IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මළපහෙන් ගල් අඟුරු

මළපහ වලින් ගල්අගුරු නිපදවීමේ ක්‍රමයක් සොයාගැනීමට බි්‍රතාන්‍යය ජාතික විද්‍යාඥයෙක් සමත්ව ඇත.

ආර්ද්‍රෝෂ්ණක කාබොනීකරණය නමින් හැදින්වෙන ක්‍රියාවලියක් අවසානයේ මෙසේ මල අපද්‍රව්‍ය ගල් අගුරු බවට හැරවීමට මෙම ක්‍රමයෙන් හැකි බව සදහන් වේ. මළ අපද්‍රව්‍ය පමණක් නොව ඕනෑම ආකාරයක කාබනික කැළි කසළ මේ සදහා යොදාගත හැකි යැයි පැවසේ.

අපද්‍රව්‍ය වලින් ගල් අගුරු සෑදිීම ආචාර්ය ඩොමිනික් පියුස්ගේ සොයාගැනීමකි. ඔහු ප්‍රධානත්වය දරන ඇන්ටැකෝ නම් සාමාගම මෙම වසරේ මාර්තු මාසය වන විට බ්‍රිතාන්‍යයේ ප්‍රථම කාබනික අපද්‍රව්‍ය ගල් අගුරු බවට හරවන යන්ත්‍ර සහිත කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ඇත.

කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සදහා බ්‍රිතාන්‍යය රජයෙන්ද පවුම් ලක්ෂ 10 ක මුදල් ආධාර ලබා දී තිබේ.

කාබනික අපද්‍රව්‍ය සෙල්සියස් අංශක 200 ක පමණ උෂ්ණත්වයකදී හා බාර් 20 පමණ පීඩනයකදී ගල් අගුරු බවට පත්වේ.මෙය පෘථීවි අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක් අතර අද අප භාවිතා කරන ගල් අගුරු වසර සිය ගණනක් මුලූලේලේ මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් නිපදවුනු ඒවා වේ.

නමුත් ආචාර්ය ඩොමිනික් පවසන ආකාරයට ඔහුගේ ක්‍රමයෙන් ගල් අගුරු නිපදවා ගැනීමට ගතවන්නේ පැය කිහිපයකි.

ස්වභාවධර්මයා නිපදවා දෙන ගල් අගුරු වල සල්ෆර් අඩංගු වුවත් මෙම ගල් අගුරු වල සල්ෆර් අඩංගු නැති බව සදහන්ය.සල්ෆර් යනු දහනයේදී විෂ වායු නිකුත් කරන්නක් වන අතර මෙම ගල් අගුරු දහනයේදී එවන් අවදානමක්ද නොමැති වනු ඇත.

තවද මෙම ගල් අගුරු කිසිත් ගැටලූවක් නොමැතිව දැනට තිඛෙන ගල් අගුරු බලාගාර වලට යොදාගත හැකි යැයිද ඔහු කියයි.



අදහස් (0)

මළපහෙන් ගල් අඟුරු

ශානි Monday, 27 January 2014 03:36 PM

සුවඳ කර කර ගල් අගුරු ගන්න දවස් කියක් පීඩනය දෙන්න ඕනෙද? (නදී)

:       0       0

සිංහ Monday, 27 January 2014 06:07 AM

එහෙනම් තමිල්නාඩුව මේකෙනුත් රන් පදක්කම ගහයි. එහෙ පාරවල් පුරාම මිනිස්සු ජරා කරන එකනේ කරන්නේ. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 29 January 2014 02:48 AM

බලාගෙන ගියාම අධෝ මුඛය ගල් අඟුරු ආකාරයක් නේ.(නදී)

:       0       0

රංග. Wednesday, 29 January 2014 08:59 PM

ලංකාවේ හෙට අනිද්දා වැසිකිලි නැතිවෙයි නේද? (නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 27 January 2014 10:17 AM

ඉදිරියේදී මළපහත් සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පොලිස් ආරක්ෂාව ඉල්ලන්න වෙනවා. (නි)

:       0       0

සුජීව Sunday, 26 January 2014 12:26 PM

ශ්‍රී ලංකාවට හොද වැදගත් ආයෝජනයක්, පාරසරික සහ කර්මාන්ත අමත්‍යංශ වල ඉහල නිලදාරීන් මේ පුවත අධ්‍යනය කර ශ්‍රී ලංකා වට හදුන්වාදීම ගොඩක් වැදගත්. (නදී)

:       0       0

රොකී Wednesday, 29 January 2014 09:23 AM

චීන ආධාර ලබාගෙන මේවා එකතුකරන්න සංස්ථාවක් ආරම්භ කරමු. (නදී)

:       0       0

දිලිප් Tuesday, 28 January 2014 04:48 PM

ඕවා බටහිර කුමන්ත්‍රන නිසා අපිට එපෝ.(නදී)

:       0       0

බමුණු Monday, 27 January 2014 01:34 PM

ලංකාවට ඕව හදුන්වා දෙන්න එපා. අපි අපේ ඒවා බ්‍රිතාන්නයට යවමු නැතිනම් අපේ ඒවා නොරෝච්චිකොලේට හරවමු. (නදී)

:       0       0

අමර Monday, 27 January 2014 02:07 PM

බොලේ අද කාලේ විකුනන්න බැරි දෙයක් නැති ගානයි. නියම ප්‍රතිචක්‍රීකරණයක්.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 27 January 2014 02:25 PM

lලංකාවේ මේවා නිපදවන්න හැකි නම් දුම්රිය දුවන්නත්, නොරොච්චෝලේ යවන්නත් පුලුවන්.(නදී)

:       0       0

සෙනරත් Monday, 27 January 2014 02:43 PM

සමහර දාට මගේ මල පහ කෙලින්ම ගල් අඟුරු වෙලා තමයි එන්නේ.(නදී)

:       0       0

දර්ශා Sunday, 26 January 2014 10:34 PM

බලදාරින්ව දැනුවත් කිරීම අප සැමගේ යුතුකමයි.(නදී)

:       0       0

තිලක් Sunday, 26 January 2014 10:39 PM

නියමයි අනාගතේ දවසක ජරාව මල්ලක් දීල ගල් අගුරු මල්ලක් ගන්න පුළුවන් කර්මාන්ත ශාලා බිහිවේවි.හරියට වී මෝල් තෙල් මෝල් වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 45 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1077 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 109 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1340 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 228 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 142 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site