IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වෙද නළාවත් කටුගෙට

නව තාක්ෂණය හමුවේ සියවස් ගණනක් පැරණි වෙද නළාවටත් කෞතුගාරය උරුම වන සෙයක් පෙනේ.

වෛද්‍යවරු දැන් දැන් වෙද නළාවේ කාර්යයට අධි තාක්ෂණික උපකරණ භාවිතයට හුරුවී තිබීම මිට හේතුවයි.ඒවායිනුත් ඉදිරියෙන් සිටින්නේ අතේ ගෙනයාහැකි තරමේ වන අතිධ්වනි උපකරණයන්ය.

අතීතයේදී අති ධ්වනිය ගර්භණී සමයේ මවකගේ කුසෙහි සිටිනා දරුවා නිරීක්ෂණය කිරීම සදහා පමණක් සීමා වී තිබුණද දැන් එය අතෙහි ගෙනයා හැකි උපකරණ වලටත් පැමිණ ඇත.මෙම උපකරණ භාවිතයෙන් රෝගියා ඇදෙහි සිටියදීම පරිලෝකනය කර බැලීමට වෛද්‍යවරයාට හැකියාව ලැබෙන අතර වඩාත් හොදින් අවයවයන් කි‍්‍රයාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමටද හැකිය.

දැනට බි‍්‍රතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල වෛද්‍යවරුන් වෙද නලාව අතහැර විවිධාකාරයේ උපකරණ වෙත මාරු වෙමින් සිටින බව සදහන්ය.

වෙද නළාව 1816 දී ප‍්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ රෙනේ ලෙනෙක් අතින් නිපැදවුනකි.එදා සිට මේ දක්වා වැඩි වෙනසකට භාජනය නොවී එකම ආකාරයට එය පැවතගෙන පැමිණ තිබේ.

වෙද නළාව අභාවයට යන දිනය ළග යැයි කියන පිරිස් අතර එය එසේ නොවන්නේයැයි කියන පිරිසක්ද සිටී.

‘‘වෙද නළාව අභාවයට යන්නට තවත් බොහෝ කාලයක් ගතවේවි.අති ධ්වනි තරංග උපකරණය මෙන්ම වෙද නළාවත් වෛද්‍යවරුන්ට ප‍්‍රතිකාර සදහා වුවමනා වේවි.මොකද වෛද්‍යවරු කරන්න  ඕන උපකරණ ගැන වාද විවාද කරමින් සිටීම නොවේ.තියෙන උපකරණයෙන් කෙහොමද රෝගියාට උපකාරී වන්නේ කියන එකයි ඔවුන් සැළකිය යුත්තේ.මෙනිසා වෙද නළාව දැන්ම අභාවයට යන එකක් නැහැ.නමුත් අනාගතයේදී එය සිදුවන්නට ඉඩ තිබෙන බවක් තමයි පෙනෙන්නේ.‘‘

යැයි පවසන්නේ එංගලන්තයේ එඩින්ග්බර්ග් බටහිර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන වෛද්‍ය ඇන්ඩෘ එල්ඩර්ය.



අදහස් (0)

වෙද නළාවත් කටුගෙට

ඇන් Friday, 31 January 2014 07:17 AM

අනේ ලංකාවේ නම් ඕක අභාවයට යන්නේ නැහැ. මොකද දොස්තරලා ඒක පාවිච්චි කරන්නේ ලෙඩ අඳුරගන්න නෙවෙයිනේ. (නදී);

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 85 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1182 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 155 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1470 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 242 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 148 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site