වෙනිසියුලාවේ ජනපති නිකොලෝ මාදුරෝ එරට දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔහුගේ වාමාංශික රජය පෙරළාදැමීමට ඔපෙක් රටවල් හා ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරන බව ඔහු කියයි.
මේ අතර ඔහු එරට ඇතැම් කර්මාන්ශාලා සීල් තබා ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම හේතුවෙන් විපක්ෂය විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් රට තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී ඇතැයි කියති.
වෙනිසියුලා ජනපති බලයෙන් පහ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි විපක්ෂය යෝජනා කරයි.
ජනපති මාදුරෝ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරමින් සිටින බවත් ඔහුගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවත් දූෂණයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නායක ජේසස් ටොරෙඅල්බා පවසයි.
එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ කිසිදු ජාතික රැස්වීමක උපදේශකත්වයෙන් තොරව බවත් උද්ඝෝෂකයෝ විශාල පිරිසක් ජනපතිට එරෙහිව වීදි බසින බවත් ඔහු කියයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක්
හිමාල් Monday, 16 May 2016 05:44 AM
තමන්ගේ නොහැකියාව කුමන්ත්‍රණ කියා වසා ගැනීම. (ම)
නාමල් Wednesday, 18 May 2016 06:36 AM
හිමාල්,,දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්නවද? කරුණාකරලා. ලංකාවට යහපාලනය ගෙන්න මුලික වුනෙත් ඔයා වගේ කට්ටිය තමයි. (බ)