IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


‘‘රුසියානු ක්‍රීඩකයන්ට පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නවා‘‘

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට ඇති අවස්ථාව වළක්වමින් පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) පැවැසීය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඉකුත් දා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිවුවසරක තහනමක් පැනවීය. එම තීරණය අසාධාරණ තීන්දුවක් බවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ තරග වැදීමට අවස්ථාව හිමිවිය යුතු බවත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ තීන්දුවට එකඟ නොවන බව රුසියානු තහනම් උත්තේජක නිවාරණ ආයතනය දැනටමත් ප්‍රකාශ කර තිබෙන අතර එම ආයතනයේ අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී ඇලෙන්සැන්ඩර් අයිව්ලෙව් ද ඒ බව මාධ්‍යවේදීන්ට පැවැසීය.

රුසියානු තහනම් උත්තේජක නිවාරණ ආයතනය තීරණය මේ මාසය අවසන් වීමට පෙර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතතනයට දැනුම් දිය යුතුව තිබේ. ඒ අනුව අභියාචනා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ඒ අනුව ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර තිබෙන ක්‍රීඩා බේරුම්කරණ විනිශ්චය සභාවේදී අදාළ අභියාචනය විභාගයට ගැනේ.

තහනම් උත්තේජක සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දත්ත වෙනස් කිරීම හේතුවෙන් රුසියාවට 2020 ඔලිම්පික් සහ 2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය ඇතුළු ලොව ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කිරීමට ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය දෙසැම්බර් 10 වැනිදා පියවර ගත්තේය.

සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ සම්බන්ධයෙන් මාධයවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා දීර්ඝ නෛතික අර්බුදයකට පැටළී ඇති බවක් පෙනී යන බව ද ඇතැම්හු පෙන්වාදෙති.

“අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. බේරුම්කරණ විනිශ්චය සභාව මොනවගේ තීන්දුවක් දෙයිද කියන්න අපට බැහැ. ඒ තීන්දුව ලැබුණාට පසු අප ඉන්නේ කොතැනදැයි තේරුම්ගන්න පුළුවන්” යැයි එහිදි පුටින් කීය. රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් කිහිපයක්ද අවලංගු වීමේ තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය ගත තීන්දුව අසාධාරණ පමණක් නොව සාමාන්‍ය බුද්ධියට මෙන්ම නීතියට පටහැණි බව ද ජනාධිපති පුටින් මෙහිදි කීවේය. රුසියාවට එකම චෝදනාවට දෙවරක් දඬුවම් කර ඇතැයි ද හෙතෙම කීය.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝදෙනකු ඉතා පිරිසුදු බවත් කිහිපදෙනකුගේ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට රුසියානු ධජය යටතේ ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව අහිමි නොකළ යුතු බවත් ජනාධිපති පුටින් එහිදි කරුණු ගෙනහැර දැක්වීය.

“ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයට අපේ ජාතික ඔලිම්පික් කමිටුවට ප්‍රශ්නයක් නැතිනම් අපේ කණ්ඩායමට රුසියානු ධය යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතු” යැයි පුටින් කීවේය.

“අපේ මලල ක්‍රීඩකයන්ගෙන් බහුතරය පිරිසුදු නම් තවත් කෙනෙකුගේ වරදකට ඔවුන්ට සම්බාධක පනවන්නේ ඇයි ?” පුටින් එහිදි විමසීය.

“රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වුණා. තරගාවලිය සඳහා ඔවුන් තවදුරටත් පුහුණු වෙනවා. විශිෂ්ට ජයග්‍රහණත් සමඟ ඔවුන් අප සතුටට පත් කරාවි” යැයි ද පුටින් කීවේය.

පනවන ලද තහනම යටතේ වුවද රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහ 2022 බීජිං ශීත ඍතු ක්‍රීඩා උලෙළට සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ. එහෙත් එම අවස්ථාව හිමිවන්නේ මධ්‍යස්ථ සහ අපක්ෂපාතී ලෙසය. එනම් ඔවුන් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විශ්වාස කරන පරිදි රාජ්‍ය අනුග්‍රහාය ලබන තහනම් උත්තේජක නිවාරණ පද්ධතියක පාර්ශවකරුවන් නොවන්නේ නම් පමණි.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

‘‘රුසියානු ක්‍රීඩකයන්ට පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නවා‘‘

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

හිජාබ සොයන්න කෘත්‍රිම බුද්ධියක්
2025 මාර්තු මස 15 19 0

හිජාබය නිසි ලෙස නොපලඳින කාන්තාවන් සෙවීමට, ඉරාන රජය කෘත්‍රිම බුද්ධි ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇත. මෙම කෘත්‍රිම බුද්ධය යොදාගැනීම සිදුවන්නේ ඩ්‍රෝන යානා ද


දැරියකට අතවර කිරීමේ සිද්ධියක් නිසා බංග්ලාදේශය උණුසුම්
2025 මාර්තු මස 15 24 0

බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධිය සහ ඇය මරණයට පත්වීම මුල්කොට ගනිමින් රට පුරා යළි විරෝධතා ආරම්භ වී තිබේ.


අයිෆා සිනමා සම්මාන උළෙල
2025 මාර්තු මස 15 12 0

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වුණු 25 වැනි අයිෆා සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ අධ්‍යක්ෂණය කළ Laapataa Ladies චිත්‍රපටෙය සමත් විය.


සිරවුණු ගගනගාමීන් දෙදෙනා බේරා ගන්නට යානයක් යවයි
2025 මාර්තු මස 15 22 0

අභ්‍යවකාශ නැවැතුම්පොළේ මාස 9 කට ආසන්න කාලයක් තිස්සේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් ආපසු පෘථිවියට ගෙන්වා ගැනී


මෙන්න මේ රටවලට යන්න එපා - ට්‍රම්ප්
2025 මාර්තු මස 15 26 0

රටවල් 26 ක් කාණ්ඩ වශයෙන් වෙන්කර ඒවායේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් වැසියන්ට අනතුරු අඟවා ඇත.


ඇමෙරිකන් තරුණිය ඕස්ට්‍රේලියාවේ උදහසට
2025 මාර්තු මස 15 25 0

ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් සිටිද්දී, ඇමෙරිකන් යූ ටියුබ් නිවේදිකාවක (Influencer) කළ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 638 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site