රුසියා ජනපති වැල්ද්මීර් පූටින්ගේ පෞද්ගලික රියදුරු අනතුරකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
මොස්කව් නුවර ප්‍රධාන මාර්ගයකදී ජනපතිගේ මෝටර් රිය තවත් මෝටර් රියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවත් එම අනතුර සිදුවන ආකාරය අවට තිබූ කැමරාවල සටහන්ව ඇති බවත් කියති.
අනතුර සිදුවන අවස්ථාවේ ජනපති පූටින් එහි සිට නැති බවත් අධික වේගයෙන් ගිය රිය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රියක හැපීම හේතුවෙන් එම රථයේ රියදුරුද තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.
ජනපතිගේ නිල මෝටර් රිය වන කළු පැහැති බීඑම්ඩබ්ලිව් රථය එසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇති රියදුරු ජනපති පූටින්ගේ ප්‍රියතම රියදුරා බවද රුසියා මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් මිය ගිය රියදුරාගේ නම මෙතෙක් මාධ්‍යයට වාර්තා වී නැති අතර ඔහු වසර 40ක් තිස්සේ නිල රියදුරකු ලෙස සේවය කරන බව කියති.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුසියා ජනපතිගේ නිල රථය අනතුරක : රියදුරු මරුට
රූපවතී Saturday, 10 September 2016 08:01 AM
මේතමයි හරිම විදියට කියනවා නම් "මෝටර්වේ"කියන්නේ. කල්පයක් ගියත් අපේ දේශපාලුවන්ගෙන් බේරිලා අපේ රටට මෙවැනි මාර්ග පද්ධතියක් ලබාගන්න අපිට බැරිවෙයි (නි)
ද සිල්වා Thursday, 08 September 2016 08:56 AM
මෙයත් අර ලංකාවේ දේශපාලකයන්ගේ රියදුරෝ වගේ ජනාධිපතිගේ ඌෂ්ණය ඔලුවට අරන් පාරේ ඉන්න මිනිස්සුත් යටකරගෙන යන කෙනෙක් වගේ. මට දුක අනිත් වාහන වල ආ මිනිස්සු ගැනයි (නි)
ශානක Saturday, 10 September 2016 02:00 AM
රියදුරු ලංකාවේ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
බමුණු Sunday, 11 September 2016 04:31 AM
පුටින් මහතාට කරදරයක් නැහැ නේද.? (ර)
ධම්මික Thursday, 08 September 2016 11:07 AM
ජනපතිගේ වාහනයේ රියදුරු මියගොස් විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ රියදුරු තුවාල ලැබුවා පුදුමයි. (ලංකාවේ එහෙම වෙන්නේ නැහැ) (නි)
සනත් Saturday, 10 September 2016 07:56 PM
මට දැනෙන ලෙස නම් මෙය අධික වේගය පාලනය කරගැනීමට අසීරුවීමෙන් සිදුවූ අනතුරක් (නි)
රවින්ද්‍ර Saturday, 10 September 2016 06:25 AM
මේකනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වියයුතුයි. (නි)
ටෙෂාන් Saturday, 10 September 2016 10:05 PM
ජනපති වාසනාවන්තයි (නි)
හර්ෂ Thursday, 08 September 2016 02:01 PM
මේක මන්තීරු 14 තියන පාරක් (බ)