සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියා අගමැති වැල්ද්මීර් පූටින් උපදෙස් දී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කරයි.
සිරියාවේ මෙහෙයුම්වල සිය ඉලක්ක සපුරාගෙන අවසන් බැවින් මෙම තීරණය ගත් බව පූටින් කියා ඇත. සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජය රුසියාව සමග සමීපතම සබඳතා ගොඩනගා ගත් අතර කැරළිකරුවන්ගේ ප්‍රහාර හමුවේ අසාද් රජය බිඳ වැටීමේ අවදානමක පැවැති සමයේදී රුසියාව සිය හමුදා සිරියාවට යවා මාස හයක මෙහෙයුම්වලින් පසු කැරළිකරුවන් මර්දනය කළේය.
රුසියා හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අසාද් රජයද අනුමත කර ඇතැයි එරට වාර්තා කියයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුසියා හමුදාව සිරියාවෙන් යයි
ගස්පේ Friday, 18 March 2016 09:40 AM
පුටින් සිරියාව වනසලයි ගියේ.ඉස්පිරිතාලවලට තමයි වැඩිපුරම බෝම්බ දැම්මේ. (බ)
පිටබැද්දර ජයා Thursday, 17 March 2016 09:42 AM
මෙන්න නායකයෝ !(අ)
ටිකිරි Wednesday, 16 March 2016 05:17 PM
ඇමරිකාව ආවා නම් රටෙන් බාගයක් විනාශ කරලයි නවතින්නේ (නි)
තිලක් Saturday, 19 March 2016 12:13 AM
මෙන්න ලෝකයේම නායකයා. ඔබට බුදු සරණයි! (නි)
සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 16 March 2016 07:08 PM
කාපු බීපු හෝටලයේ බිල ගෙවා සන්තෝෂමකුත් දීලා යනවා වගේ , වැදගත් විදියට ආ කාර්යබාරය නිමාකොට වැදගත් විදියට යනවා. ඔබට දිගුකල් ජීවත්වීමට සහ ලෝකයේ සාමය වෙනුවෙන් ක්‍රියාකිරීමට දෙවි පිහිට පතමි (නි)
සරත් කොඩිප්පිලි Wednesday, 16 March 2016 02:52 AM
පුටින් නියම බුද්ධිමත් නායකයෙක්. මම ඔබට සුබ පතනවා. (නි)
නාමල් - නිව්යෝර්ක් Thursday, 17 March 2016 06:50 AM
ටිකිරි දන්නා දෙයක් කතාකරන්න. ඇමරිකාව නිසා තමා අයි.එස් සංවිධානයට මැදපෙරදිගින් එහාට යන්න අමාරු වෙලා තියෙන්නේ. පුටින් කළේ සිරියාවේ තෙල් ළිං ටික ලබාගන්න ඒකාධිපති සිරියා ජනාධිපතිට බලයේ රැදෙන්න උදව් කිරීම. (නි)
බමුණු Friday, 18 March 2016 12:49 PM
පුටින් මහතාට වඩා පුටින් මහතා ගැන කතා කොරන අය ගැන මට ආඩම්බරයක් හිතෙනවා. (අ)
උදය Friday, 18 March 2016 09:11 AM
විශිෂ්ට වැඩක්. ඔබට ස්තූතියි (නි)