අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ පිරිසක් කටයුතු කරති.
ඔවුන් පවසන ආකාරයට යානය අංශක 90 ක කෝණයකින්,එනම් සිරස්ව මුහුදට කඩාවැටී ඇතැයි සැළකිය හැකිය.එසේ සැලැකූ විට යානයේ කිසිදු කොටසක් මේ දක්වාම සොයාගත නොහැකි වීමට පැහැදිලි කිරීමක්ද සිදුකළ හැකි බව කියන ඔවුහු යානය සිරස්ව ජලය හා ගැටීමේදී අන් අවස්ථාවලට වඩා ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය අඩු නිසාවෙන් යානය නොකැඩී,නොබිදී සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී යන්නට ඇතැයි නිගමනයකට එළැඹිය හැකි බව පවසයි.
මෙම තොරතුරු ලබාගැනීමට ඔවුන් භාවිතයට ගෙන තිඛෙන්නේ සුපිරි පරිගණකයකි.යානයට අත්වන්නට ඉඩතිබූ ඉරණම සම්බන්ධයෙන් නිගමන 5 කට පමණ මුලින්ම එළැඹ තිඛෙන ඔවුහු එම නිගමනයන්ට අදාළ දත්ත සුපිරි පරිගණකයට ඇතුළත් කර යානයට අත්වන්නට ඇති ඉරණම වඩා හොදින් පැහැදිලි කර දීමේ සමත් නිගමනය තෝරාගැනීමට කටයුතු කර තිබේ.යානය අංශක 90 ක කෝණයකින් සයුරට කඩාවැටී ඇතැයි ඔවුන් පවසන්නේ ඒ අනුවය.
කෙසේවුවත් යානයේ අභිරහස හරියටම විසදාගත හැකිවනු ඇත්තේ කෙදිනක හෝ එහි කළු පෙට්ටිය සොයාගත් පසු බව ඔවුන්ද පිළිගනී.
2014 වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය එම්.එච් 370 අංක දරන ගුවන්යානය ගැන කිසිදු තොරතුරක් පුරා වසරක්ම දියත් කෙරුණු යානය සෙවීමේ මෙහෙයුම් වලින්ද සොයාගත නොහැකි විය.යානය අවසානයට දර්ශනය වූ ඉන්දියන් සාගර කලාපයේ වර්ග සැතපුම් 46300 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු දියත් කර තිබුණි.
මෙම මෙහෙයුම් කටයුතු පසුගිය සතියේ සිට අත්හැර දමා තිඛෙන අතර බළධාරීන් පවසන්නේ වසරක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකෙරුණද එකදු සාක්ෂියක් හෝ සොයාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ මෙම තීරණයට එළැඹිීමට කටයුතු කරනවා හැරෙන්නට කළ හැකි කිසිවක් තමන්ට නොතිබූ බවය.
යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නියමුවාටද චෝදනා නැගේ.ඔහු පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව යානය විනාශය කරා ගෙනයන්නට ඇතැයි මතයක්ද තිබේ.
කුමන චෝදනාව නැගුනද,කුමන න්‍යායක් ඉදිරිපත් කෙරුණද සියලූදෙනාට තේරුම්ගත නොහැකිවී තිඛෙන කරුණ වන්නේ යානය ගැන කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබීමය.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මලයාසියා යානය මූදු පතුලේ?
දිවසිරි Thursday, 11 June 2015 03:05 PM
ෆිනෑන්ස් එකෙන් උස්සලාද මන්දා? (නි)
පහන් Thursday, 11 June 2015 08:14 AM
යානය හොයාගත්තේ නැති වුනාට මොකද අඟහරු ග්‍රහයාගේ විදුරු හොයාගත්ත තමාව මන්දාකිණියක් හොයා ගත්ත විශ්වයේම තියන ග්‍රහලෝක සොයා යනවා .මේ පෘතුවියට කඩාවැටුණු ගුවන් යානය හොයාගන්න බැහැ නාසා එක වහන්න ඕනේ (බ)
ටියුඩර් Friday, 12 June 2015 06:44 AM
ඇත්තටම මේකට මොකද වුණේ? (නි)
ලලිත් Thursday, 11 June 2015 03:37 PM
අර සුමනදාසගෙන් වත් ඇහුවානම්? (ර)
ලලිත් Thursday, 11 June 2015 03:39 PM
මුහුදු පතුලේ ඇති පැල්මක හෝ පැරණි ගිනි කඳු ආවාටයක පිරි ඇති මඩ පතුලට කිඳා බැස්සා වෙන්න බැරිද? (ර)
ගාමිණී Thursday, 11 June 2015 04:39 PM
අපේ ගාල්ලේ සුමනේගෙන් ඇහුවා නම් හරියටම කියයි (නි)
දිමුතු Thursday, 11 June 2015 08:45 AM
යානය යම් කිසි අපට වඩා දියුණු ජීවීන් කොටසක් විසින් පැහැර ගත්තා වෙන්න බැරිද .... (ම)
සහන් Friday, 12 June 2015 08:03 AM
දැන් මේක ගැන හෙව්වා කියලා වැඩක් තිබෙනවද? (නි)
නුවන් Thursday, 11 June 2015 09:21 AM
පහන් නසා එකෙන් කඩා වැටුන යාන ගැන සොයන්න (ම)
බණ්ඩා Sunday, 14 June 2015 02:07 PM
මම නම් කියන්නේ මේක මත්තලට ගොඩබැහැල මැදමුලනට ගෙනියන්න ඇති බෙබිලට සෙල්ලම් කරන්න ...(බ)
නුවන් Thursday, 11 June 2015 09:43 AM
කෝ මේ මැටි පහන? එයාගේ විද්‍යාවට මේක හොයා ගන්න බැරි උනානේ තාම! (ස)
සුපුන් Friday, 12 June 2015 08:20 AM
මේ යානය ගැන හොයන්න දාලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද ??? එකට විශ්ලේෂණයට අරන් තියෙන්නේ පිස්සෝ වගයක් හදපු කොම්පියුටෙර් එකක්ද??? ඒ වාර්තාව හැටියට ප්ලේන් එක මුහුදට වැටිලා තියෙන්නේ අංශක 90 කෝණයකට ලු.... ඉතින් දෙවියනේ වේගයෙන් යන යානයක් කොහොමද මුහුදට 90 කෝණයකින් වැටෙන්නේ.... එක හඳට ගිහින් ආවානම් පිළිගන්න පුළුවන්..... පුදුම විශ්ලේෂණ තමා.... (ස)
උදේශ් Friday, 12 June 2015 05:08 PM
සමහරු කියන්නේ ඇමෙරිකානු ද්‍රෝන යානා රහස් චීනය දැනගනාවට ඇමරිකාව කරපු සුපිරි මෙහෙයවීමක් කියල..හොයල බලන්න චීන ඉංජිනේරුවන් කීයක් මැරුණද ..ඒ මොනවගේ අයද කියල...-රාජ්- (ස)
නිලන්ක Thursday, 11 June 2015 06:52 PM
මම නම් මේ යානයට සිදුවුණ දේ ගැන මොකුත්ම හිතන්න යන්නෙ නැහැ (නි)
පුබුදු Friday, 12 June 2015 08:49 AM
මම නම් හිතන්නේ සුක්ෂමව මේක ගොඩබා ගත්ත කියලයි. මොකද මේකේ ඇතුලේ සුපිරි මොළ ටිකක් හිටියනේ.(ම)
මලයසිඅ Monday, 15 June 2015 04:38 AM
මේ යානයේ ගෙනිච්ච ටොන් එකක් බර භාණ්ඩේ මොකක්ද කියල තාමත් හරියට කිවේ නෑ. ඇමරිකාවට අයත් යුධ උපකරණයක් චීනෙට ගිය කියලනේ කියන්නේ. එක නිසා උඩු ගුවනෙම යානය කුඩා අංශුවලට වෙනකම් කුඩු වෙන්න වෙඩි තිබ්බ කියල තම කට්ටියක් කියන්නේ. ඉතින් කොහෙද කැලි හොයන්නේ. (ම)
සමන් Thursday, 11 June 2015 09:01 PM
මුහුදු පතුලේ තිබෙන තෙල් නිධි සොයාගන්නා තරමට අද තාක්ෂණය දියුණුවට පත්ව ඇති වකවානුවක මේ ගුවන් යානය සොයාගැනීමට නොහකිවිම මහත් පුදුමයක්. මිනිසෙකුගේ රුධිර සාම්පලයකින් එම මිනිසා සිටිනතැන සෙවිමට තරම් දියුණුව ඇති ඇමරිකන් යුද තාක්ෂණයටද මෙය සොයාගැනිමට නොහැකිවීම මහත් අරුමයක්ම තමයි (නි)
සංජීව Thursday, 11 June 2015 10:44 AM
මහින්ද මහින්දගේ පුතාගේ රොකට් ඒකෙ හිරවෙලා (බ)
සමන්ති Friday, 12 June 2015 01:05 AM
ලලිත්, අර සුමනදාසගෙන් නොවේ බණ්ඩාර හොයලා ඇහුවා නම් හරි. අපි එයාව හොයන්න සුමනදාසට කියමු. (නි)
ලසිත ගුණරත්න Friday, 12 June 2015 01:58 AM
මම නම් හිතන්නේ කොහේහරි ගොඩබිමකට ගොඩබාලා ඇති කියලයි (නි)
ප්‍රශීන් Friday, 12 June 2015 02:25 AM
දිමුතුගේ කතාව ගැන නම් හිතන්න පුළුවන්. එහෙම වුණාද කියලත් හිතෙනවා. (නි)
ලකී Saturday, 13 June 2015 12:09 PM
වෙච්ච දේ දන්නේ ඇමරිකාවයි චීනෙයි විතරයි සල්ලිකාරයන්ගේ ගෑණු පිටගියාට රහස් පොඩි වැඩකරන කොල්ලන්ට කියන්නේ නැහැ (බ)
අසේල Friday, 12 June 2015 03:07 AM
මේ ගැන හරියටම දන්නේ සීඅයිඒ එක..(බ)
තරංග Thursday, 11 June 2015 06:25 AM
හොයාගන්න බැරිවුණාම විකාර කියවනවා. ඇයි මේ යානය අභ්‍යවකාශයේ ඉඳලා ආ එකක්ද අංශක 90 ක කෝණයකින් මුහුදට වැටෙන්න...??? (නි)
පෙරේරා Friday, 12 June 2015 12:57 PM
මෙච්චර දියුණු ලෝකයක මේ යානයට කුමක් වුවාද යන්න සොයා ගන්න බැරි වුණ එක තමයි ලොකුම ප්‍රශ්නය.(හේ)
නුවන් Thursday, 11 June 2015 01:08 PM
තරංග නොදන්න දේවල් කියන්න එපා. නියමුවාට ඔනෑනම් අංෂක 90 නෙමේ 100 හරි යානය වැටීමට සලස්වන්න පුලුවන්. නියමුවා විසින් සියදිවි හානිකර ගැනීමක් වෙන්න ඔනෑ.. (ර)
සරත් Friday, 12 June 2015 04:36 AM
දෙවියෝ දනී අපි නොදනී (නි)
ගමගේ Thursday, 11 June 2015 07:34 AM
අපේ චන්දරේ අයියා මොකද දන්නේ නැහැ දැන් මේ ගැන කියන්නේ ? (ම)
ගුණවර්ධන Friday, 12 June 2015 05:09 AM
ඕකත් උස්සන්න ඇත්තේ අරය තමයි කර්ල්ටන් වත්තේ බෙලුවනම් ෂුවර් එකටම ඇති.(ම)
ලක්මාල් Friday, 12 June 2015 05:20 AM
බටහිර ගණන් කාරයෝ ඉතින් තමන්ට මොකක් හරි හොයා ගන්න බැරි උනොත් මොකක් හරි මගුලක් කියල ලැජ්ජාව වහ ගන්න හදනවා ..ලජ්ජා හිතෙනවා නේද යාලුවනේ (ම)
සුසිලා ජයන්තිමාල Thursday, 11 June 2015 02:25 PM
මේ යානයට කිසිදු අනතුරක් වී නැතිබවයි මට නම් හිතෙන්නේ (නි)
ගාල්ලගේ Friday, 12 June 2015 05:29 AM
මෙම යානය පැය විසි හතරෙහිම ක්‍රියාත්මක චන්ද්‍රිකා වලින් එකකටවත් හසුනොවී තියෙන්න බැහැ. (නි)
ප්‍රදීප් Thursday, 11 June 2015 07:50 AM
යානය කඩා වැටුනා නොව එම කෝණයෙන් මානසික අවුලෙන් පෙළුන ගුවන් නියමුවා යානය කිඳා බැස්සුවා වෙන්න බැරිද? ඊටපස්සේ අධි පීඩනයෙන් ආ වතුර වලට යානය නොකැඩී තෙරපුණා. (නි)