IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


මළ බබාට පණ එයි

මළයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් ‘පණ‘ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.

ආදාහනය කිරීමට සැරසෙද්දී බිළිදා මහ හඩින් හැඩීමට පටන් ගෙන ඇත.සියල්ලෝම බිළිදා තවමත් ජීවතුන් අතර පසුවන්නේයැයි දැනගෙන ඇත්තේ එවිටය.

බිළිදා නැවත රෝහල් ගත කර තිබේ.

උපතේදීම පෙනහලූ වල ආබාධයක් තිබූ හෙයින් බිළිදා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.දින දෙකක් ගතවූ තැන බිළිදා හුස්ම ගැනීම නැවතූ හෙයින් බිළිදා භාරව කටයුතු කළ වෛද්‍යවරයා සිතා ඇත්තේ බිළිදා මියගිය බවය.

එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමට බළධාරීන් පියවර ගෙන ඇත.



අදහස් (0)

මළ බබාට පණ එයි

නිහාන්ත Saturday, 23 November 2013 08:54 AM

පද්මා, ඔයා මොලේ අමාරුවකටද බෙහෙත් ගන්න ගියේ. මම ඔයත් එක්ක හොදට කතා කරලා හොද බෙහෙතක් දෙන්නම්. හැමදෙයක් දිහාම නිකම් අන්තගාමී විදිහට බලන්න එපා.(නදී)

:       0       0

ස්කාස් Friday, 22 November 2013 08:59 PM

ඔන්න ඉතින් පටන් ගන්න ලංකාවේ දොස්තරලට බනින්න. ඒ වුණාට හැම දොස්තර කෙනෙක්ම නරක අය නොවන බවත් මතක තියාගත්තොත් හොදයි. (නි)

:       0       0

තරූ Sunday, 24 November 2013 09:07 AM

හොද වෙලාවට ආදාහනය කරන්න කලින් ඇඩුවේ. හොද බබා.(නදී)

:       0       0

කුමාරි Friday, 22 November 2013 03:20 PM

අනේ වාසනාවන්. චූටි බබාට සෞභාග්‍යයමත් අනාගතයක් වේවා !! වෛද්‍යවරයා ගෙදර යවපු එක ලොකු දෙයක්.ලංකාවෙ වගේ නම් වෙන පළාතකට ගිහින් පෞද්ගලික සායනයක් අරීවි. (ස)

:       0       0

කොද්දා Sunday, 24 November 2013 05:51 PM

අපිට පේන්නෙම වැරදි තමි වැඩිපුර ගොඩක් දොස්තර මහත්වරු ජීවිත කියක් බේරලා තියෙනවද ඒවා ගැන කතා කරමු දරුවෝ දුෂණය කරන තතල ගැන කතා කලට 99% තතල දරුවෝ වෙනුවෙන් කොපමණ දුක් විදිනවද ඒවා කියන්නේ කොච්චර අඩුවෙන්ද අපේ චින්තනය හා මදය කලාව වෙනස් විය යුතු කාලය ඇවිත් (අ)

:       0       0

රසික-කටාර් Saturday, 23 November 2013 10:19 AM

පද්මා ,ඒ ලංකාවේ රජයේ රෝහල් වල නේ.(නදී)

:       0       0

චන්දිම Friday, 22 November 2013 04:17 PM

ලංකාවෙ නම් ඉතින් එයාගේ තහනම් ඉවත් කරන්න කියල එයාගෙම කට්ටිය ලොකු ස්ට්‍රයික් එකක් පටන් ගනී. ඒගොල්ලෝ කියයි ඔය වගේ වැරදි සාමාන්‍යයෙන් වෙනවා කියලා. මිනිහෙක්ගේ ජීවිතේ ඒ ගොල්ලන්ට සාමාන්‍යය වැරද්දක්. අර නීති ශිෂ්‍යාවට උනේ එක තමා. එහෙම කියන මිනිස්සුම මීගමුවේදී වගේ කාමරයක් හරි පුටුවක් හරි බෙදා ගන්න බැරුව රන්ඩු වෙනවා. මේ ඇවිල්ල ලංකාවේ ඉහලම පෙලේ අධ්‍යාපනයක් ගත්තු මිනිස්සුන්ගේ හැටි. ඉතින් අනිත් මිනිස්සු මොනවා ක්‍රම මොකද. නැද්ද මන් කියන්නේ? (ස)

:       0       0

සත්‍යපාල Friday, 22 November 2013 04:23 PM

වෛද්‍යවරයා ගෙදර යැවුවොත් ලංකාවෙ නම් හෙට ඉඳල සියලුම රෝහල් වැඩ වර්ජනයේ. (ස)

:       0       0

එඩ්වඩ් පෙරේරා Saturday, 23 November 2013 11:09 AM

මෙය විශ්වාස කරන්න බැහැ. කෙසේ වුවත් ඔහු ගොඩක් වාසනාවන්තයි.(නදී)

:       0       0

කුමාරසිරි Friday, 22 November 2013 04:54 PM

චීනයට වැඩිය ගොඩක් ඉදිරියෙන් අපේ දොස්තරලා ඉන්නේ. මතක නැද්ද,පසුගිය දිනවල කරපු විශ්මයජනක සැත්කම් ටික? (නි)

:       0       0

බර්නි පර්ත් Sunday, 24 November 2013 07:32 PM

ඔවැනි අතපසුවීම් සිදුවෙනවා එහෙත් මේක බරපතල වැරදීමක් (අ)

:       0       0

ශාන්ති Saturday, 23 November 2013 01:37 AM

අනේ ඒ දරු පැටියට සියලු දෙවි පිහිටයි (නි)

:       0       0

ලලිත් Saturday, 23 November 2013 01:51 AM

ලංකාවෙ නම් මෙහෙමනේ. මෝචරියට දැම්මහම මුලින්ම මල්ශාලාවේ කට්ටිය ඇතුළට ගියොත් පණපිටින් හිටියත් මරලා දාලා හරි බිස්නස් එක අතරිහන්නේ නැතුව වැඩේට බහිනවා. (නි)

:       0       0

මධුසංඛ Saturday, 23 November 2013 12:58 PM

මේ රටේ වුනා නම් මෙලහකට දොස්තරලව උසස් තැනකට යවලා.(නදී)

:       0       0

නලීන් Friday, 22 November 2013 07:01 PM

පුදුමයි! (නි)

:       0       0

පද්මා Saturday, 23 November 2013 07:39 AM

බොරු කියන්න ඕනෑ නැහැ. දොස්තර එක්ක කතා කරන්න ඕනෑ නම් චැනල් කරන්නම ඕනෑ. සාමාන්‍ය රෝහල් වල සායනවල ඉන්න දොස්තරලා රෝගීන් දකිනකොටම බෙහෙත් ලියලා අවසන්.මම හිතන්නේ දක්ෂකම කියලා. (නි)

:       0       0

චින්තක Sunday, 24 November 2013 04:10 AM

අනේ වාසනාවන් (අ)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 07:36 PM

ඇග හිරිවැටුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2510 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1569 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 564 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2704 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 122 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 250 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site