IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මිහිමත ජීවය අනතුරේ

පෘථිවිය මත ජීවය මහා විනාශයකට මුහුණ පා ඇතැයි ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල තුනක් මගින් කරන ලද අධ්‍යයනයක දී හෙලිදරව් වී ඇත. මෙහි වැඩිම අවධානයකට පත්ව ඇත්තේ කොඳුඇට පෙළක් සහිත සතුන් හෙවත් පෘෂ්ඨවංශී සතුන්ය.

ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ්, ප්‍රින්ස්ටන් සහ බර්කිලේ යන විශ්වවිද්‍යාල මේ අධ්‍යයනය සිදුකරන ලදී. ඔවුන් පෙන්වාදෙන්නේ පෘථිවිය මත ජීවීන් වඳවීයාමේ හයවැනි අවස්ථාව සිදුවෙමින් පවතින බවයි.

මෙලෙස වඳවීමක් සිදුවූ අවසන් අවස්ථාව වසර ලක්ෂ 650ට පෙර සිදුවූ බවත් එකළ මිහිතලයේ සිටි ඩයිනෝසරයන් වඳවී ගිය බවත් විද්‍යාඥයෝ කියති. විශාල උල්කාවක් පෘතිවියේ ගැටීමෙන් ඒ විනාශය සිදුවූ බව නූතන පිළිගැනීමයි.

විද්‍යාඥයන් පවසන්නේ දැන් සිදුවෙමින් පවතින වඳවීම සිදුවුවහොත් යළි ජීවය අද පවතින තත්ත්වයට පත්වීම සඳහා වසර ලක්ෂ 10,000ක් පමණ ගතවනු ඇති බවයි.

 



අදහස් (0)

මිහිමත ජීවය අනතුරේ

රනුක Thursday, 25 June 2015 01:25 AM

යහපාලනය නම් ඉතුරුවෙයි (නි)

:       0       0

සුමිත් Wednesday, 24 June 2015 09:19 AM

මේකට හොදම විසදුම ඇමරිකාවට ලංකාවෙන් ඉගෙන ගන්න පුළුවන්.(හේ)

:       0       0

මංජුල Wednesday, 24 June 2015 09:28 AM

මේ විනාසයට මුහුණ දීමේ ක්‍රම වේදය අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් හඳුනා ගත්තේ මීට වසර 67 කට පෙර අපේ මේ ප්‍රධාන දේශපාලන ප්‍රධාන වලට ඇති දුරදක්නා නුවන නිසා. ජයවෙවා ! ජයවේවා! (ර)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 24 June 2015 02:33 AM

ඇතිවෙන සියලු දේ නැතිවීම, සංස්කාර ධර්මයයි! (නි)

:       0       0

සුනිල් Wednesday, 24 June 2015 10:22 AM

මොකක්ද මේ වාර්තාව. මොකක් හින්දා ද වදවෙන්නේ කියල අපිට තමයි හොයාගන්න වෙන්නේ.(ම)

:       0       0

ජයනාත් ශ්‍රී Wednesday, 24 June 2015 11:18 AM

මේක ඇමරිකන් කතාවක්ම තමයි. වඳ වෙන්නේ කොහොමද කියල නැ. ඒ උනාට නැවත ජීවය ඇති වෙන්න යන කාලය එහෙම ගණනය කරලා තියෙනවා. (ර)

:       0       0

ක්ලිෆර්ඩ් Wednesday, 24 June 2015 03:45 AM

මාව ඉතුරු උනොත් ඇති (නදී)

:       0       0

මාලා Wednesday, 24 June 2015 03:50 AM

අපිට නං බය වෙන්න දෙයක් නැහැ. කොඳු අැට පෙළක් තියෙන සත්තුන්ටනේ ඕක බල පාන්නේ. (නදී)

:       0       0

තිස්ස Wednesday, 24 June 2015 04:08 AM

සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය (ම)

:       0       0

ලක්මාල් Thursday, 25 June 2015 05:27 AM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට කිසි දෙයක් වෙන එකක් නෑ.. (ම)

:       0       0

ආනෝල්ඩ් Wednesday, 24 June 2015 04:25 AM

අපෝ! ලංකාවේ ඒ කට්ටිය නැතිවෙලා කොච්චර කල්ද? (නි)

:       0       0

සමරේ Wednesday, 24 June 2015 04:30 AM

අපිට නම් මැරුණත් සතුටුවෙන්න පුළුවන්. (නි).

:       0       0

සදුන් Wednesday, 24 June 2015 02:01 PM

බුදු දහමෙත් මේ ගැන කියලා තියෙන්නේ.(හේ)

:       0       0

රූපවතී Wednesday, 24 June 2015 05:20 AM

එතකොට අපේ රටේ මෙපමණ කාලයක් ජීවත්වුණේ කොඳු ඇට පෙළක් නැති අයද? අනේ එතකොට සේරම ගැඩවිලෝ? දෙවි හාමුදුරුවනේ..???? (නි)

:       0       0

ගයාන් Wednesday, 24 June 2015 05:54 AM

අපිට අවුලක් නෑ, මොකද අපේ ගොඩක් අයට කොදුඇට පෙළ නෑ (බ)

:       0       0

සඳුන් Wednesday, 24 June 2015 05:56 AM

සාමාන්‍ය මිනිස්සු කොහොම වුණත් අපේ පාර්ලිමේන්තුවේ කට්ටියනන් ඉතුරුවෙයි (ම)

:       0       0

අමරවීර - බෙන්තොට Wednesday, 24 June 2015 06:07 AM

ඔය වගේ කිව්වා 2012 ලෝකය විනාශ වෙනවා කියලා. පට්ට බොරු. මිනිස්සු පිස්සෝ කරන බහු බුත කතා. වෙන දෙයක් උනාවේ. හිත,හිත එක එක දේවල් කියනවා. වැඩක් තියෙන්නත් ඕනේ නේද ? (නදී)

:       0       0

රවී Thursday, 25 June 2015 06:50 AM

ලංකාවෙ නම් පෘෂ්ඨවංශිකයන් වඳවෙලා ඉවරයි. දැන් ඉන්නේ පිට කොන්දක් නැති උදවිය (නි)

:       0       0

සුනිල් Wednesday, 24 June 2015 05:27 PM

මුහුදට හත්ගව්වක් දුර තියනවා කිවුවකතාව අහලා ගණන් ගන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. (නි)

:       0       0

සජී Thursday, 25 June 2015 09:00 AM

දර්මය කියන්නේ සොබා දර්මයට සොබා දර්මය අයිති අනිත්‍යයට (නදී)

:       0       0

රෝහණ Wednesday, 24 June 2015 08:10 AM

මේක 2012 ලෝක විනාශය වෙනවා කිව්වා වගේ තවත් කතන්දරයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1683 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site