday, 02 May 2015 06:45 AM

ලංකාවේ නම්... හ්ම්ම්... (නි)

:       0       0

ද සිල්වා Monday, 04 May 2015 07:39 AM

අපේ රටේ නම් මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන විට උසාවි පොලිසි ඉදිරිපිට පාරවල් වසා කුලියට උද්ඝෝෂණ කිරීමට පවා පිරිසක් සුදානම් කර තබා ඇත. මේක තමා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙනස (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 11:04 AM

මෙහේ වුණා නම් කියාවි අධිරජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා (නි)

:       0       0

අසෝක Sunday, 03 May 2015 02:40 PM

මෙම මරණීය දණ්ඩනය නිසා ඕස්ට්‍රේලියන් ජාතිකයන්ද මාද අතිශයින්ම කම්පාවට පත්වුණෙමි (නි)

:       0       0

විජේසුන්දර Sunday, 03 May 2015 02:45 PM

ඉතා හොඳයි (නි)

:       0       0

චමිලා Saturday, 02 May 2015 12:00 PM

ප්‍රභාකරන් ගැනත් චිත්‍රපටි හැදුවේ. ඕවා හදන අයටත් හම්බකරගන්න ක්‍රමයක් ඕනෑනේ (නි)

:       0       0

අජිත් Saturday, 02 May 2015 03:21 PM

ලංකාවෙත් මේ වගේ සමාජයට වැදගත් දේ පෙන්නන්න ඕනෑ.ඔය ඉන්දියන් බහුබුත පෙන්වන්නේ නැතුව.අපිටත් පුලුවන් මේ වගේ නිර්මාණ කරන්න. (නි)

:       0       0

මලින්ද Friday, 01 May 2015 02:34 AM

ඒක හොඳ දෙයක් (නි)

:       0       0

අසිත Thursday, 30 April 2015 01:54 PM

සුපිරි නිර්මාණයක්. (නි)

:       0       0

සමන්ති Thursday, 30 April 2015 02:07 PM

මල්ලියේ නරක මිතුරන් ඇසුර එපා (නි)

:       0       0

අබේකෝන් Friday, 01 May 2015 04:13 AM

"වෙලේ සුදා" ෆිල්ම් එකේ නිළියට ඕෂදී ගමු. (බ)

:       0       0

අබරන් Saturday, 02 May 2015 11:23 PM

පෙරේරා මහත්තයෝ, ලිපිය හරියට කියවලා අදහසක් දමන්න. (නි)

:       0       0

ගමගේ Thursday, 30 April 2015 03:19 PM

වෙලේ සුදා ගැනත් එහෙම එකක් හැදුවොත් රඟපාන නිලියන් කව්රු වේවිද? (බ)

:       0       0

පෙරේරා Friday, 01 May 2015 06:48 AM

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයින්වත් වීරවරයින් හැටියට පෙන්නනද දැන් හදන්නේ? (ම)

:       0       0

ඈන් Thursday, 30 April 2015 03:55 PM

මේ චිත්‍රපටිය ලංකාවෙත් පෙන්වන්න. ටී.වී. එකේ හරි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site