තම අතට පරිගණක චිපයක් බද්ධ කරගෙන සිටිනා පුද්ගලයෙකි" ජර්මන් ජාතික ටිම් කැනන්.
මෙම පරිගණක චිපය ටිම් සතුව ඇති පරිගණකය හා රැහැන් රහිතව සම්බන්ධ වේ.එසේ වූ විට පරිගණක තිරය මත දර්ශනය වන්නේ ටිම්ගේ ශරීර උෂ්ණත්වය,හෘද ස්පන්ද වේගය ආදී කරුණුය.හදිසියේවත් ශරීර උෂ්ණත්වය හෝ හෘද ස්පන්ද වේගය ඉහළ ගියහොත් චිපයේ සවිකර ඇති එල්.ඊ.ඩී. බල්බ දැල්වෙන්නට පටන් ගන්නේ චිපය බද්ධ කර ඇති සම ප්‍රදේශයේ එළියෙන් නහවමිනි.මෙම පරිගණක චිපය ජවගැන්වීමට එහිම වන විදුලි කෝෂයක්ද ඇති අතර එය ආරෝපණය කෙරෙන්නේත් රැහැන් රහිතවය.
මෙම චිපය නිර්මානය කර ඇත්තේ ටිම් කැනන් මය.එය තම අතට බද්ධ කර ගැනීම සිදුකරගෙන ඇත්තේත් ඔහුමය.ටිම්ට අනුව මේ එළැඹ ඇත්තේ මිනිසාටම තම තමන්ගේ සිරුරු වැඩිදියුණු කර ගැනීමේ යුගයයි.මෙම චිපය බද්ධ කර ගැනීම ආරම්භය පමණක් බවත් ඉදිරියේදී තම සිරුරට තව තවත් අංගයන් බද්ධ කර ගැනීමට සැළසුම් කර ඇති බවත් ඔහු කියයි.
මිනිස් හා රොබෝ සංකලනයක් වන ‘සයිබෝර්ගයෙක්‘ බවට පත්වීම ටිම්ගේ අරමුණයි.තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නේ නම් මිනිස් සිරුරේ දුබලතා සියල්ල මගහරවාගෙන තමන්ට සදා අමරණීය වීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
මෙම චිප වෙළදපොළට නිකුත් කිරීමටත් ඔහු බලාපොරොත්තුවෙන් සිටින අතර අවශ්‍ය පුද්ගලයින් වෙතොත් තමාම සැත්කම කර ඒවා බද්ධ කර දීමට ඉදිරිපත් වන බව ඔහු කියයි.
ටිම්ගේ මෙම ‘සයිබෝර්ග්‘ අනුවර්තන ක්‍රියාදාමය ලොව ඊළග විලාසිතාව වීමට ඉඩ තිබේයැයි විචාරක අදහසයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලෙඩ බලා ගන්න පරිගණක චිපයක්
වෙනුර Tuesday, 05 November 2013 10:58 AM
මේකේ සම්පුර්ණ වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න .(නදී)
දුම්මලසූරිය Tuesday, 05 November 2013 11:19 AM
අපේ රටට නම් මේක හදුන්වා දෙන්න බැරිවේවි. මොකද මුළු රටේම වෛද්‍යවරු මේකට විරුද්ධව උද්ගෝෂණය කරනවා ඒකාන්තයි.එහෙම කරන්න හේතුව හැමෝටම හිතාගන්න පුළුවන් නේද? (නි)
රවී Tuesday, 05 November 2013 11:28 AM
කෝ මේකේ වෙනුරගේ ලින්ක් එකක් තිබ්බට එක නෑනේ. කරුණාකරලා ලින්ක් එක දෙන්න. (ස)
වෙනුර Tuesday, 05 November 2013 11:32 AM
http://www.youtube.com/watch?v=clIiP1H3Opw මේකේ සම්පුර්ණ වීඩියෝ එක, ඉහත ලින්ක් එකෙන් බලන්න. (ස)
මංජුල Wednesday, 06 November 2013 07:43 AM
දේව වචනයේ පැහැදිලිව කියලා තිබෙනවා අවසාන කාලයේ මේ වගේ දේවල් වෙනවා කියලා. ලෝකය විනාශ වෙලා යේසුස් වහන්සේ පොළවට එන්න ළගයි. (නි)
අබ්දුල් Tuesday, 05 November 2013 02:57 PM
ලෙඩේ හොයා ගන්න ගිහිල්ලා පිලිකා වැනි රෝගයක් හැදෙයි කියලයි මම හිතන්නෙ මේ වැඩෙන්. (ස)