පාකිස්තාන හිටපු ජනපති නවාස් ෂරීෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම, පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ නවාස් ෂරීෆ්ට පැවැරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ෂරීෆ්, පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමටත්, නව රජයක් පිහිටුවීමටත් සූදානමින් සිටී. ෂරීෆ්, පාකිස්තාන අගමැති ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ තෙවැනි වරටය.
පාකිස්තානයේ හිටපු අගමැතිවරියක වූ බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලයද මේ වන විට දීර්ඝ කරඇත.
දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමත් සඳහාය.
එහෙත් මුෂාරෆ් පාකිස්තානයේ ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු නිසාය.
නවාස් ෂරීෆ් දෙවැනි වරට අගමැති ධුරයට පත් සිටියේ, 1997 සිට 1999 තෙක් කාලයේය. එය අවසන් වුණේ හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත‍්‍රණයෙනි.
දුෂණ චෝදනා එල්ල කරමින් ෂරීෆ් දිවි ඇති තෙක් සිරගත කිරීමට මුෂාරෆ් උත්සහ කළ ද එය අසාර්ථක විය. 1999 වසරේ ෂරීෆ් මෙන් නොව මුෂාරෆ් පාකිස්තානයේ අතිශයින් ජනපි‍්‍රය චරිතයක් විය.
දුෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත් ෂරීෆ් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුෂාරෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම නවාස් ෂරීෆ්ට
අමිල Saturday, 18 May 2013 02:32 PM
තිත්තයාගේ වාරේ. (ස)