IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි

ඉංජිනේරුවකු වූ ‍ටාල් ‍ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවයි. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය හෙවත් ටිකෙන් ටික විශාල වෙමින් තිබිණි. මේ රෝගය හේතුවෙන් ඔහුගේ රුධිරය දියරමය තත්ත්වයෙන් තබා ගැනීමට මුළු ජීවිත කාලය ම ඖෂධ ලබාගැනීමට සිදුව තිබිණි.

වෛද්‍ය විද්‍යාව නොදත් හෙතෙම සිය ඉංජිනේරු දැනුම උපයෝගී කැර ගනිමින් හදවතට අවශ්‍ය උපකරණයක් නිපදවූයේය. ඒ දැල් සහිත පොලියෙස්ටර් වැස්මකි. මේ උපාගය යොදා සිය මහ ධමනිය ප්‍රසාරණය වීම වැළැක්විය හැකිවන බවත් මහ ධමනිය එයින් ආවරණය කරන ලෙසත් ඔහු වෛද්‍යවරුන‍්ගෙන් ඉල්ලා සිටියේය. ටාල් ගේ පෙරැත්ත කිරීම අවසානයේ වෛද්‍යවරු පිළිගත්හ. ශල්‍යකර්මය සිදුකැරිණි. දැන් ටාල් සුවය ලබා ඇත. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය වීම ද නැවතී තිබේ. වෛද්‍යවරු පවසන්නේ මේ ඉංජිනේරුවා සෑදූ උපකරණය හදවතේ මහ ධමනිය ප්‍රසාරණය වීමේ මාරාන්තික රෝගයට ගොදුරුවී සිටිනි රෝගීන්ට සුදුසු ප්‍රතිකර්මයක් බවයි. වෛද්‍යවරු එම උපකරණය යොදා වයස අවුරුදු 16 ක් තරුණයකු ඇතුළු 40 දෙනකු දැනටමත් සුවපත් කළ බව වෛද්‍යවරු කියති.

මේ උපකරණය ගැන තොරතුරු පවසන ගොලස්වර්ති ලොව පුරා ශල්‍යවෛද්‍යවරුන්ට මෙහි සාර්ථකත්වය දැනුම් දෙමින් සිටියි. බ්‍රිතාන්‍යයෙන් පමණක් ජානමය හේතූන් නිසා අසාමාන්‍ය ලෙස අස්ථි වැඩීම සමහ පටක වර්ධනය වන රෝගීන් 12,000 ට වැඩි පිරිසක් සිටින බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි.

සාමාන්‍යයෙන් මහ ධමනියේ අගල් එකහමාරක් පමණ විශ්කම්භයකින් යුක්තය. රෝගය හේතුවෙන් එය අගල් හතරක් පමණ පළල්වේ. එවිට මහ ධමනිය පුපුරා යාමෙන් හා රුධිරයේ දියරමය ස්වභාවය අඩු විමෙන් මරණය සිදුවේ. මෙවැනි රෝගීන්ගේ මහ ධමනියේ ප්‍රමාණය ස්කැන් පරික්ෂාවකින්  තීරණය කැර රෝගියාට අවශ්‍ය පරිදි මේ  උපාංගය නිර්මාණය කරයි. එලෙස සාදන උපකරණය සැත්කම මගින් මහ ධමනියට සවිකැර පුතිසංස්කරණය කරයි. මහ ධමනිය දුර්වල විමට පෙර මෙම සැත්කම කිරීම අත්‍යාවශ්‍ය කරැණකි.



අදහස් (0)

මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි

චානක Sunday, 24 November 2013 08:32 AM

අපේ අය කෙරුවොත් ඔහොම තමයි ඉතින්.(නදී)

:       0       0

ජෝස් Saturday, 23 November 2013 04:52 PM

බෙල්ජියම කියන රට තම ලෝකේ බොහෝ දේවල් ඉක්මනට හොයා ගන්නේ,මෙම රටේ තම මිනිසුන්ට මැරෙන්න ඕනෙනම් එයාලට එක තීරණය කරන පුළුවන්,නමුත් එයට කීප දෙනෙකුගේ අවසරය අවශ්‍ය වෙනවා,හොද කල නොහෙකි රෝගයක් වැනි අවස්ථා වලදී,(ස)

:       0       0

නිමල් Sunday, 24 November 2013 11:58 PM

මරුනේ, ලොකු වෙනවට ටොප් වැඩක් තමයි. (නදී)

:       0       0

නීලා Sunday, 24 November 2013 10:29 AM

වෛද්‍ය විද්‍යාවේ නිෂ්පාදන ඉන්ජිනේරුවන්ගෙන්. නමුත් ආදායම වෛද්‍යවරුන්ට.(නදී)

:       0       0

චන්දි Sunday, 24 November 2013 10:55 AM

කොච්චර වටිනා වැඩක්ද?  දොන් සේතන්, හංගලම තියන්න ඕන නැහැ අහු වුනත් ඇප මත ඉක්මනින් නිදහස් වෙන රටකනේ අපි ඉන්නේ (නදී)

:       0       0

දියෝ Sunday, 24 November 2013 10:57 AM

තුවාලේ තියෙන කෙනා තමයි වේදනාව දන්නේ. දීර්ගායුෂ ලැබේවා.(නදී)

:       0       0

ස්වර්ණසිංහ Saturday, 23 November 2013 11:07 AM

අසරණ රෝගීන්ට හොද ආරංචියක්(නදී)

:       0       0

ප්‍රී Saturday, 23 November 2013 11:16 AM

ඉතා වටිනා වැඩක්. ඔබ අමරණිය පුද්ගලයෙක්. සුබ පැතුම්(නදී)

:       0       0

ඉරේෂ් සුහද කුමාර Saturday, 23 November 2013 11:58 AM

හරි විශිෂ්ට වැඩක් ,අගය කරනවා .(නදී)

:       0       0

නිල් Sunday, 24 November 2013 07:29 PM

ඉස්සරහට ලෙඩ්ඩුන්ටම තමයි මැෂින් හදා ගන්න වෙන්නේ. (නදී)

:       0       0

නිමල් Saturday, 23 November 2013 12:31 PM

හරිම පින්. ඔබට දීරුඝායුෂ පතමි. ලෝකෙට වැඩක් කරනවා කියන්නේ මේ වගේ දේවලටයි.(නදී)

:       0       0

විජේ Saturday, 23 November 2013 01:50 PM

ඇත්තටම හරිම විශිෂ්ඨයි, අමරණීයයි.(නදී)

:       0       0

කුමාර Saturday, 23 November 2013 02:17 PM

බොහොම හොද වැඩක්. හැබැයි අනුරාධපුරේ ඉන්නවා ඇට කලි පස්සන සිංහල වෙදමහත්වරු. අයි මේම වෙදකම ලෝකයට ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ! ඇස්ගෙඩි වලට හෙගහලද බලදරයන්ගේ.... ! (අ)

:       0       0

රෝයි Saturday, 23 November 2013 02:36 PM

ඕක කවදාවත් හරි යන්නේ නැහැ (නදී)

:       0       0

දොන්සේතං Sunday, 24 November 2013 02:33 AM

අපිත් හැදුවා පෙරන මැෂිමක්. ඒක බලන්න කවුරුත් එන්නෙ නැහැනේ. ආවොත් එන්නේ පොලිසියනේ. ඒ හන්දා ඒකත් හංගලා තියෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 November 2013 06:45 AM

දොන් සේතන් , මැෂිම විතරක් හංගලා මදි මනුස්සයෝ බැරල් ටිකත් එක්කම හංගනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site