නව වසරට සුභ පැතීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද වන්දනා සමය සිහිපත් කරමින් මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපු මුලස්ථානය විසින් සංවිධානය කෙරුණ සර්ව රාත්‍රී "සිරි ගෞතම මුනි සිරිපා වන්දනා" පින්කමක් දෙසැම්බර් 31 වන බ්‍රහස්පතින්දා පැවැත්විණි. අසපුව පිහිටි බැසිල්ඩන් නගරයේ වොට් ටයිලර් ශාලාවේදී පැවැත්වුණ පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වුහ.
සවස 6 සිට පසුදින උදැසන 6 දක්වාම පැවැත්වුණ පිංකම සඳහා බුද්ධ වන්දනා, ධර්මදේශනා, ධර්ම සාකච්ජා, පිරිත් දේශනා සහ සිරිපා වන්දනාව ඇතුළත් විය. පිංකම මෙහෙයවුයේ මහමෙව්නාව භාවනා අසපුවාසි ස්වාමින් වහන්සේ විසිනි.
මේඅතර එම දිනයේදීම සරේ අසපුව සහ හිලින්ඩන් අසපුව විසින් ස්වර්ණමාලි මහසෑ වන්දනාවක් සහ සර්ව රාත්‍රික සිංහල සහ පාලි පිරිත් සජ්ජායනාවක්ද, වොරින්ටන් අසපුව විසින් සත්බුදු වන්දනා පින්කමක්ද සටැන්මෝර් අසපුව විසින් සිරි ගෞතම ධාතු වන්දනාවක් සහ පිරිත් සජ්ජායනාවක්ද පවත්වනු ලැබීය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලන්ඩන් නුවරදී සිරිපා වන්දනාවක්