IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ

මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් වසර කෝටි 10ට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මඩ සහිත භූමියක ඇවිද යාමෙන් පසු එම ප්‍රදේශය උණුසුම්ව වියළී යාමෙන් පසු මේ අඩි සළකුණු අද දක්වාම ඉතිරිවී ඇතැයි පර්නට් කෞතුකාගාරයේ පර්යේෂකයන් පිරිසක් කියති.

තාරාවුන්ගේ පාද වැනි පාද සටහන් අති විශාල ප්‍රමාණයක් මෙහි දැකිය හැකි අතර පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්තනි ෆ්‍යුරිලෝ පවසන්නේ ලොව මෙතෙක් දක්නට ලැබුණු වඩාත් හොඳින් සුරක්ෂිතව ඇති ඩයිනෝසර් පාද සටහන් සමූහය මෙය බවයි. අතීතයේ මිහිපිට සැරි සැරූ දැවැන්ත සත්ත්වයකු වන හාඩ්‍රොසා්රස් නමැති විශේෂයේ සතුන් විශාල සංඛ්‍යාවකගෙන් යුතු රංචුවක් ඇවිද යාමෙන් මේ පා සළකුණු ඇතිවී තිබේ.

 පර්යේෂකයන්ගේ මතය වන්නේ එම ස්ථානය අතීතයේ මඩ සහිතව තිබී ඇති බවයි. දැනට පාෂාණිභූත වළවල් සේ දිස්වන මේ අඩි සළකුණුවල දිග පළල හා සටහන් වී ඇති ගැඹුර අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත්තේ විවිධ වයස් කාණ්ඩවලට අයත් හාඩ්‍රොෙසා්රස් සතුන් රංචුවක් මේ ස්ථානයෙන් ගමන් කර ඇති බවයි.

ආචාර්ය ෆ්‍යුරිලෝ මෙසේ කියයි.

‘‘ මේ සතුන්ගේ අඩි සළකුණු මෙතරම් හොඳින් සුරක්ෂිතව තිබීම පුදුම සහගත දෙයක්. අපිට මේවා අධ්‍යයනයෙන් ඔවුන් ජීවත් වූ පරිසරයේ යථා ස්වරූපය අවබෝධ කැර ගත හැකියි. මේ අඩි සළකුණු අනුව පෙනෙනවා ඔවුන් මේ ස්ථානයේ නිදහසේ ඇවිද ගිය බව. ඒ වගේම ආක්ටික් ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුව ඇති ආකාරයත් මේ අනුව තේරුම්ගත හැකියි.

 



අදහස් (0)

මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ

පිටබැද්දර ජයා Sunday, 13 July 2014 03:08 AM

අනේ මන්ද මෙයාල කියනවා. අපි අහනවා. (ස)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 06:26 AM

වසර කොටි 10ක් කියල කොහොමද අනේ මෙයාල හරියටම කියන්නේ.... අරකියුවත් වගේ එයාල කියනවා අපි අහනවා.... (ස)

:       0       0

උපුල් සමන්ත Sunday, 13 July 2014 12:45 PM

රවීන්ද්‍ර, පරමාණු වල අර්ධ ආයුකාලය මගින් කාලය නිස්චිතව ගනණය කල හැකිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 118 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1222 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 194 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1495 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 257 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 156 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site