IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලේසර් රියක් ඇමරිකාවෙන්

රථ වාහන ක්ෂේත්‍රයේ අලූත්ම පෙරළියක් සනිටුහන් කරමින් ලේසර් කිරණ බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් ඇමරිකාවේ ඩවර්ලට් මෝටර් රථ නිෂ්පාදක සමාගම පසුගියදා එළිදැක්වූවේය.

චැප්රල් 2 එක්ස් වීජීටී නම් වූ මෝටර් රථය ෆෝමියුලා වන් තරග වල ධාවනය වන අධිවේගී මෝටර් රථයක පෙනුම ගත්තේය.එය මාර්ගයේ ධාවනය කළ හැකිදැයි බොහෝ දෙනාට පැනයක් නැගුණත් ඉදිරි පරීක්ෂණ වලින් එහි පෙනුම සාමාන්‍ය මෝටර් රථයක් දක්වා වෙනස් කෙරෙන බව නිර්මාපකයෝ පැවසූහ.

මෝටර් රථයේ පෙනුමින් පසු අවධානය යොමුවූයේ එය ජවගැන්වෙන්නේ කෙසේද යන්නටය.ලේසර් කිරණ වලින් මෝටර් රථයක් ජවගැන්වීම මායාවී දෙයක් ලෙස පෙනෙනන්ට තිබුණි.

ඒ පිළිඹඳවද පැහැදිලි කිරීමක් කළ නිර්මාපකයෝ මොටර් රථයේ සවිකර ඇති ලේසර් කිරණ ජනකයකින් අති ප්‍රබල ලේසර් ස්පන්ද ජනනය කරවා අනතුරුව එම ස්පන්ද ආධාරයෙන් විශේෂ සුළං ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා එයින් උපදින වේගවත් සුළං ධාරා උපයෝගී කරගෙන මෝටර් රථය ධාවනය කරවෙන බව සඳහන් කළහ.

මෙම සුළං ජනක යන්ත්‍රයෙන් අශ්වබල 900 ක බලයක් ලබා ගත හැකි බව පැවසුනි.මෝටර් රථය ඉතා සැහැල්ලූ වීම නිසාම එයට ක්ෂණික ත්වරණයක් අත්කර හැකි බවත් පැයට සැතපුම් 240 ක උපරිම වේගයක් කරා පහසුවෙන්ම ළගා විය හැකි බවත් වැඩිදුරටත් සදහන් කෙරුණි.

මෙම මෝටර් රථයේ රියැදුරා සිටින්නේ නිදා සිටින ඉරියව්වකිනි.එමගින් සාමාන්‍ය අවස්ථාවකදී මෝටර් රථයට එක්කෙරෙන ආම්පන්න ප්‍රමාණය අඩු කරගෙන මෝටර් රථය ඉතා සැහැල්ලූ වන ලෙස නිපදවීමට නිර්මාපකයින්ට හැකිව ඇත.

මෝටර් රථය තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය.එසේ වුවත් මෙය මෝටර් රථ වල ඉදිරි අනාගතය පෙන්වන හොදම උදාහරණයක් බව ප්‍රදර්ශනයට සහභාගීවූවන්ගේ අදහස වුනි.

23505D8900000578-2843360-image-66_1416527923043 235853FF00000578-0-image-40_1416526397690



අදහස් (0)

ලේසර් රියක් ඇමරිකාවෙන්

එරංග Tuesday, 25 November 2014 06:50 AM

තාක්ෂණයේ තරම (දී)

:       0       0

කරන් Sunday, 23 November 2014 06:09 AM

අපේ පාලකයෝ මුල ඉඳලම නිෂ්පාදන හදන අධ්‍යාපනයක් ඇති කරල නෑ, කරන්නෙත් නෑ (නදී)

:       0       0

දමිත් Tuesday, 25 November 2014 03:20 AM

හොඳ පුවතක් (නදී)

:       0       0

තිලංග Friday, 28 November 2014 08:38 AM

උදාර, ඔයා හරි. අද ඇමෙරිකාවේ තිබෙන තාක්ෂණය ගැන නම් කියන්න වචන නැහැ (නි)

:       0       0

සංජය ප්‍රභාත් Wednesday, 26 November 2014 03:28 AM

විද්‍යාත්මකයි (නදී)

:       0       0

රජින්ද Saturday, 22 November 2014 04:57 AM

විද්‍යා ප්‍රභන්ධ වල එන රියක් වගේ. (නදී)

:       0       0

ට්‍රියාන් Saturday, 22 November 2014 05:06 AM

අන්න ඇමරිකාවෙන් වුණත් හොඳ වැඩක් (අ)

:       0       0

සුරේෂ් Saturday, 22 November 2014 10:19 AM

හොද වැඩක්.(හේ)

:       0       0

උදාර Wednesday, 26 November 2014 04:37 AM

ලංකාවේ කවදාවත් මේව හදන්න දැනුම තියෙන උන් බිහිකරන්න උත්සාහ කරන්නෙ නෑ කවි තතාන්දර පාඩම් කරලා ගන්න කලා උපාධියයි හොරකමයි වංචාවයි විතරයි අපේ රටේ කියෙන්නෙ.(අ)

:       0       0

අශේන් ශානුක Friday, 21 November 2014 09:17 AM

තාක්ෂණයේ දියුණුව (බ)

:       0       0

ඉසුරු Saturday, 22 November 2014 06:05 AM

මොනවා උනත් සුපිරියි (නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 23 November 2014 01:34 AM

අපේ නාමල් මන්ත්‍රී තුමා පදින කාර් එකත් මේ වගේ නේද ..? (නදී)

:       0       0

අන්වෙර් සදාත් Sunday, 23 November 2014 10:00 AM

ඔද දේවල් කොහෙන් උනත් හොදියි. (ර)

:       0       0

වජිර Monday, 24 November 2014 11:31 PM

මේවා බලා ගෙන්වන්නවත් නිෂ්පාදනය ගැනවත් හිතන්න එපා. රැකියාවන් නිර්මාණය කිරීමට හිතන්න. (නි)

:       0       0

ජයන්ත Friday, 21 November 2014 10:45 AM

මේක අලුත් තාක්ෂණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site