ඇදහැලෙන මහ වැසි හේතුවෙන් යුරෝපයේ රටවල් රැුසක ජල ගැලීම් හට ගැනුණි. ඒවායින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර ලක්ෂ 2 කට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
ජල ගැලීම් වාර්තා වන්නේ ජර්මනිය, චෙක් ජනරජය, බැවේරියාව, ඔස්ටි‍්‍රයාව යන රටවලිනි. ඇතැම් පළාත් ජලයෙන් යටවීමෙන් විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී ඇති අතර ගමනා ගමන කටයුතු ද ඇනහිට තිබේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යුරෝපයේ ගංවතුර: 4 ක් මරුට
නීල් Tuesday, 04 June 2013 08:37 AM
වසන්ත කාලයේදී එකවර හිම දියවෙන නිසා කඳුකරයේ සිට අධික ජල ප්‍රමාණයක් ගංගා වලට එක්වෙනවා. මේනිසා හටගන්නා ගංවතුර වළක්වාගන්න ඉතා අමාරුයි. මතකයි අනුව දශකය ආරම්භයේදීත් ඔස්ට්‍රියාව චෙක්ජනරජය වැනි රටවල විශාල ගංවතුරක් ඇතිවුණා.(ස)
ලසන්ත Tuesday, 04 June 2013 09:34 AM
බවෙරිය කියන්නේ ජර්මනියේ ප්‍රාන්තයක් නේද... (දී)
සම්පත් Tuesday, 04 June 2013 10:32 AM
මහා විපතක්නේ වෙලා තියෙන්නේ (දී)
රනිල් Wednesday, 05 June 2013 02:44 AM
හැබෑව හැබෑව නීල් කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඇයි අයිස් කදු දිය වෙනවානේ.(නදී)
සනත් Tuesday, 04 June 2013 12:05 PM
හිම දිය වෙන්න තරම් අව්ව වැටුනෙ නැහැ මෙවර. කාලගුණය දහවිහිලි වෙලා ලෝකෙම මානවක්‍රියාකාරකම් නිසා. දින පහක් එක දිගට වර්ෂාව පැවතුන මධ්‍ය යුරෝපෙ උතුරු ප්‍රදේශයට. ගිනිකොන දිග ජර්මනියට, චෙක් ජනරජයෙ ප්‍රාග්වලිනි උතුරට පෝලන්ත ප්‍රදේශවලට වැටුනු තද වරුෂාවට ව්ල්ටාවා වගේ එල්බෙ ගගේ අතු ගංගා උතුරල චෙක්වල උස්ති ලෙබෙම් හොඳටම යටවුන. ඒ වතුර පහලට ගලන කොට ප්‍රාග් යටවුන. එතනින් පහල ජර්මනියෙ ප්‍රදේශත් යටවුන එල්බෙ උතුරපු නිසා. අනෙක් අතට දනුබ් පිටාර ගලපු නිසා ඕස්ට්‍රියා, හන්ගේරියාවෙ බුධපෙස්ට්, ස්ලැවීනියා රටවලත් ගංවතුර. 1997 සහ 2002 ගංවතුරෙන් ඉගෙනගත් පාඩම් නිසා මෙදාපාර පෙරසූදානම ඉතා හොඳයි. ඒ නිසා ලක්ෂ ගණන් මිනිසුන් අවතැන් වුනාට මරණයට පත්වුනේ දැනට හත්දෙනෙක් විතරයි. 8දෙනෙක් අතුරුදහන්. තාම වැසිබව කාලගුණය එලෙසමයි.(අ)