IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණයක්

බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රාජ්‍යයේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, කැරැලිකාර හමුදා සෙබළුන් එරට ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේදී ජනපතිවරයා බේරී පලා ගියේය. කැරැලිකාර හමුදා මාලී ජනාධිපති අමාදු ටුමානී ටූරේට අභියෝග කරමින් බාමාකෝ නුවර පිහිටි ජනපති මන්දිරය වැටලූවේ පෙරේදා (21) රාති‍්‍රයේය. එම අවස්ථාවේදී ජනපති මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්, කැරැලිකාර හමුදා භටයන්ට වෙඩි තබා ඇති අතර දෙපිරිස අතර පැය කීපයක් තිස්සේ වෙඩි හුවමාරු පැවැතිණි. එම වෙඩි හුවමාරුව මැද ජනපති ටූරේ, ජනපති මන්දිරයෙන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. ජනපතිවරයා ආරක්ෂිතව පිටව ගිය වහා මන්දිරයේ ආරක්ෂාවට සිටි සෙබළුන් ද පසු බසින්න වූ අතර, කැරැලිකාර හමුදා භට පිරිස් මන්දිරයේ බලය අල්ලා ගත්හ. කැරැලිකාර සෙබළු ඊයේ (22) උදෑසන එරට විදේශ ඇමැති සොමෙයිලෝ බොබේයේ මායිගා සහ අභ්‍යන්තර කටයුතු ඇමැති කෆෝහූනා කෝනේ අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී හමුදාව කියා සිටියේ රටේ පාලන බලය තමන් යටතේ පවතින බවය. මේ වනවිට රට පුරා ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ. රටේ සාමය ස්ථාපිත කිරීමට වගබලා ගන්නැයි ප‍්‍රංශ රජය මාලි හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත. මාලී රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි. ජනපති අමාදු ටුමානී ටූරේ



අදහස් (0)

මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1933 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site