IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘යුක්රේන ගුවන් අනතුර ගැන ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡා කරනවා’

 

එකසිය හැත්තෑ හය දෙනකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සමඟ සාකච්ඡා කරන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අද (10) පැවැසීය. 

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටුණු බවට වාර්තා පළ වීමත් සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව යුක්රේන් ජනාධිපතිවරයා කීවේය. 

ඉරානය එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටුණු බවත් එසේ වුවත් ‘හිතාමතා’ කරන ලද්දක් නොවන බවත් බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 

“මිසයිලයක් එල්ල වූ බවට තොරතුරු වාර්තා වෙනවා. එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් තවමත් එය තහවුරු කර නැහැ” යැයි සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි කීවේය. 

පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා යුක්රේනය සියලු තොරතුරු ඉල්ලා ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සිකුරාදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන බව ද කීවේය. 

“අපේ අරමුණ සත්‍ය සොයාගැනීමයි. මනුෂ්‍ය ජීවිත සියලු දේශපාලන වුවමනා එපාකම්වලට වඩා ඉහළ” යැයි යුක්රේන් ජනාධිපතිවරයා කීය. 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

‘යුක්රේන ගුවන් අනතුර ගැන ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡා කරනවා’

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1668 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site