IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මලයාසියා යානයේ කළු පෙට්ටිය සොය ගනී

මගීන් හා කාර්යමණ්ඩලයව 162 නෙකුගේ ජීවිත සඟවා ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදා මුහුදට කඩා වැටී විනාශ වූ මලයාසියාවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් අංක 8501 දැරූ ගුවන්යානයේ ප්‍රධාන කළුපෙට්ටිය සොයාගැනීමට ඉන්දුනීසියා බලධාරීන් සමත්ව තිබේ.

ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන්කරමින් තිබූ මෙම යානය ගුවන්ගතවී පැයක් පමණ ගතවූ තැන රේඩාර් තිරයෙන් අතුරදන්ව ගියේය.එය හා සබඳතා ඇති කර ගැනීමට බළධරයින් දැරූ උත්සාහයන් සියල්ලද අසාර්ථක විය.

යානයේ සළකුණකුදු සොයාගත නොහැකිව දින කිහිපයක් ගතවුනි.අවසානයේ මුහුද මත වූ තෙල් පැල්ලමක් නිරීක්ෂණය කිරීමේදී එය ගුවන්යානයට අයත්වූවක් බව හෙළිවූ අතර ඒ හා සමග ආරම්භ කළ මෙහෙයුම් කටයුතු වලින් මුහුද පත්ලේ තැන් තැන්හි විසිර තිබූ යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවීමත් සමග යානයට අත්වුනු ඉරණම පැහැදිලි විය.

විශේෂඥයින් පවසන්නේ යානය මුහුද හා ගැටීමේදී පුපුරා ගොස් ඇති බවක් පෙනෙන බවයි.යානයේ කුටීරයේ වූ වායු පීඩනය අඩු කිරීමට නියමුවාට නොහැකිවීම නිසා මෙසේ යානය පුපුරා යන්නට ඇතැයි සිතිය හැකි බව ඔවුන් කියයි.

සොයාගනු ලැබ ඇති කළු පෙට්ටියේ දත්ත අනාවරණය කර ගැනීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි සඳහන්ය.එම දත්ත වලින් ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා ගුවන්යානයේ සම්බන්ධතාවය ගිලිහුණු පසු යානයේ නියමු කුටියේ සිදුවූ සංවාදයන් කවරේද,නියමුවන් ගත් තීරණ මොනවාද ආදී තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දුනීසියා ගුවන් බළධරයින් සිටී.

දෙවන කළු පෙට්ටියක්ද සමුව තිබෙන අතර එය විනාශවූ යානයේ සුන්බුන් තොගයක් අතර සිරව තිබෙන හෙයින් පිටතට ගැනීමට අපහසුවී ඇති බව පැවසේ.

මේ වන විට යානයේ ගමන් කළ මගීන් 48 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගෙන ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරී තිබේ.ඉතිරි මගීන් යානයේ ප්‍රධාන කුටියේ සිටින බවට සැකකෙරෙන අතර එම ප්‍රධාන කුටිය සහිත ගුවන්යානා කොටස සොයාගෙන ඇතත් ඒ ආසන්න මුහුදේ ඇති ප්‍රබල දියවැලක් නිසා එය වෙත ළගාවීම කිමිදුම්කරුවන්ට දුෂ්කරවී ඇත.

ඉන්දුනීසියා බළධරයින් පවසන්නේ ඉක්මනින්ම මළසිරුරු ගොඩට ගත නොගතහොත් ඒවා විනාශවීමේ අවදානමක් තිබෙන බවයි.ගොඩට ගත් මළසිරුරු කිහිපයක්ම තිබී ඇත්තේ යන්තමින් හදුනාගැනීමට හැකි තරමට විනාශ වීය.

මෙම ගුවන්යානය එදා එම ඉරිදා දිනයේ පියාසර කිරීමට සැළසුම් කර නොතිබූවක් බවද සඳහන්ය.එම අවසරය ලබාදුන් හා නියමුවා හා සංවාදයේ යෙදුණු ගුවන්සේවා බළධරයින් හත් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත්,ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමටත් ඉන්දුනීසියා ගුවන්සේවා පාළනාධිකාරිය කටයුතු කර තිබේ.

249E673900000578-2906144-image-a-11_1421063905414 249EA1D500000578-2906144-image-a-1_1421052130488 249FA9E100000578-2906144-image-a-3_1421055688037 249FE8A600000578-2906144-image-a-8_1421061287974 249FFA4A00000578-2906144-image-a-3_1421060776566



අදහස් (0)

මලයාසියා යානයේ කළු පෙට්ටිය සොය ගනී

අංජන ගිහාන් Tuesday, 13 January 2015 06:42 AM

මොනා කරන්නද දැන් ඉතින් (නදී)

:       0       0

වික්ටර් Tuesday, 13 January 2015 04:56 PM

මෙම කළු පෙට්ටිය සොයා ගත්තේ රුසියානු හමුදා කණ්ඩායමක් විසින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site