බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් නදිය ආසන්නයේ තිබී දෙවන ලෝක යුධ සමයට අයත්යැයි සැලකෙන බෝම්බයක් සොයාගැනීම හේතුවෙන් ලන්ඩන් නුවර ගුවන්තොටුපල තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇත.
බලධාරින් පවසන්නේ ජර්මනියේ නිශ්පාදිත එම බෝම්බය කිලෝ ග්‍රෑම් 500ක පමණ බරින් යුතු බවයි. ජෝර්ජ් වී ඩොක් නම් ස්ථානයේ තිබී බෝම්බය සොයාගෙන ඇත.
බොම්බය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් ඉරිදා (11) දිනය පුරාම ගුවන්තොටුපල වසා දැමුනු අතර සියලුම ගුවන් ගමන් අවලංගු කරනු ලැබිණි. බලධාරීන් පවසන්නේ මේ හේතුවෙන් 16000ක පමණ මගීන් පිරිසක් අපහසුතාවයට පක්වූ බවයි.
(බීබිසී ඇසුරිණි - 085)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලන්ඩන් නුවරින් දෙවන ලෝක යුධ සමයට අයත් බෝම්බයක්