IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රූ රැජින කුඩු ජාවාරමේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.

සමන්තා ස්කාර්ලිනෝ නම් වන මේ කාන්තාව 1999 වසරේ ඉතාලි රූ රුජිණ තරගාවලියේ අවසන් වටය දක්වා පැමිණියෙකි.ඉතාලියේ රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකද ඇය චරිත නිරූපණය කර ඇත්තීය.

ඉතාලියට කොකේන් කිලෝග්රෑම් 500 ක් ගෙන ආවේ යැයි චෝදනාවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂණ වලින් හෙළිව ඇති කරුණු වලට අනුව ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නොනැවතී මෙක්සිකෝව,පේරු වැනි රටවල වෙසෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාලියේ සිට මුදල් ප්‍රවාහනයේද යෙදී ඇත.

 



අදහස් (0)

රූ රැජින කුඩු ජාවාරමේ

කුමාරන Friday, 22 November 2013 03:13 PM

බටහිර රටවල ඔය වගේ ඒවා ඉතා සුලබයි.ඒකයි අපේ අය ගොඩක් බටහිරට කැමති. (ස)

:       0       0

සත්‍යයා Saturday, 23 November 2013 09:56 AM

අපේ රටෙත් ඉන්නේ මිස්ටර් ශ්‍රී ලංකාවගේ වගේ රුප සුන්දරත්වයෙන් යුතු ආරෝහණ පරිනාමයෙන් යුතු කුඩු වීරයෙක්. වෙනස තියෙන්නේ මිනිහව අල්ලන්න ජගතෙක් ලංකාවේ නොසිටීමයි. (නදී)

:       0       0

පෙටී Saturday, 23 November 2013 10:07 AM

මුදලට...බලයට...සවියට...මතට ..කතට තැන නොතැන දකින නුවන කෙටිය.(නදී)

:       0       0

සෑම් Saturday, 23 November 2013 10:23 AM

චමත්, ඔබ ඔය කියන නිරූපිකාව බේරුනේ බොරුවට ඉස්ලාම් ආගම වැළඳගෙන හිස සහ මුහුණ වසා හිජාබ් ඇඳුමක් ඇඳගෙන උසාවියේ පෙනී සිටිමින් ඉන්දුනීසියාවේ දූෂිත නිලධාරීන්ගේ උදව්වෙන්. ඒකට මෙහෙ මාධ්‍ය උපහාසයෙන් පෙන්නුවේ ඇයගේ ඇඟේ නූල් පොටක් වත් නැතිව නිරුවත් ඡායාරූප සමගයි. (නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 23 November 2013 10:42 AM

අපේ රැජිනියෝ කරන්නේ වෙන ජාවාරම්.(නදී)

:       0       0

චමත් [ලංකාව] Saturday, 23 November 2013 04:49 AM

බොහෝ රටවල් වල නිරූපිකාවන් ,රූප සුන්දරියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔවුන් පොලිසියට අසුවූ අවස්ථාද බොහෝය. ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක් ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී අසුවුනා මත්ද්‍රව්‍යයත් සමග.එරට නීතිය මත්ද්‍රව්‍ය ගෙනගොස් අසුවුනොත් මරණ දඩුවම අනිවාර්යයි. නමුත් ඇයට සිර දඩුවම් පමණක් විද, මරණ දඩුවමින් නිදහස් වීමට හැකි වුණා. ඇය පසු කාලයකදී රූපවාහිනී වැඩ සටහනකදී හඩමින් කියා සිටියා මරණ දඩුවමින් බේරීමට ඇයගේ සියලුදේම කැප කිරීමටත් ,පුජා කිරීමටත් සිදුවූ බව. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 23 November 2013 02:38 PM

සැම් ,මා නොකිවූ ඉතුරු ටික ඔබ කියා ඇත. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 01:47 PM

ඉතාලියේ ඉන්න ලාංකියගේ දැන ගැනීම පිණිස සහ ඉතාලියේ ඉන්න ලාංකිකයන් වැරදි කරනවා කියන පිරිසට දැන ගැනීම පිණිසයි.මම මුකුත් ලියන්නේ නැහැ.නිකන් දැනගන්න කිව්වා විතරයි හොඳේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 112 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1212 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 185 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1490 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 253 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 154 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site