තමන් රුසියාව අනුගමනය කරමින් අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් (අයිසීසී) ඉවත් වන බව පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ පවසයි.
මත්ද්‍රව්‍ය වැටලීම් වලදී අපරාධකරුවන් මිය යාම සම්බන්ධයෙන් බටහිර රටවල් වලින් සිදුකෙරුණු විවේචන වලට පිළිතුරක් ලෙස මෙම තීරණය ගත් බව ඔහු කීය.
“මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීම පිළිබඳ නිසි වැටහීමක් බටහිර රටවල් වලට නැහැ.ඒකයි මේ ගැටලුව.ජාත්‍යන්තර අපරාධ අධිකරණය ‘වැඩකට නැති‘ අධිකරණයක්.අපි වගේ කුඩා රටවල් විතරයි අයිසීසීයෙන් වඳ හිංසා විඳින්නේ“යැයි ඔහු පැවසීය.
ලොව පුරා පවතින යුද්ධය මැඩලීමට ඇමෙරිකාවට නොහැකි වූ බව කියමින් ඔහු ඇමෙරිකාවට දොස් පැවරීය.
අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් රුසියාවේ අත්සන ඉවත් කරගන්නා බව කියමින් රුසියා ජනපති වැලඩැමීර් පුටින් බදාදා(16) ලිපියකට අත්සන් තැබීය.
ඩුටර්ටේ රුසියා ජනපති සමඟ සාකච්ඡාවක් සඳහා සැලසුම් කරන බවත් වාර්තා වෙයි.
(ඡායාරූප-රොයිටර් පුවත්)
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
“රුසියාව සමග අයිසීසීයෙන් ඉවත් වෙනවා“
රුවන් Friday, 18 November 2016 04:21 AM
ටෙෂාන්, එ්ක තමයි ඔයාලට නොතේරෙන ප්‍රශ්නයත්! ඇමෙරිකාව පිලිපීනය ඉවරෙටම ඉවරකළේ එහි සංස්කෘතිය බටහිරකරණය කිරීමෙන්. ඔය අහලා තියෙනවද එක බටහිර මාධ්‍ය අයිති කෝටිපතියෙක් අෆ්රිකානු රටවලට නිදහස දෙනකොට කියපු කතාව. හමුදාව ඉවත්කර ගෙන නිදහස දෙන්න, නමුත් මාධ්‍ය අයිතිය තියාගන්න. එතකොට ඒ රටවල් කොහොමත් අපේ යටතේ! (නි)
අබය Friday, 18 November 2016 04:25 AM
වික්‍රමට හා දිලිප්ට, අපිටත් එහෙම කෙනෙක් හිටියා. නමුත් ඔයාලා ගහල කොන්ද කඩන්න හැදුවනේ. යන්තම් තුවාල වුණා විතරයි. වැරදි කරනකොට ගහන්න ඕනෑ. නමුත් කොන්ද කැඩෙන්න ගහන්න එපා. කරපු හොඳම වැඩේ මතක තියාගන්න. එ්ක ඔය කොයි වැඩේටත් වැඩිය ලොකුනේ! (නි)
ටෙස්ලා Friday, 18 November 2016 04:34 AM
මෙන්න නියම කෙළින් මිනිස්සු! (නි)
ටෙෂාන් Thursday, 17 November 2016 10:26 AM
මෙයා මෙහෙම කිව්වට, මෙයාගේ රටෙන් ඇවිල්ල මැදපෙරදිග වැඩකරන අය විශේෂයෙන් ගෑනු කට්ටිය, ඇමෙරිකාවෙන් කිව්වොත් ඕනම දෙයක් කරන අය. (බ)
අමර Thursday, 17 November 2016 11:11 AM
පිලිපීන ඉතිහාසයටම පහළ උණු ශ්‍රේෂ්ඨ සහ කොන්දක් ඇති නායකයෙක් ......(ම)
අශිකා Friday, 18 November 2016 05:59 AM
මෙහෙම කෙනෙක්ද දැන් ලංකාවටත් ඕනෑ? අනේ මෝඩ මිනිස්සු! (නි)
ආර්. වික්‍රම Thursday, 17 November 2016 12:35 PM
අපිට නැහැනෙ මෙහෙම කෙනෙක් (නි)
උපාලි Friday, 18 November 2016 06:19 AM
ඔන්න තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇත්ත කතා කරන්න බය නැති නායකයෝ. අපේ රටේ යුද්ධය කාලේ බටහිරින් ආ නියෝජිතයෝ සටන් නතර කරන්න කියපු වෙලේ එ්කට නිසි පිළිතුර දුන් මහින්ද මහත්තයවත් සිහි වෙනවා. (නි)
දිලිප් Thursday, 17 November 2016 01:41 PM
අනේ අපිට මෙහෙම වාසනාවක් නැහැනේ (නි)
හිමාල් Friday, 18 November 2016 06:52 PM
මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ජීවග්‍රහයෙන් අල්ලාගත්තොත් තමයි ලොක්කන්ව අල්ලාගන්න පුළුවන් වෙන්නේ. කුඩු තියාගෙන ඉන්න කෙනා මැරුවා කියලා ලොක්කො අහුවෙන්නෙ නැහැ. (නි)
නිමල් Thursday, 17 November 2016 02:45 PM
ඒත් මම බැලුවා මේ රටවල් දෙක අපි නොදැන මොනවා කළාද කියලා. (නි)
නාමල් Saturday, 19 November 2016 06:36 PM
අදහස් දාන අයගේ දැනුම දැක්කහම දුක හිතෙනවා. මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය වටළනවා කියා මිනිස්සු දහස් ගණනක් මරාදාපු කෙනෙක්. නමුත් මැරෙන්නේ පහළ මට්ටමේ අපරාධකරුවන් පමණයි. මිනිසුන්ගේ මෝඩ බටහිර විරෝධය නිසා තමා මේ වගේ අය රජවෙන්නේ (නි)
ලුසේනා Friday, 18 November 2016 09:28 AM
ලංකාවේ ඉහළ තැන්වලට එන්නේ බල තණ්හා පුද්ගලයෝ. එකට කනවා බොක්ක වෙනස්. රෑට එකක් උදේට එකක්. මම හිතන විදිහට ලංකාවේ පාර්ලිමේන්තුවට ඔබින්නේ සම්පත් කොල්ල නොකන රොබෝලා ටිකක්. නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න ලැබෙන්නේ නැහැ. (නි)
පෙරේරා Thursday, 17 November 2016 11:25 PM
මෙතුමා නම් ඇත්තෙන්ම විශිෂ්ටයි (නි)
නිමල් රාජපක්ෂ Friday, 18 November 2016 12:07 AM
මෙතුමා තමන්ගේ පැවැත්මට වඩා තම රට හා ජනතාව ගැන සිතා ගත් එඩිතර නිර්භීත තීන්දුවට අපේ උත්තමාචාරය! මෙයින් අපට ගතහැකි පාඩම් බොහෝය (නි)