කිලෝ මීටර් 57ක් දිග දිගම උමං මාර්ගය පසුගිය ජූනි 01 වැනිදා ස්විට්සර්ලන්තයේදි සඳහා විවෘත විය. ස්විට්සර්ලන්ත අගමැති ජොහාන් ස්නයිඩර් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද්, ජර්මනියේ චාන්සලවරිය ඇන්ජෙලා මෙර්කෙල්, ඉතාලියේ අගමැති මැතියෝ රෙන්සි, ඔස්ටි‍්‍රයා අගමැති ක‍්‍රිස්ටියන් කර්න් යන රාජ්‍ය නායකයෝ සහභාගි වුහ.
යුරෝපයේ උතුර හා දකුන දුම්රිය මාර්ග යා කිරීමට සැළසුම් කර ඇති මෙම දුම්රිය මාර්ගය ඉදිරි කාලයේදි ජර්මනියේ ප‍්‍රැන්ක්පට්, ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග්, ස්විට්සර්ලන්තයේ බාසෙල් නගර ඔස්සේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිට ඉතාලියේ මිලාන් නුවර දක්වා ඒකාබද්ධ කිරීමට යයි.
බෝඩියෝ නගර යාකර එස්ට්ෆෙල්ඩ් හා මධ්‍යම ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියේ පතුල ඔස්සේ මෙම උමග මුහුදු මට්ටමෙන් මීටර් 550ක් ඉහළින් ඉදිකර ඇත්තේය. වසර 17ක් මුළුල්ලේ සමාගම් 3000 ක සේවකයෝ 6000ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට එක් වූහ. මේ සඳහා යුරෝ මිලියාන 11ක් වැයවී ඇත්තේය. උමගේ පස් හා සුන්බුන් වශයෙන් ටොන් ලක්ෂ 280ක් ඉවත් කැරිණි. උමග පසු කිරීමට විනාඩි 20ක් ගතවේ. 2016 දෙසැම්බරයේ මගීන් ප‍්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇත. දැන් භාණ්ඩ කැරෙයි.
ප‍්‍රංශය හා එංගලන්තය යා කරන මුහුද යටින් තනා ඇති කිලෝ මීටර් 50ක් දිගැති උමග හා ජපානයේ ෂෙයිකාන් නුවර කිලෝ මීටර් 53.8 ක් දිගැති උමං මීට පෙර ඉදි කැරිණි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොව දිගම උමං දුම්රිය පාර යුරෝපයේ
අමිරා පැරිස් Monday, 06 June 2016 07:11 PM
අපේ ඒකාබද්ධ විපක්ෂයේ අය මේවට කැමතිම නැහැනේ. ඉන්දියාවත් එක්ක උමගක් හෝ පාලමක් මඟින් ලෝකයත් සමඟ ගොඩබිමින් සම්බන්ධ වුණාම දැනෙන වටිනාකම දන්නා අය ඕවට විරුද්ධ වෙන්නේ නැහැ. මෙවැනි උමං දුම්රිය පොලවල වීසා පාස්පෝර්ට් පරීක්ෂා කරනවා අනවශ්‍ය සංක්‍රමිකයන්ව පාලනය කරන්න. අපේ අය බොරු ජාත්‍යාලයක් පෙන්වනවා බලය ගන්න (නි)
අතුල Sunday, 05 June 2016 11:47 AM
ලංකාවේ ඉන්න අපිට මේ වගේ දෙයක් කවදා මේ රටේ දකින්න ලැබෙයිද? (නි)
සරෝජා මිලානෝ Monday, 06 June 2016 09:24 AM
අනේ පිටිගල ඔබ වගේ මිනිහෙක්! ලංකාවේ විශාල ජනතාවක් ගෙවල් අහිමි වෙලා අාහාර ප්‍රශ්න සහිතව අවතැන් වෙලා ඉන්න මේ මොහොතේ ඔබ සැරසෙන්නේ උදේ, දිවා සහ රාත්‍රී කෑම රටවල් තුනකින් කා දමන්නද? (නි)
අසෝකා Monday, 06 June 2016 10:40 AM
එහෙමනම් ජයන්තගෙන් ලංකාවේ කෑමකුත් පිටිගලගේ ලිස්ට් එකට එකතු කර ගන්න. (ර)
රජිත් Sunday, 05 June 2016 01:48 PM
ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපොල නම් ඉතින් මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළනේ (නි)
පිටිගල මිලානෝ Sunday, 05 June 2016 08:37 AM
පැරිසිය සහ මිලානෝ නගරය පැය තුනකින් යා කළහැකි නව අධිවේගී රේල් මාර්ගය කොටස් වශයෙන් ආරම්භ වී ඇතත් 'පියෙමොන්තේ' ප්‍රදේශයේ ගොවියන්ගේ දැඩි විරෝධය නිසා එම සශ්‍රීක සානුව තුළ වැඩකටයුතු බෙහෙවින් පමාවී තිබෙනවා. මෙය ඉක්මනින් නිමකිරීමට හැකිවන්නේ නම් උදේ අාහාරය මිලාන් වලින් ගෙන දවල් කෑම පැරිසියෙනුත්, රාත්‍රී අහාරය ලන්ඩනයෙනුත් අපහසුවෙන් තොරව කෑ හැකිය. (නි)
සමන් පැරිස් Sunday, 05 June 2016 04:28 PM
හොඳ පැහැදිලි කිරීමක්. සතුටුයි. සුනිල් ආනන්දට ස්තුතියි (නි)
ජයන්ත Sunday, 05 June 2016 07:05 PM
මම පදිංචිවෙලා ඉන්නේ මේ උමං දුම්රිය මාර්ගයට ආසන්නව. අති සුන්දර ප්‍රදේශයක් (නි)
මහේෂ් නවරත්න Monday, 06 June 2016 01:22 PM
පිටිගල කියල තියෙන විදියට උදේට මිලාන් වලින්. දවල්ට පැරිසියෙන්. රෑට ලන්ඩන් වලින්. ඊටපස්සේ ලන්ඩන් වලින් ශ්‍රී ලන්කන් ගත්තා නම් උදේට කටුනායකදී දත් මැදලා මහින්ද මහත්තයාගේ අධිවේගය අරගෙන, දවල්ට හම්බන්තොටින් කොත්තු පාරක් දාන්න බැරියෑ (නි)
රුවන් Monday, 06 June 2016 04:29 PM
අපේ රටෙත් මෙහෙම දියුණු වෙනවානම් බොහොම අගෙයි. (ර)