රුසියාවේ ඒ 321 ගුවන් යානය සෙනසුරාදා කඩා වැටීමෙන් මියගිය මගීන් 224 දෙනා සිහිපත් කරමින් අද (1) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි රුසියා රජය කියයි.
ඊජිප්තුවේ ෂාම් අල් ෂෙයික් සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට ගමන් ගත් යානය නැගෙනහිර සිනායි ප්‍රදේශයේදී කඩා වැටීමෙන් කුඩා දරුවන් 17 දෙනකු ඇතුළුව එහි ගමන් කළ සියලු මගීහු මරණයට පත්වූහ.
යානය කඩා වැටීමට හේතුව කාර්මික දෝෂයක් බව රුසියාව ප්‍රකාශ කරන අතර අයිඑස්අයිඑස් සටන්කාමීන් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම යානය බිම දැමීමට ප්‍රහාරයක් එල්ල කළ බවයි. නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කරයි.
යානයේ කළු පෙට්ටි දෙකම සොයාගත් බව ඊජිප්තුව පවසයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුසියාවට ශෝක දිනයක්
ප්‍රනාන්දු Monday, 02 November 2015 09:52 PM
මෙය රුසියාවට අනතුරු ඇඟවීමක් විය හැක. (නි)
තිස්ස Monday, 02 November 2015 02:38 AM
අපිටත් හරිම දුකයි (නි)
ඉනෝකා-එංගලන්තය Sunday, 01 November 2015 01:16 PM
ගුවන් අනතුරෙන් මියගිය පවුල් වල සියළුම දෙනාට බලවත් ශෝකය ප්‍රකාශ කරන ගමන් මතුවට මෙවන් විපත් අසන්නට, දකින්නට නොලැබේවායි පතමි.....! (අ)
අජිත් Sunday, 01 November 2015 05:01 AM
අයියෝ මෙහෙමත් විනාශයක්! (නි)
සරත් Sunday, 01 November 2015 06:10 AM
කෑවා මදිද දන්නෑ අයිඑස්අයිඑස් ලාට මුන්ගේ කටේ සැර තාම අඩුවෙලා නැහැ (බ)
ඉසුරන්දි Monday, 02 November 2015 05:01 AM
මොනවා වුණත් අහිංසක ජීවිතයි අන්තිමේදී බිලිවුණේ (නි)
මහාචාර්ය යහම්පත් Monday, 02 November 2015 09:53 AM
ජිවතය අනිත්‍යයි, මරණය නියතය, එය කෙසේ හෝ කොහේ හෝ කිසියම් විදියට වෙනවා, අනතුරින් මිය ගිය සියලුම දෙනාට නිවන් මෝක්ෂ සුව ලැබේවා පතමි.! (ර)
තිස්ස Monday, 02 November 2015 05:27 AM
මතු සසරේ මෙවන් දුකක් නොවේවා! (නි)
පිටිගල මිලානෝ Sunday, 01 November 2015 09:03 AM
මගේ දැනීමේ හැටියට නම් මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවේ. මෙම ගුවන් යානය පොළොවට පතිත වී ඇත්තේ සිරස්වය. ත්‍රස්ත ප්‍රහාරයකදී යානය උඩුගුවනේදී කැබලිවී කොටස් විශාල භූමි ප්‍රමාණයක පතිත වනවා. ගුවන්යානයක් නාසය ඉහල පහල දමන්නේ 'එලිවේටර්ස්' හෙවත් පිටුපසම ඇති කුඩා තිරස් තටු දෙක මගිනි. යම් කාර්මික දෝෂයකදී මෙම තටු පාලනයෙන් තොර වූ විට නාසය අප්‍රමාණව පහත්වී යානය පාලනයකින් තොරව පොලවට පතිත වනවා (බ)
ප්‍රනාන්දු Wednesday, 04 November 2015 10:49 PM
අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිති විය හැක (නි)
සනත් ගුනවර්ධන ස්විස් Sunday, 01 November 2015 10:12 AM
මෙම අනතුරින් මිය ගිය අයගේ පවුල්වල සෑම දෙනාටම මාගේ හදවතින් එන ශෝකය ප්‍රකාශ කරමි , මිය ගිය අයට නිවන් සුව ලේබෙවා , දෙව් මව් තුරුලේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරමි ....(රේ)