රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ රෝගය එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත බැස ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන කියයි.
තත්ත්වය මෙලෙසම පවතින්නේ නම් ඉදිරි වසර 15 දී ඒඩ්ස් මෙලොවින් තුරන් කිරීමට හැකිවනු ඇතැයිද පැවසේ.
පසුගිය වසරේ ලොව එච්.අයි.වී.ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 ක් වුනි.එය ඊට පෙර 2012 වසරේ වාර්තා වූ ලක්ෂ 17 වඩා ලක්ෂ 2 ක් පහළ යාමකි.
මෙය එදා මෙදා තුර ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහළ යාමක් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම අගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අලූත එච්.අයි.වී.ඒඩ්ස් ආසාදනය වන්නන්ගේ සංඛ්‍යාවද සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබෙන බව සදහන්ය.
කෙසේනමුත් ලොව එච්.අයි.වී ඒඩ්ස් ආසාදනය වී ඇති බවට වාර්තා වන පුද්ගලයින් ලක්ෂ 350 ක් පමණ වන දෙනාගෙන් හරි අඩක්ම තමන්ට ඒඩ්ස් වැළදී තිඛෙන්නේයැයි නොදැන සිටින වාතාවරණයක් පැවැතෙන හෙයින් ඒඩ්ස් මෙලොවින් ඉක්මනින්ම තුරන් වනු ඇතැයි සිතා නිකම් සිටීම නොකළ යුතු වන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිඹද වැඩසටහනේ ප්‍රධානී මයිකල් සිඩිබේ පවසයි.
‘‘ඒඩ්ස් මර්දනය කරන්න අපට හොද අවස්ථාවක් තිඛෙනවා.නමුත් අපි දැන් දැන්ම කටයුතු කළ යුතුයි.අපි එළඹෙන වසර 5 ක කාලයේදී කටයුතු කරන හැටියට තමයි තවත් වසර 15 කින් පසු ලැඛෙන ප්‍රතිඵල මොන වගේ ඒවාද කියලා තීරණය වෙන්නේ‘‘ ඔහු කියයි.
ඒඩ්ස් ආසාදිතයින් වැඩි වශයෙන් සිටින්නේයැයි රටවල් 15 ක් හදුනාගෙන තිඛෙන අතර ඒවායින් 9 ක්ම එනම් කැමරූන්, කෙන්යාව, මොසැම්බික්, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව, හා සිම්බාවේ යන රටවල් පිහිටා තිඛෙන්නේ අප්‍රිකා මහාද්වීපයේය.
බ්‍රසීලය,චීනය,ඉන්දියාව,ඉන්දුනීසියාව,රුසියාව, හා ඇමරිකාව ඉතිරි රටවල් වේ.
සමලිංගික සබඳතා ඉහළ යෑම, අනාරක්ෂිත ලිංගික සබඳතා, මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කර ගැනීමට භාවිතා කරන ඉඳිකටු ආදිය මෙම රටවල ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු ලෙස හදුනාගෙන තිබේ.
ඇතැම් රටවල සංස්කෘතිකමය හා වෙනත් සීමා මායිම් නිසා ඒඩ්ස් වැළඳී ඇතැයි දැන සිටියත් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් මැළි වන තත්ත්වයක්ද හඳුනාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
2015 වන විට සංවිධානයේ අපේක්ෂිත ඉලක්ක කරා යෑම ආරම්භ කර ලොවින් ඒඩ්ස් තුරන් කරලීමට කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යකාගේ කළු අඩුවෙයි
අමිත් Saturday, 19 July 2014 03:25 AM
සුපිරි වැඩක් (නි)
දයා අලහාකෝන් Saturday, 19 July 2014 07:48 AM
ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරික විසින් මෙම රෝගය සඳහා බෙහෙතක් සොයාගෙන තිබෙන බව මාධ්‍ය හරහා ප්‍රචාරය උනත් ඊට ප්‍රසිද්දියක් තවමත් නැත්තේ කුහකකම නිසා වෙන්න ඇති. (නදී)
චමින්ද Friday, 18 July 2014 09:55 PM
ඕස්ට්‍රේලියාවේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,000 පමණ වෙනවා. ගිය අවුරුද්දේ මේ කණ්ඩායමට අලුතින් එකතු වූ ගණන 1200 පමණ වෙනවා. ලෝකයේ ඇති උසස්ම වෛද්‍ය ප්‍රතිකාර මොවුන්ට ලබාදෙන බැවින්, මියයාම් පිළිබඳව අසන්නට නොලැබෙන තරම්. (නි)