IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යුක්රේන පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යුක්රේන ජනපති වික්ටර් යැන්කෝවිච්ගේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පාලක පක්ෂ සහ විපක්ෂ අතර පෙරේදා (24) එරට පාර්ලිමේන්තුවේදී ගුටි බැට හුවමාරුවක් සිදුවිය. 2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් බලයට පත් යුක්රේන ජනපති වැන්කොවිච් රුසියාවට හිතවාදී අයෙකි. ඔහුගේ රජය ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට අනුව රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කළේ යුක්රේන බසට ද සමානවය. යුක්රේනයේ වෙසෙන බහුතරය යුක්රේන ජාතිකයන් වන අතර එය සියයට 77.8 ක ප‍්‍රතිශතයකි. සුළුතරය වන්නෝ රුසියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 17.3 කි. යුක්රේනය පිහිටා ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේය. එය මායිම් වන්නේ බෙලරූස් රාජ්‍යයට සහ රුසියාවටය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීම විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. වාග් ප‍්‍රහාරවලින් ඇරැුඹි එම විරෝධය ගුටි බැට හුවමාරුවක් තෙක් දුරදිග ගිය අතර කතා නායකවරයාට හෝ වෙනත් කිසිවකුට හෝ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය. හිස තුවාල වූ සහ අතක් බිඳී ගිය මන්තී‍්‍රවරුන් දෙදෙනකු රෝහල් ගත කරන ලද බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.  ගුටි බැට හුවමාරුවආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයකු පහර වලට ලක්වූ අවස්ථාව



අදහස් (0)

යුක්රේන පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

අලිබබා Saturday, 26 May 2012 05:50 PM

අඩෙ අප්පා මෙක රෙස්ලින් ෆිල්මි එකක් වගේ. අන්ඩටේකරුත් ඉන්නවද කොහෙද? අඩා.. අඩා.. අඩි.. අඩි.. දැන් පිටරට පාර්ලිමේන්තුවල ඒවා තමයි මෙවගේ එවා තියෙන්නේ. හුග දවසකින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් උනේනෑ. ඉස්සර සෙන්කෝලෙ උස්සන් දුවනවා. දැන් විපක්ෂෙත් අබලන්නේ. ඉතින් මේවගේ දේවල් අඩුයි.

:       0       0

සුරාජ් Saturday, 26 May 2012 07:15 PM

අපේ රට හොදයි.. මොකද අපේ අය හූ කිව්වට මෙහෙම ගහගන්නේ නෑනෙ...

:       0       0

සකල බුජන් Sunday, 27 May 2012 10:20 PM

පොඩ්ඩක් ඉන්නකෝ.මමත් පෙන්නන්නම් හොද සෙල්ලමක් අද හෙටම

:       0       0

ඌරැබොක්කෙ දුමින්ද Saturday, 26 May 2012 08:07 PM

අ‍පේ රටේ වගේමයි....

:       0       0

ෂෙරීෆ් Saturday, 26 May 2012 11:26 PM

අපේ රටේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්

:       0       0

රුවන් Sunday, 27 May 2012 01:22 AM

අපේ පාර්ලිමේන්තුවට සමානයිනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site