ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ලෙබනනයේ තවත් අමාත්‍යවරියකු අද (10) ඉල්ලා අස්විය. මෙසේ ඉල්ලා අස්වූයේ ලෙබනනයේ අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ මාරි ක්ලෝද් නජීම් මහත්මිය ය.
මේ අනුව, මේ වනවිට ලෙබනන ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකු ඉල්ලා අස් වී ඇත. පසුගිය සතියේ ලෙබනන අගනුවර, බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු අද වනවිට ලෙබනනය අර්බුද ගණනාවකට මුහුණ දී පා සිටියි. පිපිරීමට පෙර සිටම ලෙබනනය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අතර නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අර්බුද රැසක් ද නිර්මාණය වී තිබිණි.
අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් කරමින් පසුගිය සතියේ සිදු වූ පිපිරීමෙන් පසු මියගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණය ඉල්ලමින් ලෙබනන ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වූ අතර එම විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති අතරම එම විරෝධතා ආණ්ඩු සහ දේශපාලන තන්ත්‍රයටත් රට තුළ ක්‍රියාත්මක දූෂණයටත් එරෙහි විරෝධතා බවට හැරී තිබේ.
අධිකරණ අමාත්‍යවරියට පෙර ලෙබනනයේ පරිසර අමාත්‍ය ධුරය හෙබවූ දමියනෝස් කට්ටාර් සහ තොරතුරු අමාත්‍ය ධුරය හෙබවූ මනාල් අබ්දෙල් සමාද් යන එම අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූහ.
ආණ්ඩු විරෝධී විරෝධතාවලට ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට එක්රැස් වී සිටිති. බේරූට් වරායේ සිදු වූ පිපිරීම වළක්වා ගත හැකිව තිබූ එකක් බව මේ වනවිට අනාවරණය වී තිබෙන අතර ලෙබනන පාලකයන්ගෙන් සහ වරාය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදු වූ බවට බොහෝ පාර්ශව චෝදනා කරති. නොසැලකිල්ල සහ සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා පිපිරීම සිදු වූ බව ද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මේ වනවිට දින කිහිපයක් මුළුල්ලේ විරෝධතා පැවැත්වෙන අතර විරෝධතාකරුවෝ ඉරිදා ලෙබනන පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කළහ. විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළා දමමින් ලෙබනන පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලෙබනනයේ අධිකරණ ඇමැතිනි ඉල්ලා අස්වෙයි