රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ කණ්ඩායමක් පසුගිය සිකුරාදා (2) අල්කොබාර් තානාපති ජංගම සේවා පරිශ්‍රයට පැමිණ සිටියේ තම දුක් ගැනවිල්ල තානාපති නිලධාරින් වෙත ඉදිරිපත් කිරීම සඳහායි.
එම කණ්ඩායම පවසන පරිදි මීට මාස පහකට පමණ පෙර කොළඹ 12 පිහිටි එක්තරා විදේශ රැකියා ආයතනයකට රුපියල් ලක්ෂයේ සිට එක ලක්ෂ පනස් දහසක පමණ මුදලක් දී සෞදි අරාබියේ රෝහල් පිරිසිදු කරන්නන් ලෙස රියාල් 700 +200 (ආහාර දීමනා)සහ ඇති තරම් අතිකාල දීමනා ද පවසා ගිවිසුම් ගතකොට මෙරටට පැමිණ ඇති මොවුන් හට රැකියාව වශයෙන් ලබාදී ඇත්තේ මාර්ග දෙපස පිහිටි අලංකාරයට සිටුවා ඇති ගස්වල කොළ අතු කපා ඉවත් කිරීම බව පවසන අතර වැටුප ලෙස පොරොන්දු වූ වැටුප වෙනුවට රියාල් 50 ද අඩු කර 650 ක් සහ ආහාර දීමනා 200 ක් ලෙස බවද පවසයි.රැකියා ආයතනය පැවසු පරිදි කිසිදු අතිකාල දීමනාවක් නොලැබෙන මොවුන්ට නිදා ගැනීම සදහා 8 දෙනෙකු සදහා කුඩා කාමරයක් ලබාදී ඇති අතර කාමර 3 ක් සදහා එක වැසිකිලියක් දී ඇත. මෙතෙක් රටේ රැදී සිටීමේ හැදුනුම්පත පවා ලබාදී නොමැති බවත් ඔවුන් පැවසුවේය.
පිරිස කදුළු සලමින් පවසනුයේ ලංකාවේ රැකියා ආයතනය තමන් මුලා කොට විශාල මුදලක් අයකර විදෙස් ගත කළද රුපියල් 23,000 ක් වැනි මුදලකින් අපේ දරු පවුල් නඩත්තු කිරීම කෙසේ වෙතත් මේ රට ජිවත් වීමටවත් මෙම මුදල නොසෑහෙන බවයි. ජංගම සේවයට පැමිණියේ කුමන කරුණක් සදහා ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔවුන් පැවසුවේ අදාළ ආයතනය සමඟ කතා කොට නියමිත රැකියාව සහ නියමිත වැටුප ලබාගැනීම උදෙසා තානාපති නිලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිස බවයි. ඒ අනුව තානාපති නිලධාරින් අප වෙත පැවසුවේ අදාළ ගිවිසුම් ප්‍රකාරව තානාපති කාර්යාලයට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම ප්‍රශ්නයට මුහුණදී අසරණව ඇති මෙම තරුණයින් පවසනුයේ මෙම ගැටලුවට විසදුමක් සොයා පැමිණිය ද සිදුවී ඇත්තේ කබලෙන් ළිපට වැටීමක් පමණක් බවත් ණය බරින් මිරිකී ඇති බැවින් ලංකාවට යාමෙන් තවත් අසරණ වන බවත් මේ පිළිබඳව තලතා අතුකෝරල අමාත්‍යතුමියගේ අවධානය යොමුකර අප හට සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි.
මෙම පිරිස පැමිණ සිටිනුයේ “සාමාන්‍ය කම්කරු” රැකියාවකට නිසා මේ රටේ පවතින නිතිය අනුව ඕනෑම කම්කරු රැකියාවක් කිරීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි. අනුරාධපුර, ගම්පොල , බදුල්ල, මඩකලපුව සහ කොළඹින් එහි ගිය මේ පිරිස අතර සිංහල හා දෙමළ තරුණයෝ වෙති.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රැකියා එජන්සිය තවත් පිරිසක් අමාරුවේ දාලා
රංජිත් Monday, 05 October 2015 07:47 AM
ජෝර්දාන්. සයිප්‍රස් යන හැමෝම හරි දුක් විදිනවා. අප යන නෑ. (අ)
මඩුල්ල Monday, 05 October 2015 02:58 PM
මේ හොර ඒජන්සි වලට නඩු පවරලා අහිංසක මිනිසුන්ගේ සල්ලි ආපසු ලබා දෙන්න (බ)
ඉන්දික ක්‍රිෂාන්ත Monday, 05 October 2015 03:32 PM
වේදිකාවේ වීරයන්ට වැඩ පෙන්නන්න පුළුවන් වෙලාවක්,එ්ත් ඡන්දෙට කියන කතා ,කාපු බීපු වෙලාවට කියපු කතාවක් වගේ ලංකාවේ දේශපාලුවන්ට (බ)
ශාන්ත - කටාර් Monday, 05 October 2015 04:18 PM
කටාර් එම්බසි එක ගැනත් කියන්න තියෙන්න ඕකම තමා , අපි මොනවා හරි ඇහුවොත් කියන්නේ අපි නම් දන්නේ නැහැනේ එහෙම දෙයක් , ඕගොල්ලන්ට අාරංචිද ? එහෙනම් හොයල බලන්නම් , ඕක තමා සරලම පිළිතුර. (බ)
වරුණ Monday, 05 October 2015 08:19 AM
සෞදි එම්බසිවල නිලධාරීන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් නිසියාකාරව පෙනීහිටින්නේ නැහැ. මොකද මමත් ඉස්සර අමාරුවේ වැටුණ ලාංකිකයන් කීපදෙනෙක් එක්කගෙන ගියා. සැළකීම නම් අන්තිමයි (නි)
චන්ද්‍රවංශ Monday, 05 October 2015 08:31 AM
සමාවෙන්න මම මේක කිව්වට මම ඉන්න රටෙත් එහෙම තුට්ටු දෙකේ පඩියට ඒජන්සි වලින් බොරු කියල එවපු අය ඉන්නවා පවූ ඒ මිනිස්සුත් ඒ ගැනත් චුට්ටක් සොයල බැලුවොත් ලොකු දෙයක් (අ)
කවින්ද Tuesday, 06 October 2015 01:14 PM
පවු අහිංසක මිනිස්සු! (නි)
ඉමේෂ් Wednesday, 07 October 2015 03:40 AM
23000 ට මොකටද අනේ රට යන්නේ? (නි)
අචිර Monday, 05 October 2015 09:30 AM
මොනවට ඔය රටට යනවද මන්ද එහෙ කිසිම ප්‍රජාතන්ත්‍ර වාදයක් නැහැ හරි හමන් පඩියක් දෙන්නේ නැහැ හැමදාම මැද පෙරදිග රටවලට යන අය දුක් විදිනවා ඒවා පත්තරවල දානවා ඒවා කියවල අයෙත් මැදපෙරදිග රටවලටම යනවා කවද හැදෙයිද අපේ මිනිස්සු (බ)
දුමින්ද Monday, 05 October 2015 09:41 AM
උපන් රට මිහිපිට සුර පුරවේ (බ)
අචිර Wednesday, 07 October 2015 05:15 AM
සොච්චම් පඩියට මොකටද පිටරට යන්නේ? (නි)
වරුණ Monday, 05 October 2015 10:58 AM
මරදානේ ඉන්න ඒජන්සි කාක්කෝ රට අතේ මවල පෙන්නන්නේ ඉතින් අපේ ගැණු මිනිස්සු අහුවෙනවා තමන්ගේ වෙලාව හොදනම් හොද තැනක් ලැබුනොත් ගොඩ නැත්තන් දුක තමා (අ)
ධම්ම Monday, 05 October 2015 11:02 AM
මෙන්න නව ඇමතිනිය අවධානය යොමු කලයුතු තැනක්. මේ රියාල් 650 සොච්චම් පඩියෙනුත් ටිකක් එකතුවෙනවා අර මහා ලොකුවට වේදිකා ගානේ කියන විදේශ විනිමය අදායමට. කරුණාකර මේ මිනිසුන්ට පිහිටවෙන්න. (අ)
හමීඩ් Tuesday, 06 October 2015 04:22 PM
මමත් සෞදියේ. ඔවුන්ට උදවු කරන්න ක්‍රමයක් කියන්න (නි)
චන්දන Tuesday, 06 October 2015 09:29 AM
ගොඩක් වෙලාවට ඒජන්සි වලින් ගන්නේ අන්තිම ජරා ජොබ්ස් වලට. මේ රටවලින් මිනිස්සු හොයා ගන්න බැරීම ඒවාට. (බ)