තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත.
දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල් මාළු ටැංකියේ මත්ස්යය වර්ග 1000 ක් පමණ වාසය කරයි.එහි ජලය ස්වයංකි්රීයවම මාරු කෙරෙන පද්ධතියක්ද ඇත.
මෙහ්මෙට් පවසන ආකාරයට මෙම නිර්මාණය සම්පූර්ණ කිරීමට ඔහුට ඩොලර් 21,000 (රුපියල් 279300 ) ක පමණ මුදලක් වැය වී ඇත.නමුත් මෙය දකින විටදී වැයවූ මුදල ගැන කිසිදු පසුතැවීමක් තමන්ට ඇති නොවන බව ඔහු කියයි.
ටැංකියේ සිටිනා මසුන් සොරකම් කර ගෙන යෑමේ අවදානමක්ද ඇති හෙයින් ටැංකිය දිවා රෑ මුළුල්ලේ ආරක්ෂක කැමරා 17 කින් නිරීක්ෂණය කැරෙයි.ටැංකියට අනවශ්‍ය පරිදි කිට්ටු විීමද කළ නොහැක.ඒ අධි සංවේදී අනතුරු හැගවීමේ පද්ධතියක්ද සවි කර ඇති බැවිනි.
මේ මාළු ටැංකි තාප්පය තුර්කියට පැමිණෙන සංචාරකයින් අතර ඉතා ජනපි‍්‍රය වී ඇත.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාළු ටැංකි තාප්පයක් තුර්කියේ
රොෂාන් සංජීව Friday, 26 July 2013 01:21 AM
ඕක මොකක්ද අර අපේ රටේ අර අහවල් එක බාරව හිටපු ඇමතිතුමා හඟුරන්කෙත පැත්තේ හැදුවේ මාලිගාවක් බිමට ටයිල් වෙනුවට මාලු ටැංකියක් දාලා මැඩම්ගේ කාලේදී. ඒ අතින් බලන කොට මේවා මොනවද?(නදී)
රූපවතී Thursday, 25 July 2013 05:39 PM
මාත් කුඩා කාලේ වැවේ වතුර හිදීගෙන යනකොට එකතුවෙන දියකඩිති වල ගමේ කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මාළු ඇල්ලුවා. අන්කුට්ටෝ, මඩාරු, ලුල්ලු, කාවයියෝ... මඩ පෙරාගෙන හිටපු වැවේ මාළු ටික ඔයිට වඩා ලස්සනයි (නි)
ජගත් Thursday, 25 July 2013 07:10 AM
මේක ලංකාවේ නම් හරියන්නේ නෑ මොකද මෙහේ ඉන්න පිස්සෝ ගල් ගැහුවොත් ඕක ඉවරයි (අ)
අසේල Thursday, 25 July 2013 07:11 AM
ගොන් නිර්මාණයක්, වාහනයක් හරි, ගලක් හරි, වෙන යම් දෙයක් ඔය වීදුරුවේ වැදුනම ඔක්කොම හරි, එක්කෝ රෑට හොරෙන් මාළු අරන් ගියොත් ඉරුණ නේද කොල්ලෝ බැනියම කියාවි. ඊට පස්සේ වැයවූ මුදල ගැන පසුතැවීමක් තමන්ට ඇති වෙයි (අ)
සිද්ධීක් Friday, 26 July 2013 04:20 AM
අසේල, ඔයා තුර්කිය ගැන දන්නවාද? ඉළ්මිර් කියන්නේ තුර්කියේ ඉස්ටන්බුල්වලට පස්සේ දෙවෙනි විශාල නගරයයි. ඉතාමත් ලස්සන වැඩිය සීතලකුත් නැති රශ්නෙකුත් නැති දැකුම් කලු නගරයක්. මෙහේ මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් එම රටවල තිබීම එච්චර පුදුම දෙයක් නෙවෙයි.(නදී)
දිසා Thursday, 25 July 2013 08:23 AM
පුදුමයි ! මේක දැකපු ලොකු උදවිය ගෙදර වටේට මාළු ටැංකි තාප්පයක් දමුයි කිව්වොත් නියමයි කියයි. එත කොට අපිට පෝලිමේ ගිහින් බලන්න පුළුවන්නේ.(නදී)
සම්පත් Thursday, 25 July 2013 08:30 AM
ලකාවේ කොහොමද ඔය වගේ එකක් රුපියල් 279300 කට හදන්නේ මම හිතන්නේ ඔය වගේ පස් ගුනයක්වත් යනවා ලංකාවේ හදනවනං (අ)
ජෙහාන් Thursday, 25 July 2013 08:48 AM
ලස්සන වැඩක් ඒත් කැත මාළු ටිකක් දාලා තියෙන්නේ.(නදී)
රාජෝ Thursday, 25 July 2013 08:57 AM
ඒක 2730000 විය යුතුයි.(නදී)
සරත් Thursday, 25 July 2013 02:36 PM
ගාණ වැරදිලාද කොහෙද? ලංකාවේ දෙන්නෙක් එක්ක දවල්ට කඩේකින් කාලා එලියට එනකොට 1000ක් වත් නැතුව බැහැ.ඔයවගේ ලස්සන නිර්මාණයක් දේශපාලනය සම්බන්ධ අයට නම් කරන්න පුළුවන් වේවි.හදන්නකෝ අපිත් බලන්න එන්න. (නි)
සම්පත් Thursday, 25 July 2013 09:11 AM
මේකේ ඉන්න මාළු කැතයි නේ.(නදී)
ෆ්‍රන්චි Thursday, 25 July 2013 07:12 PM
රූපවති , ඔය ඊරිසියාවටනේ ඔහොම කියන්නේ. ලස්සන දෙයට ලස්සන කියන්න ඔච්චර හිතන්න එපා. (නි)
ෆ්‍රැන්සි Thursday, 25 July 2013 09:42 AM
නෙතට ප්‍රිය උපදවන දර්ශනයක්. අපිටත් ඒක බලන්නවත් ලැබෙනවා නම් වාසනාවක්. ඒත් අපි එච්චර පින් කරලා නැහැ. සල්ලි තියන මිනිස්සු මැරෙන්නත් කලින් දිවිය ලෝකේ යනවා කියන්නේ ඕවට තමා. අනේ වාසනාවන්!!!!! (නි)
අරවින්ද Thursday, 25 July 2013 03:01 PM
සම්පත් ඔයා හරියට හරි. (නි)
සෑම් Thursday, 25 July 2013 03:16 PM
අසේල, ඔබගේ නොදන්නාකම නිසා අනුන්නට ගොනා කියන්න එපා. දැන් ලෝකයේ නොබිඳෙන වීදුරු වර්ග ඕනෑතරම් තියනවා. සමහර වීදුරු වලට වෙඩි පහරක් වුනත් දරාගත හැකි ය (නි)
රූමි Thursday, 25 July 2013 10:14 AM
ඔක්කොම හොදා කියමුකෝ. ඒත් මාළුවෝ ටික හොදටම අව්වේනේ ඉන්නේ. ඒකයි අප්සෙට් එක. (නි)
ෆ්‍රී Thursday, 25 July 2013 10:37 AM
අලුත් සංකල්පයක්. නුදුරු අනාගතයේදී නව විලාසිතාවක් විය හැකියි. සොදුරු දසුනක්. අනාගතයේදී නගර අලංකරණයට මෙය එන බව කිව හැකිය. (නි)
අරුණ Wednesday, 24 July 2013 11:06 PM
හොද නිර්මාණයක් (නි)
තරූ Friday, 26 July 2013 04:44 PM
ෂා... ලස්සනයි.(ස)
අසේල Thursday, 25 July 2013 09:22 PM
සෑම් උන්නැහේ ඔයාට වඩා මම රටවල ගිහින් තියෙනවා, මම වෙඩි නොවදින විදුරු ගැනත් දන්නවා (ලෙවෙල් 1,2,3) කියල තම ඒවාට කියන්නේ. මම කොහෙද මෝල් වහන්සේ ඕකට වෙඩි තියනවා කියල ලියල තියෙන්නේ කියල පොඩ්ඩක් පෙන්නනවද? (අ)
රජින්ද Thursday, 25 July 2013 11:50 AM
මේ මනුස්සය පින් කරලා තියෙනවා මෙහෙම වියදම් කරන්න හැකි ධනයක් ලබන්න. ඒ වගේම අනික් පැත්තෙන් මාළු ටික පව් කරලා තියෙනවා ඔය වගේ ටැංකියක හිරවෙලා ජීවත් වෙන්න. (නි)
ද්‍ර.ජයවීර Thursday, 25 July 2013 12:01 PM
මාලු මාලු මාලු... මේ දැන් ගෙනාපු මාලු .....තුරුකියට මාලු ගෙනාවා.... (නි)
සහස් Thursday, 25 July 2013 11:11 PM
නියමයි (නි)