මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බව අවුරුද්දකින් හෝ දෙකකින් පමණ ආරක්ෂාවන බව ද ඔවුහු කියති.
ඇල්ෂැයිමර් රෝගයේ ලක්ෂණයක් වන්නේ වයසට යන විට මොළයේ හැකිළීමයි. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට දෙවරක් හෝ තෙල් සහිත මසුන්ගෙන් කෑල්ලක් ආහාරයට ගත යුතු බවයි. මේ ආකාරයට පෝෂ්‍යදායක අතින් පොහොසත් මසුන්ගේ තෙල් අඩංගු වන්නේ හුරුල්ලා, කුම්බලාවා සහ සැමන් මසුන්ගේ බව ද පර්යේෂකයන් පවසයි.
මේ අධ්‍යයනය සදහා ගැහැනුන් 1111 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ රතු රුධිර සෛලවල ඇති ඔමෙගා තුන නමැති මේද අම්ල පරීක්ෂාවට ලක්කැර තිබේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මොළේ වර්ධනයට මාළු
ගාමිණී ද මෙල් Monday, 27 January 2014 01:13 AM
කතාව ඇත්ත පොඩි මාළු කන්න.(නදී)
ගාමිණී ද මේල් Monday, 27 January 2014 01:17 AM
තතාව ඇත්ත. සැමන් මලු කන්න. මෙහෙත් කියන්නේ මාලු කන්න කියලා.(නදී)
රංග Tuesday, 28 January 2014 11:17 PM
එහෙනම් ඉතින් මාලේ අයගේ මොලේ වැඩිවෙන් එපැයි ...ඒ මිනිස්සු වැඩියෙන් ආහාරයට ගන්නේ මාළු . දී)
චමින්ද Tuesday, 28 January 2014 10:38 AM
අම්බලන්ගොඩින් බිහිවෙලා තියෙනවා බොහෝ උගත්තු.ඒ ගොල්ලන්ගේ ප්‍රියතම මාළු බලමාළු. (දිල්)
සිතු Tuesday, 28 January 2014 11:34 AM
මෝර ගුලි ගත්තත් හොඳයි. කොන්ඩෙටත් හොඳයි ඔමේගා 3.(නදී)
නිමල් Wednesday, 29 January 2014 02:09 AM
මට මේක ඇහුවම මලු කන්න හිතෙනවා (දී)
චින්තක Monday, 27 January 2014 07:28 AM
සැමන් හොඳ තමයි. නමුත් නියම සැමන් මාලු හරි ගණන්. අපේ ටින් මාලු වල ඉන්නේ ටුනා වර්ගයේ මාළු මිස සැමන් නෙවි. නමුත් ටුනා මාළු වලත් ඔමේගා 3 තියෙනවා. (නදී)
රන්දික Wednesday, 29 January 2014 05:12 AM
මල කුණක් කන්නනේ මොකටද පලා කෑවොත් නරක ද ? (දී)
කීර්තිරත්න Monday, 27 January 2014 09:09 PM
මාළු කෑම නම් හොඳයි. නමුත් මාළු වල ගනනේ හැටියට දවසක් කෑවොත් මාසයක් බඩගින්නේ ඉන්නයි වෙන්නේ.(නදී)
කෙනත් Wednesday, 29 January 2014 09:06 AM
හොඳ හැටි එළවලු පලා වර්ග කැමට ගන්න.(නදී)
ජයතිලක Sunday, 26 January 2014 01:56 PM
සැමන් මාළු නම් හරිම රසයි. හැබැයි මාර ගන්නන්නේ. හැබැයි ටින් වල තියෙන සැමන් කාලා නම් මොලේ වර්ධනය වෙන එකක් නැහැ මගේ හිතේ.(නදී)
සමන් කුමාර Sunday, 26 January 2014 02:52 PM
මාළු කියන්නේ හොඳ කෑමක් (දිල්)
කෙෂවී Sunday, 26 January 2014 02:57 PM
මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ වෛද්‍යවරුන් කියන්නේ සැමන් කනවා නම් වඩා ගුණ කියලා(දිල්)
රවි Wednesday, 29 January 2014 10:48 AM
සැමන් මසුන් කියන්නේ , සාලයට.(නදී)
වනොන් Sunday, 26 January 2014 05:43 PM
සැම ටින් මාළුවක්ම සැමන් මාළු නොවේ. ලංකාවේ ටින් මාළු වල ඇත්තේ බල මාළුය(දී)
ක්‍රිෂ්කා මිනු ප්‍රනාන්දු Sunday, 26 January 2014 06:00 PM
මෙලෝ රහක් නැති මාළු වගේනේ (දී)
චමින්ද Wednesday, 29 January 2014 12:04 PM
රවී ඔයාට කවුද කිව්වේ සැමන් මාලුවයි ,සාලයා මාලුවයි එකයි කියලා. ඔයාට වැරදීමක් වෙලා. (නදී)
සුකිරි Monday, 27 January 2014 02:30 PM
ඉංග්‍රීසි බාසාවේ වචන වලට ලංකාවේ වැරදි තේරුමක් දෙන අවස්ථා තියනවා. උදාහරණ ලෙස ලංකාවේ ටින් මාළු වල තියෙන්නේ මැකරල් මාළුවා. නමුත් සුද්දන්ගේ කාලේ සැමන් මාලුව ටින් කරලා ලංකාවට සුද්දන්ගේ පරිබෝජනෙට ගෙනාවා. මේ නිසා තාමත් මේ වචනේ වැරදියට පාවිච්චි කරනවා. (නදී)
මිගිද Tuesday, 28 January 2014 03:42 AM
ඒකනේ දකුණේ වෙරල සීමා ගම්වල මොලේ තියෙන අය ඉන්නේ.(නදී)
ජීවන් Monday, 27 January 2014 02:33 PM
ලංකාවේ ටින් මාළු වල ටුනා හෝ මෑ කරල් මාළුවා ඇත. නමුත් මට නම් තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු සැමන් ටින් හෝ සාඩින් ටින් කියල කියන්නේ. සාඩින් මාලුත් ලංකාවේ ටින් වල නැහැ. සැමනුත් නැහැ.(නදී)
ලසන්ත Monday, 27 January 2014 02:34 PM
අපි ලැජ්ජා වෙන්ට ඕනා රට වටේම මුහුද තියාන කී දෙනාද මාළු කන්නේ. (නදී)