IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


යුද අපරාධ ලොවට හෙළිකරන මාධ්‍යවේදීන් මර්දනය නවත්වන්න

ස්වීඩනයට පිටුවහල් විමෙන් වැළැකී, ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් පෙරේදා (19) තානාපති කාර්යාලයේ සඳලූ තලයේ සිට සිය ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ඇමැතූ අවස්ථාවේ, යුද අපරාධ පිළිබඳ තොරතුරු ලොවට හෙළි කරන මාධ්‍යවේදීන්ට එරෙහිව ආරම්භ කර ඇති සංග‍්‍රාමය වහා නවත්වන්නැයි ඔහු ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේය. ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුදමය රහස් ලොවට හෙළි කිරීමෙන් බටහිර උදහසට ලක් වී සිටින  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු  වන ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට (උදර්පනය) කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වේ. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස්  දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඔහුට දේශපාලන රැකවරණ දීමට එක්වදෝර් රජය කැමැත්ත පළ කර තිබේ. ඇසෙන්ජ්ට  ඕනෑම මොහොතක තම රටට ඇතුළු විය හැකි බවත් ඔහුගේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට දේශපාලන රැකවරණ දීමට තමන් තීරණය කළ බවත් එක්වදෝර රජය පවසයි. ඇසෙන්ජ්ට එක්වදෝර තානාපති කාර්යාලයෙන් හෝ රටින් පිටවීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් එක්වදෝර් රජය ඇසෙන්ජ් තමන්ට බාර නොදෙන්නේ නම් එක්වදෝර් තානාපති කාර්යාලයට කඩා වැදී ඇසෙන්ජ් අත්අඩංගුනට ගන්නා බවත් බි‍්‍රතාන්‍ය රජය පවසා ඇත. බි‍්‍රතාන්‍ය රජය කළ එම අනතුරු ඇඟවීම එක්වදෝර රජයේ පමණක් නොව බි‍්‍රතාන්‍ය ජනතාවගේ ද දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත. මේ වනවිට ඇසෙන්ජ්ට සහාය පළ කරමින් දහසකට ආසන්න පිරිසක් ලන්ඩන් නුවර එන්වදෝර් තානාපති කාර්යාලය ඉදිරියට රැස්ව සිටිති. සඳලූ තලයේ සිට එම පිරිස ඇමතමින් ඇසෙන්ජ් කියා සිටියේ ඇමෙරිකා අත්අඩංගුවේ සිටින බ‍්‍රැඞ්ලි මෑනිං නමැති ඇමෙරිකානු සෙබළා වහා නිදහස් කිරීමට ඇමෙරිකා රජය පියවර ගත යුතු බවය. ඇමෙරිකාව බ‍්‍රැඞ්ලි මෑනිං අත්අඩංගුවට ගත්තේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකානු හමුදාවේ රහස් ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින්ය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ස්වීඩන රජය බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටියේ එම නඩු විභාගයට පෙනී සිටීමට ඇසෙන්ජ් තම රටට එවන ලෙසටය. ඒ අනුව ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඇසෙන්ජ් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ ද එයින් පලක් නොවිණි. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී,  රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම්  ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජයට තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි. ස්වීඩන අධිකරණය තමන්ට බොරු චෝදනා එල්ල කරන්නේ ඇමෙරිකාව සමඟ එක් වී කුමන්ත‍්‍රණයක් කිරීමෙන් යැයි ඇසෙන්ජ් වැඩිදුරටත් කියා සිටී. ඇසෙන්ජ් සඳලූ තලයේ සිට සිය ආධාරකරුවන් අමතමින්



අදහස් (0)

යුද අපරාධ ලොවට හෙළිකරන මාධ්‍යවේදීන් මර්දනය නවත්වන්න

උපාලි Tuesday, 21 August 2012 10:29 PM

බ්‍රිතාන්‍යය කොහොමත් කළේ අනෙකුත් රටවල් සූරා කන එකයි. (නි)

:       0       0

තරුෂ Tuesday, 21 August 2012 11:50 AM

ඇමරිකාවට එරෙහිව තීරන ගැනීමට හැකි වීම පිලිබඳ ඉක්වදෝරයට අපගේ ගෞරවය හිමි විය යුතුය. මේ සුපිරි ප්‍රජාතන්ත්‍රයේ නිරුවතද? (ස)

:       0       0

රමීස් Tuesday, 21 August 2012 11:55 PM

ලෝකයේ කොන්ද පණ ඇති එකම රට වන ඉක්වදෝරයට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

සෞම්‍යා Tuesday, 21 August 2012 06:28 PM

ලංකාවෙ නිදහස් මාධ්‍ය ගැන අඬන කණ්ඩායමට මේ වගේ මනුස්සයෙක් වෙනුවෙන් උද්ඝෝෂණයක් එහෙම කරන්න හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 02:31 PM

බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය ඇමරිකාව වෙනුවෙන් මේ කරනදේ ගැන ලැජ්ජා විය යුතුයි..!!(නු)

:       0       0

අමිලා Wednesday, 22 August 2012 08:18 AM

ඉක්මනටම නවත්වන්න (දී)

:       0       0

නිරෝෂි Wednesday, 22 August 2012 09:11 AM

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකවල ඊළග ඉලක්කය ඉක්වදෝරය නම් නොවේවා! (නි)

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 10:39 AM

දැන් ඉතිං කාටද කියන්නේ මේ අවනඩුව..(ස)

:       0       0

ඇන්ඩි Tuesday, 21 August 2012 10:43 AM

ඇයි බැරි අපේ අයට ඇමරිකාවට විරුද්ධව‍ චෝදනා ගොනු කරන්න? (නි)

:       0       0

ගුණතිලක Friday, 24 August 2012 07:53 AM

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් ඇත්තටම තියෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 819 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 48 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1346 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1747 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 28 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site