IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රතු තරු ඇබෑසිය පොට පනී

අනාගතයේ අඟහරු මත අභ්‍යාවකාශ යානා ආරක්ෂිතව ගොඩබැස්විය හැක්කේ කෙසේදැයි සොයාබැලීමට නාසා ආයතනය පසුගියදා කළ අත්හදාබැලීමක් වැරදී ගියේය.

අගහරුගේ කක්ෂයට ඇතුළත්වූ පසු යානය විසල් පැරෂූටයක් ආධාරයෙන් ග්‍රහයා මත පහත්කරවීම දැනට නාසා විද්‍යාඥයින්ගේ සැළසුම වන අතර එම පැරෂූටයට යානය ග්‍රහයා වෙත ඇදී එන වේගය හරිඅඩකින් අඩු කිරීමට හැකියාව තිඛෙන බව පැවසේ.

මෙම පැරෂූටය සවිකර තිඛෙන විශේෂ ඒකකය හැදින්වෙන්නේ අඩුඝණත්ව අතිධ්වනි මන්දකය ලෙසය.

මෙම ඒකකයේ ක්‍රියාකාරීත්වය පසුගියදා හවායි දූපත් ප්‍රදේශයේදී පැහැදිලි කරදීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් උත්සාහ කළ අතර මෙම ඒකකය පෘථීවියේ වායුගෝලයේ ඉම දක්වා ගෙනගොස් එය පහළට වැටීමට සළස්වා පසුව පැරෂූටය ක්‍රියාත්මක කරවීමෙන් එය පොළවට ඇදී එන වේගය පාලනය වන ආකාරය පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය.

ඒකකය අභ්‍යාවකාශය දක්වා යෑම තෙක් සියලූ කටයුතු නිසියාකාරව සිදුවුනි.නමුත් පහළට වැටීමේදී විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි පරිදි පැරෂූටය ක්‍රියාත්මක වූයේ නැත.සියල්ල දැවී විනාශවී ගියේය.

තාක්ෂණික දෝශයක් මෙසේ පැරෂූටය ක්‍රියාත්මක නොවීමට හේතුව යැයි පැවසේ.

අදහස අත්හැරීමට නාසා විද්‍යාඥයින් සූදානම් නොමැති අතර බරැති උපකරණ අගහරු වෙත ගොඩබැස්වීමේදී මෙම ක්‍රමය ඛෙහෙවින් උපකාරීවනු ඇති බව ඔවුන් කියයි.

වැරදි නිවැරදි කරගෙන තවදුරටත් මෙම ඒකකය දියුණු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

2723B53600000578-3017944-image-a-22_1427719792880 2723CCD200000578-3017944-In_June_the_vehicle_will_be_sent_into_near_space_from_the_Navy_s-a-21_1427719788296[1] 2723D16D00000578-3017944-image-a-25_1427719902321[1] 2974822300000578-3115787-image-a-27_1433789682329[1]



අදහස් (0)

රතු තරු ඇබෑසිය පොට පනී

ලලිත් Tuesday, 09 June 2015 11:53 PM

මහා පොළොව පුරා රසායන ද්‍රව්‍ය වපුරලා, මහා පොළොව යට තිබුණු තෙල් උඩට අරගෙන පුච්චලා වායු ගෝලයත් විනාශකරලා, රූපවාහිනිය වීඩියෝව ඉන්ටනෙට් පුරුදු කරලා එක් එක් ජාතීන්ට උරුමවෙලා තිබුණු සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කරලා, ජාන වෙනස් කළ සත්ව ශාක ලෝකය පුරා වපුරලා, තිබුන සමතුලිත තත්වයත් කාලා දාලා, දැන් කට්ටිය අඟහරු පැත්තට පනින්නයි යන්නේ. හැබැයි ඉතින් අඟහරු ලෝකේ පොළොව යටවත් සත්ව කොට්ඨාශයක් හිටියොත් උන්ගේ අහේතුව තමයි. (නි)

:       0       0

ඈන් Wednesday, 10 June 2015 01:52 AM

ඇති යන්තම්. නැත්නම් මගේ අඟහරු මහ දශාවේ ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුණා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 June 2015 01:05 PM

අනේ මේ, ඔන්න ඕක ඉක්මන් කරලා කරගන්න බලමු. මේ දවස් වල අපිට නිදහසේ පන්සලකටවත් යන්න බැහැ (නි)

:       0       0

මහී Wednesday, 10 June 2015 03:11 PM

ඔය නසා ආයතනය සල්ලි කන කටමැත දොඩවන ආයතනයක් විතරයි. රුසියාව නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න මිනිස්සු කන්න නැතුව මැරෙනවා. එයාලට අත්අල්ල ගෙනයන්න තරම් ප්‍රබල රොකට්ටුවක්වත් හදන්න බැරිවුණා.(අ)

:       0       0

චමින්ද Tuesday, 09 June 2015 07:27 AM

නමුත් උත්සාහය අගයකළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1942 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3497 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3076 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site