IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා

ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන ආකාරයේ මෘදුකාංග භාවිතාකර ඇතිබව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පත්ව ඇත.

"වංචනික කුටෝපක්‍රමයක්" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. පසුගිය සතියේ වොක්ස්වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුලාකිරීමක්" සිදුවී ඇතිබව පිළිගත්තේය.

මෙම පුවත අනාවරනයවූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක් සිදුවුවා නම් එහි සම්පුර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වොක්ස්වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන්  නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්ස්වැගන් සමාගමේ අතිශය ජනප්‍රිය " බීට්ල්" වාහනයේ නිර්මාතෘ ෆර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි. 

1937 මැයි 28 වනදා වොක්ස්වැගන් හෙවත් "පොදුජනයාගේ වාහනය" නමින් සමාගමක් ආරම්භ කළේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ උවමනාව සහ උසිගැන්වීම මතය. අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්වී ඇත.

2009 වසරේ සිට මේ දක්වා ලොව වටා විවිධ මාදිලියේ වොක්ස්වැගන් ඩිසල් වාහන මිලියන 11 කටත් වඩා අලෙවි කර ඇත. මේවා අතර ජෙටා, බීටල්, ගොල්ෆ්,පසාර්ට් මෙන්ම එම සමාගමටම අයිති "අවුඩි" සමාගමේ ඒ 3 වර්ගයේ වාහනද වෙයි. 

මේ සියලුම වාහනවලින් විෂවායුව පිටකෙරෙනු පරීක්ෂාකිරීමේදී "වංචනිකව එම පරීක්ෂාවෙන් ගැලවීමට හැකිවන අන්දමේ" මෘදුකාංග විශේෂයක් ඒවායේ එන්ජිමට සම්බන්ධ කර ඇතිබව හෙළිවීම මේ අලකලංචියේ මුලාරම්භයයි. 

මේ අතර ජර්මන් බලධාරීන් වොක්ස්වැගන් සමාගම මඟින් සිදුකර ඇති මෙම බරපතල හානිය පිළිබඳව වගකිවයුතු එම සමාගමේ සේවානියුක්තිකයින් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි.

මෙම සිද්ධිය එළිවූ විගස කොටස් වෙළඳ පොලේ ෆොක්ස්වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත. 

මෙම සංසිද්ධිය පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක් වුවද අනාගත පැවැත්ම පිළිබඳව දැනට උද්ගතව ඇති අවිනිශ්චිත භාවයෙන් ගොඩ ඒමට වොක්ස්වැගන් සමාගමට අසීරුවන්නට හොඳටම ඉඩ ඇති බවය.

වාහන එන්ජින්මෙන් විෂවායුව පිටවීම වැළැක්වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයින්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරික්ෂාවට ලක්කරන අවස්ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රියව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මෙම ක්‍රියාවලිය මඟහැර යාම සඳහා වොක්ස්වැගන් සමාගම මෘදුකාංගයක් සවිකර ඇත්තේ පරිෂා කරන උපකරණය රැවැට්ටීමට හැකිවන අයුරිනි.

අවුඩි, බෙන්ටලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට් සහ ස්කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ වොක්ස්වැගන් සමුහ ව්‍යාපාරයටය. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත.

වොක්ස්වැගන් සමාගමේ වර්තමාන අර්බුදය වාර්තා වෙන්නේ ජර්මන් විදේශ ඇමති වරයා ලංකාවේ සංචාරයක නිරතවීම සහ වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමට අදාළ ගිවිසුම් අනුමත කිරීම වැනි ක්‍රියාමාර්ග සහිත පසුබිමකය.

BW-TDI2015924 VOLSKS2015924 VW22015924



අදහස් (0)

වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 04:58 PM

අර ඡන්ද කාලේ වෙළඳ දැන්වීමේ හිටිය ජෝඩුව තාම වැස්සට ගොඩවෙච්ච තැන බලාගෙන ඇති ඒ කියපු වොක්ස්වැගන් එක එනතුරු (නි)

:       0       0

රුවන් Monday, 28 September 2015 05:01 AM

මේක දන්නා නිසා තමයි ලංකාවටත් එන්න හැදුවේ, දැන් ඉතින් කියයි ප්‍රශ්නයක් නැහැ කියල. (බ)

:       0       0

නිමල්ලලිත් Saturday, 26 September 2015 03:05 AM

මෙම ගෞරවනීය ඉල්ලා අස්වීම මේ සිරි ලංකාවේ ආදර්ශයක් වේවා. (අ)

:       0       0

සෙනරත් ගජනායක Thursday, 24 September 2015 06:52 PM

වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය කරන ව්‍යාපෘතියට මොකද වෙන්න යන්නේ? ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක වියදමකට අමතරව ඇමෙරිකාව ඇතුළු අනෙකුත් රට වලින් දැමීමට යන නඩු නිසා ලංකාවේ ව්‍යාපෘතිය කොට උඩ යයිද? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 24 September 2015 09:11 PM

සුද්දා හරිම කපටියි. කොහොමහරි කණෙන් රිංගන්නයි බලන්නේ. (නි)

:       0       0

සොපි Saturday, 26 September 2015 05:02 AM

කිර්තිනාමය නැති කරගත්තොත් ඔක්කොම බංකොලොත් තමයි .(අ)

:       0       0

කල්ප Friday, 25 September 2015 12:27 AM

මෙයාලා ලංකාවට ආවොත් අපේ පරිසරයට වින නොකරන බවට සහතික විය හැකිද? (නි)

:       0       0

කමල් Friday, 25 September 2015 12:33 AM

මදැයි වාහනයක් ගන්න මමත් සිහින මැව්වා? (නි)

:       0       0

පීරිස් Monday, 28 September 2015 08:59 AM

අපේ රටේ නම් අවුරුද්දකට සැරයක් දුම බලලා ආණ්ඩුව ගාණනක් කඩා ගන්න නිසා කොච්චි දුම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. (අ)

:       0       0

කෝකිලා රණසිංහ Monday, 28 September 2015 09:08 AM

මම දන්නා පරිදි බුගාටි සහ ලේම්බ්රෝගිනි නිෂ්පාදනය කරන්නේ ඉතාලි රටේය . මේවා වොක්ස්වැගන් සමාගමත් සමග සම්බන්ද නොවේ (හේ)

:       0       0

කින් බෙනට් Thursday, 24 September 2015 11:37 AM

එකත් ඉතින් අපේම අවාසනාව තමයි .(හේ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 26 September 2015 09:42 AM

ප්‍රායෝගිකව මෙය එතරම් වැරද්දක් නොවේ ඊට හේතුව අවුරුද්දකට වතාවක් මේ රටවල වාහන වලින් පිටවන දුම් සාම්පල් පරික්ෂා කරන නිසා. අවසන් තීරණය වන්නේ වාහනයේ දත්ත නොව පරික්ෂකයාගේ කොම්පියුටරයෙන් දෙන දත්තයි. (අ)

:       0       0

සුපුන් Monday, 28 September 2015 10:20 AM

දැන් කාටද වොක්ස්වැගන් එපා කියන්නේ..... අනේ ඒක මට දෙන්ඩකෝ..(අ)

:       0       0

වික්‍රම Thursday, 24 September 2015 12:43 PM

උගත් මිනිස්සු තමා දරණ තනතුරට වඩා , තමාගේ නමේ ගෞරවය රැකගැනීමට දරන උත්සහය පැහැදිලියි නේද .(හේ)

:       0       0

ආදම් Thursday, 24 September 2015 02:26 PM

අරාබි රටවල විශාල වශයෙන් දුවන මේවා මොකද කරන්නේ (බ)

:       0       0

සමීර Thursday, 24 September 2015 02:28 PM

මදැයි අපි මෙහෙ කොම්පැනිය පටන්ගන්න හැදුව විතරයි (බ)

:       0       0

සෙනරත් Thursday, 24 September 2015 02:44 PM

උගත් යැයි පිළිගන්න මිනිස්සු අනෙක් අයව රැවටීමට දරන උත්සාහය පැහැදිලියි නේද ? (බ)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 02:45 PM

මේ "ඊනියා සුද්දොත් " මෙහෙම නම් ජපන් කාරයාගේ ,ඉන්දියන් කාරයාගේ ( එයාලගේ හුඟක් වාහනවල මේ කැටලික් ඇවලයිසර් නැති වුනත් )චීන්නුන්ගේ දේවල් ගැනත් සැක හිතන්න වෙලා තියනවා (බ)

:       0       0

සංජය Saturday, 26 September 2015 01:34 PM

ඔය කොහේ තහනම් කරත් අපේ දේශපාලුවෝ ඕනෙම කුණු ගොඩකට කර ගහන බව පිට රටවලත් ප්‍රසිද්දි වගේ (අ)

:       0       0

උපුල් Saturday, 26 September 2015 12:02 AM

එයාලත් මෙහෙම නම් අපේ අය ගැන කවර කතාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site