IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මලාලාගේ හිසට කළ සැත්කම් සාර්ථකයි

බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ බර්මින්හැම්හි ක්වීන් එලිසබත් රෝහලේ දී 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා පසුගියදා යළිත් වරක් සැත්කමකට භාජනය කෙරුණු අතර එය සාර්ථක වූ බව ඇගේ වෛද්‍යවරු පවසති.
පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමියකු මලාලාගේ හිසට වෙඩි තැබුවේ ඉකුත් වසරේ දෙසැම්බරයේදීය.
වෙඩි පහරින් හිස් කබලට හානි සිදුවූ අතර මලාලාගේ එක් කණක් නෑසී ගියේය.
වෛද්‍යවරු ඇගේ හිස් කබලට ටයිටේනියම් තහඩුවක් බද්ද කළ අතර ඇයට ඇසීම යළි ලබා දීමට ද සැත්කමක් සිදු කළහ.
මලාලා පාකිස්තානයෙන් බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගෙන ඇයට ප‍්‍රතිකාර ලබා දීම සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ පූර්ණ අනුගහයෙනි.

මලාලා දැරිය ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍ය මංජි සමඟ

 



අදහස් (0)

මලාලාගේ හිසට කළ සැත්කම් සාර්ථකයි

රීටා Wednesday, 06 February 2013 05:21 PM

මොකක්ද අනේ මේ පන්ති බේදය කියන්නේ.(නදී)

:       0       0

සුභසිංහ Wednesday, 06 February 2013 05:22 PM

පන්තිබේදය දොස්තරලා ගාව විතරක් නෙමෙයි ලංකාවේ හැම ආයතනයකම ඔඩු දුවලා තියෙන්නේ.(නදී)

:       0       0

සූකිරි Wednesday, 06 February 2013 05:22 PM

පන්ති බේදේ නැති රටක ඉපදෙන්න කොච්චර වාසානාවන්ත වෙන්ට ඕනද? (නදී)

:       0       0

පාර්වතී Wednesday, 06 February 2013 05:23 PM

පන්ති බේදේ නැති රටක ඉපදෙන්න පින් කරන්න ඕනෑ. (නි)

:       0       0

පද්මා Wednesday, 06 February 2013 05:23 PM

මොනවද මේ පන්ති බේදය කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 05:46 PM

ලංකාවේ දොස්තරලාට දොස් කියන්න එපා.ඔ හොම පත්තරයේ තිබුනට එංගලන්තයේ බේත් ටිකක් ගන්න ගිය දවසක තේරෙයි, ලංකාවේ රෝහල්වලින් නොමිලේ දෙන බෙහෙත්වල වටිනාකම.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 06 February 2013 05:47 PM

නැති බැරි කමත් වලිගය නැති ගොනා වැනී.(නදී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 05:53 PM

අපේ දොස්තරලා සහ රෝහල් හෑල්ලු කරන්නේ අපේ අයමයි.මෙයතමා අපගේ මනසේ ඇති සුදු මානසික ශාපය. මේ දොස්තරත් ඉන්දියන් ජාතිකයෙක් වෙන්න  පුලුවන්.(නදී)

:       0       0

මාර්ක් Wednesday, 06 February 2013 05:55 PM

මෙතන දොස්තර ගැන කතාවක් නැහැ. ලෙඩා ගැන විතරයි කියවන්නේ. (නි)

:       0       0

සුසන්ත Wednesday, 06 February 2013 12:13 PM

මිහිපිට දෙවිවරු (ස)

:       0       0

ලාල් Wednesday, 06 February 2013 06:14 PM

පරිස්සම් වෙන්න. ඔබ නැවතත් ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් වේවි.(නදී)

:       0       0

පහන් Wednesday, 06 February 2013 06:36 PM

මලාලා යුසෆ්සායි වැනි නිර්භීත මුස්ලිම් කාන්තාවක් හා ටස්ලිමා නස්රීන් වැනි ලේඛිකාවක් ලංකික මුස්ලිම් කාන්තාව තුලින් බිහිවේවා ! (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 02:09 PM

මේ ඡායාරූපය පලකිරීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 11:14 PM

කොහොමත් ඉස්ලාම් ධර්මය අදහන්නාවු එඩිතර සූක්ෂ්ම බුද්ධියෙන් යුත් සුවිනීත චිත්ත පාරිශුද්ධියෙන් පුර්ණ වු මුස්ලිම් කාන්තාවන් අතීතයේ මෙන්ම වර්ථමාන ලෝකයේද අපට දැකගැනීමට හැකිවීම පුදුමයට කාරණාවක් නොවේ. (නි)

:       0       0

සෙනවි Wednesday, 06 February 2013 03:24 PM

අපේ දොස්තරලත් මෙහෙමම තමයි ආඩම්බර නැහැ. නොදන්න අය පුද්ගලිකව චැනල් කරලා ගිහින් බලන්නකෝ, නැත්නම් පුද්ගලකි රෝහලක නවතින්නකෝ. අතරින් පතර ඉන්න හොද අය සමාවන්න ඕනි. (ස)

:       0       0

ජනා Wednesday, 06 February 2013 03:44 PM

අපේ දොස්තරලට බනිනවට මම කැමති නෑ ..ඔවුන්ද විශ්ෂ්ඨයි (ස)

:       0       0

චූලා Wednesday, 06 February 2013 10:33 AM

අපේ රටෙත් දක්ෂ දොස්තරලා ඉන්න බව ඇත්ත. ඒත් බලන්න මේ දොස්තර මහත්තයා රෝගියොත් එක්ක සුහඳව සිනාවෙලා ඉන්න අපූරුව (ස)

:       0       0

මාලක Wednesday, 06 February 2013 10:33 AM

දොස්තර ඉන්නේ හරියට ලෙඩාගේ යාළුවෙක් වගේනේ (ස)

:       0       0

රූප Wednesday, 06 February 2013 10:34 AM

දොස්තර මහත්තයා හරිම නිහතමානියි... කිසිම පන්ති‍ භේධයක් නෑ වගේ (ස)

:       0       0

ශීලා Wednesday, 06 February 2013 10:35 AM

බලන්න මේ දොස්තර මහත්තයා කිසිම පන්ති භේදයක් නැතිව ලෙඩත් එක්ක හිනා වෙවී ඉන්න හැටි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site