IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට ෆින්ලන්තයයි


ලොව සතුටින්ම ජීවත්වන රටවල් අතරින් ෆින්ලන්තය නැවතත් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත.
 
රටවල් 156 ක රටවල්වල දත්ත අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ නවතම වාර්තාවකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
 
දකුණු සුඩානය ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානයට පත්ව ඇති අතර ඒ අනුව ලොව අසතුටින්ම සිටින ජනතාව ඇත්තේ දකුණු සුඩානයේය.
 
මෙම ශ්‍රේණිගත කිරීහ සඳහා ඒක පුද්ගල ආදායම, සමාජය සහයෝගිතාවය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවදානය යොමු කර ඇත.
 
 නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් පෙරමුණේ සිටින අතර  එක්සත් ජනපදය 19 වන ස්ථානයේ පසුවෙයි.


(රොයිටර් ඇසුරෙනි)
 
63226 



අදහස් (10)

ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට ෆින්ලන්තයයි

menna Thursday, 21 March 2019 12:37 PM

සිංහල බෞද්ධ අය ඉන්න රටට මොකක්ද වුනේ? නිඝන්ටයො ඉන්න රටක් වෙලාද?

:       5       109

ravi Thursday, 21 March 2019 12:43 PM

මම හිතුවේ එහෙම අය ඉන්නේ ලංකාවේ කියලා...

:       4       68

chathuri Thursday, 21 March 2019 01:09 PM

මෙහෙම වෙන්නේ කොහොමද. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවනේ මේ වගේ උතුම් රටේ මිනිසුන් අසතුටෙන්ද ඉන්නේ.

:       35       50

smn Thursday, 21 March 2019 02:27 PM

ෆින්ලන්තය තමා පින්ලන්තය.

:       0       108

kim Thursday, 21 March 2019 03:07 PM

ලංකාව 131 වන තැන. සුඩානයට ඉන්න තැනට යන්න තව වැඩිය නෑ. අපි පසුගිය අවු 70 කලා වගේ ඒ අයම නැවත පත් කරගෙන ඉක්මනට ම ඒ තැනට යමු.

:       20       176

බද්රානි Thursday, 21 March 2019 08:34 PM

තවම ජාත්‍යන්තරය හඳුනා නොගත් "සිලි පිංකාව" නමැති රටක් තියනවා. බහුතරය මෝඩයින් වුණු, ඒ රටේ, රටට කිසිඳු සේවයක් නොකර පිනටම කකා තෙල දමා සිටින දේශපාලකයන්ට ආවඩන පින්ගුත්තරයින් හා තක්කඩි දේශපාලකයන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන නිලධාරි පැලැන්තිය තරම් සතුටින් සිටින, ලෝකෙන් උතුම් රටක් මේ ලෝකයේම නැහැ. එ්ත්, රටේ කයිවාරු කාරයින් කොතරම් රටේ සිටියත්, තවමත් ඒ දූපත ගැන ලෝකයා නොදන්නා එකයි අපට තියන ප්‍රශ්නේ...

:       1       46

abaran Friday, 22 March 2019 01:33 AM

හයියෝ....ලෝකේ සතුටින්ම ඉන්න දෙසිය විසිපහ නම් ලංකාවේ ඉන්නේ...

:       0       3

දිලුම් Friday, 22 March 2019 03:47 AM

ලංකාවේ මිනිස්සුන්ට සතුටින් ඉන්න බැරි වෙන එකක්වත් නිසා නෙමෙයි රටේ ආදායම් උපයන්න තියන සම්පත් තමන්ගේ කොමිස් කුට්ටියට තියන පෙරේතකමට කුණුකොල්ලෙට රට විකුණන ගස් ටික කපල ගිනිපෙට්ටි ගෙවල් හදමින් කොමිස් ගන්න 225 නිසා. මේ 225 නිසා හා උන්ට කත් අදින රජයේ ලොකු නිලධාරින්ගේ ගව ප්‍රතිපත්ති නිසා සමස්ථ ජාතියම අද දුක් විදිනවා. සතුටක් කියල පේන මානෙකවත් නෑ. අද මේ රට පවකට ඉපදෙන රටක් වෙලා.

:       0       71

සරණපාල Friday, 22 March 2019 06:47 AM

ලෝකය දුකකි. මේවා බටහිර මිනුම් දඬු.

:       0       0

Rane Friday, 22 March 2019 01:18 PM

අපිටත් ළඟදීම සතුටින් ඉන්න ලැබේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site