ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දිනය වෙනුවෙන් සමරු උත්සව සහ පින්කම් කිහිපයක් ලන්ඩන් නුවරදී සංවිධානය කර ඇත. ඉන් පළමුවැන්න 4 වැනි බ්‍රහස්පතින්දා උදේ 9.30 ට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
වැඩබලන මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් මහ කොමසාරිස් කාර්යාල අභියසදී ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමෙන් උත්සවය ආරම්භ කෙරෙයි. එහිදී මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළුව හින්දු, ඉස්ලාම් සහ කතෝලික පුජකවරුන් ද ශ්‍රී ලංකාවටත්, රජයටත් ජනතාවටත් සෙත් පතමින් ආගමික වතාවත් සිදුකිරීමටත් ශ්‍රී ලාංකික සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇත.
මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නිදහස් දිනය වෙනුවෙන් සෙත්පැතීමේ පින්කමක් 4 වෙනිදා සවස 7 ට පැවැත්වෙයි. අනතුරුව නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පෙන්වන වාර්තා චිත්‍රපටයක්ද පෙන්වීමට කටයුතු යොදා ඇත.
පෙබරවාරි 5 වැනි දින සවස ලන්ඩන් නුවර විදේශ තානාපති වරුන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් ශ්‍රී ලංකා මහ කොමසාරින් නිල නිවසේදී පැවැත්වෙයි.
විදෙස් රටවලට ශ්‍රී ලංකාවේ සංවර්ධන, අධ්‍යාපන, සෞඛ්‍ය සංචාරක වැනි විවිධ ක්ෂේත්රයන් සඳහා සහාය වීමේ හැකියාවන් හා අවස්ථා පිළිබඳව තානාපති වරුන් දැනුවත් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙයි.
පසුගිය ජනවාරි 30 වන සෙනසුරාදා හීත්රෝ අතුල දස්සන විහාරස්ථානය විසින් නිදහස් දිනය වෙනුවෙන් නිදහසේ අරුත විදහා දැක්වූ සිංහ 4 නමින් සංස්කෘතික උළෙලක් පවත්වනු ලැබිය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලක් නිදහසේ අභිමානය ලන්ඩන් නුවරටත්