IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලෝකයේ ප‍්‍රථම වයින් කෞතුකාගාරය විවෘත වෙයි

දකුණු දිග ප‍්‍රංශයේ බෝර්ඩෝ නුවර ලොව ප‍්‍රථම වයින් කෞතුකාගාරයක්  ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් විසින් මහජන ප‍්‍රදර්ශනයට විවෘත කැරිණි. බෝර්ඩෝ නගරයේ වර්තමාන නගරාධිපති දක්ෂිණාංශික පක්ෂයේ හිටපු අගමැති, ඇලන් ජුපේ  එහි  ප්‍රධාන ආරාධිතයා  විය.

වසර තුනක් පුරා ගොඩ නැඟු මෙම කෞතුකාගාරයේ වැඩ අවසන් කිරීමට යුරෝ ලක්ෂ 810ක් හෙවත් රුපියල් කෝටි 1350ක් පමණ වියදමක් දරා ඇත. බෝර්ඩෝ නගරය අසලින් ගලා බසින ගැරොන් ගංගාවට යාබදව හා මුහුණලා පිහිටි මහල් 10කින් සමන්විත වර්ග මීටර 13,350 ක විශාලත්වයකින් යුක්ත වෙයි.

ඓතිහාසික පරිසරය, සංස්කෘතිය, ආගම, ගෘහ නිර්මාණ ශිල්පය හා ග‍්‍රාමීය බව මැනවින් සකසා ඇත්තේය. වයින් පූර්ණ ක‍්‍රියාකාරිත්වය ආදිය සියැසින් දැක බලා ගැනීමට ඇවැසි සම්පත් ස්ථාපිත කොට ඇත. කෞතුකාගාරයේ නවීන තාක්ෂණික සිනමා ශාලා, මල් වතු, කුඩා මිදි වතු ආදිය ද ඇත්තේය. විවිධ වයින් වර්ග වල රස බැලීමටද අවස්ථාව ලැබේ.

වයින් නිෂ්පාදනයට ප‍්‍රසිද්ධ දකුණු අප‍්‍රිකාව,  ඕස්ටේ‍්‍රලියාව, ආර්ජන්ටිනාව, චිලිය, පෘතුගාලය, ඉතාලිය, ස්පාඤඤ්ය, ඇමෙරිකාව ආදි රටවල වයින් වර්ග ද එහි ඇත. 

මීටර් 35ක එහි ප‍්‍රමාණයේ සිට අංශක 360ක දිශානතිය නැරඹීමට හැකි නැරඹුම් මැදිරියක් ද ඇත. වසරකට සංචාරකයන් ලක්ෂ 5ක් පමණ කෞතුකාගාරය නැරඹීමට එතැයි විශ්වාස කරන බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් පිලිප් මැසොල් කියයි. කෞතුකාගාරයට නැරඹීමට යුරෝ 20 ක් (රුපියල් 3300 ක්)  අය කරයි.

පැරීසියේ සිට කි:මී: 585 ක් දුරින් පිහිටි බෝර්ඩෝ නගරය යාකරන  නව අධිවේගී දුම්රිය මාර්ගයක ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් සිටියි.

2017 ප‍්‍රංශ ජනජාධිපතිවරණයට දක්ෂිණාංශික පක්ෂයෙන් හිටපු අගමැති ඇලන් ජුපේ සමාජවාදි පක්ෂයෙන් වර්තමාන ජනාධිපති  ලෙස තරඟ කිරිමට  ඉඩ ඇතැයි  පැරිස් පුවත්පත් කියයි.

09[1] cite_vin22[1]

02[1]_69  

 



අදහස් (0)

ලෝකයේ ප‍්‍රථම වයින් කෞතුකාගාරය විවෘත වෙයි

විකුම් රංගන Wednesday, 01 June 2016 12:43 PM

අනේ! අපිට ඉතින් හදන්න වෙන්නේ කසිප්පු කෞතුකාගාර තමයි. හොඳ වයින් ටිකක් බොන්නත් පින තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ධර්මසිරි ජර්මනි Thursday, 02 June 2016 06:43 AM

මේ වැනි අති විශේෂ ලෝකයේ සිදුවෙන හා නිර්මාණ අපිට දැනගන්න කියවන්න අවස්ථා ලැබෙන්නේ ලංකාදීප පැරිස් මාධ්‍යවේදී සුනිල් ආනන්ද මහතාණනි ඔබතුමා අපේ දරුවන්ට අපිට කරන මේ සේවයට ඔබට ස්තුති පුදකරලා මදි. ගොඩාක් පිං ඔබට මෙවන්දේ තවතවත් ලියන්න චිරංජයතු ....(බ)

:       0       0

ඕගස්තින් Thursday, 02 June 2016 08:31 AM

ගොඩාක් ස්තුතියි ඔබට මෙය පළකරාට .. (ම)

:       0       0

සිසිල් Saturday, 04 June 2016 08:11 AM

මේ වගේ ලෝකයේ සිද්ධවෙන අලුත් දේවල් අපේ රටේ මිනිසුන්ට දැනගන්න ඉඩදෙන්න ඕනෑ. අපේ අය ළිඳේ ඉන්න ගෙම්බන්ගේ තත්ත්වයෙන් මුදවන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 91 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1197 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 159 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1475 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 244 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 150 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site