IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රුසියාව සමඟ සාකච්ඡා කරන්න ඇමෙරිකා ජනපති සූදානම් වෙයි

ඇමෙරිකා රජයේ රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් සම්බන්ධයෙන් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනපති ඔබාමා ඉදිරිපත් වනු ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන් මේ වනවිට රුසියාවේ ගුවන්තොටුපොළක රැඳී සිටී.
ඇමෙරිකා රජය ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කර ඇති හෙයින් ඔහුට රුසියාවෙන් පිටවීමේ හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය.
එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ. කෙසේ නමුත් පෙරේදා (17) වාර්තා වූයේ ස්නෝව්ඩන් යළිත් වරක් රුසියාවෙන් රැකවරණ ඉල්ලීමට උන්නදුවක් දක්වන බවය.
මේ අතර, ඇමෙරිකා රජය, එරට ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා සිදු කරන එම ඔත්තු බැලීම්වලට එරෙහිව එරට සමාගම් 19 ක් ඇමෙරිකා රජයට නඩු පවරා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය සිදු කරන එම ඔත්තු බැලීම් ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින්, එම ඔත්තු බැලීම් වහා නවත්වන්නැයි බල කරමින් සැන් ෆ‍්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය එම නඩු පැවැරීම කළේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සමඟ එක් වෙමිනි.



අදහස් (0)

රුසියාව සමඟ සාකච්ඡා කරන්න ඇමෙරිකා ජනපති සූදානම් වෙයි

බණ්ඩාර Friday, 19 July 2013 11:58 AM

ලංකාවේ මානව හිමිකම් ගැන හඬනගන අය වෙහෙසෙන්නේ අපරාධකාරයෝ ආරක්ෂා කරන්නද කියලා අපිට වෙලාවකට හිතෙනවා (දී)

:       0       0

හේලි. Sunday, 21 July 2013 09:56 AM

දනුෂ්ක හරි. කටට එන එක කියලා දාන එක අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගතියක්. මේ අය ප්‍රවෘත්ති කියලා හිතන්නෙ උදේට එක එක කුමාර වරු කියවන ප්‍රවෘත්ති සිරස් තල වලට. කලාතුරකින් වත් පත්තරවල තියෙන ලිපි කියවන්නෙ නෑ. ඒ නිසා ලෝක ඉතිහාසයේ සිදුවූ වගේම සිදුවෙමින් පවතින දේ ගැන විචාරශීලිව වටහා ගන්නෙත් නෑ. ඒ අතර ජනතාවගේ මේ නොදැනුවත් බව නිසාම ඇත්තටම සිදුවෙන දේවල්වලට සුදුහුණු ගාන දනුෂ්කලා කොටසකුත් ඉන්නවා. ඇමෙරිකාව තමන් ආරක්ෂා වෙන අතරම මුළු ලෝකයම ඉතා සැලසුම් සහගතව නීච ආකාරයෙන් අවුල් කරමින් විනාශ කරනවා. අපට ස්නෝඩන් වීරයෙක් වෙන්නෙ ඒ නිසා. ඔහුගේ හෙළි කිරීම් අනිත් රටවලට තමන්ගේ ආරක්ෂාව සලසගන්න පිටිවහලක් සපයනවා. ඇමෙරිකාව මේ වෙලාවේ ගලේ පැහැරුව බළලෙක් වගේ. කොහොම උනත් මේ විචාර ලිව්ව වැඩි දෙනෙක් ඇමෙරිකාවේ සැබෑ ස්වරුපය ගැන දැනුවත් විම පිළිබඳව මම සතුටු වෙනවා.(නදී)

:       0       0

දනුෂ්ක Friday, 19 July 2013 11:05 PM

බලපු ගමන් හිතට අපු එක කියල දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි, ප්‍රශ්නේ තියෙන්නේ ස්නොව්දෙන් ගැන ඇමෙරිකාව මේ තරම් උනන්දු මොකද කියන එක, ඒක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් අනික ස්නොවුදෙන් ම කියල තියෙනවා මේ ඔත්තු බැලීම නිසා ත්‍රස්තවාදී ප්‍රහාර 50 කට වැඩිය ඇමෙරිකාව වලක්වා ගත්ත කියල, මම හිතන්නේ එක ඇත්තනම් ස්නොවුදෙන් නටන්නේ පිස්සුවක්, ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ එයාලගේ ආරක්ෂාව තමඊ අංක 1 කියලා, ඒ වගේම විශ්වාස කරනවා තමන්ගේ රට තමන්ව ආරක්ෂා කරනවා කියලා, එහෙම නැතුව දෙසපලුවෝ ගහන ගහන පදේට නටන්නෙවත් , උන් කියයනදේ ඉස්මුදුනින් පිලිගන්නේවත් නෑ මේ ලංකාවේ වගේ. (දී)

:       0       0

උදය Saturday, 20 July 2013 02:04 AM

ලංකාවේ මහත්මා ගතිගුණ ඇමෙරිකාවට ගෑවිලවත් නැහැ. රතු ඉන්දියානුවන්ව රවට්ටපු දා ඉදල කළේම වංචා. ප්‍රදාන ප්‍රශ්නේ දැන් ඔබාමට රුසියාව ඉස්සරහ දන ගහන්න වෙන එක. ස්නොව්දන් කියන්නේ අන්තර් ජාතික වීරයෙක්.(නදී)

:       0       0

ඉන්දු ජයකොඩි Friday, 19 July 2013 10:39 AM

මෙන්න අපේ මානව හිමිකම් ගැන කතා කරන අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 3206 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1979 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 735 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2779 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 124 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 255 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 621 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site