IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විපක්ෂ නායක ඝාතනයෙන් පසු ටියුනීසියාවේ විරෝධතා උග‍්‍ර අතට

ටියුනීසියානු විපක්ෂ නායක චොක්රී බිලේඞ් ඝාතනය සම්බන්ධයෙන් හටගත් විරෝධතා හමුවේ රජය විසුරුවා හැර, කඩිනමින්

ඝාතනයට ලක්වූ විපක්ෂ නායක

මැතිවරණයක් පැවැත් වීමට එරට අගමැති ජම්දි ජෙබාලි ඊයේ (7) තීරණය කළේය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් ‘අරාබි වසන්තය’ යැයි හඳුන්වනු ලැබූ 2011 වසරේ හටගත් ජනතා විරෝධතා හමුවේ මුලින්ම ආණ්ඩු පෙරැළියක් සිදුවූයේ ටියුනීසියාවේය. එම විරෝධතා ඊජිප්තුවට සහ ලිබියාවට පැතිර ගියේ ඉන් පසුවය.
ජනපතිව සිටි බෙන් අලිගේ පාලනය අවසන් කිරීමෙන් පසු පැවැති මැතිවරණයෙන් ටියුනීසියාවේ පාලන බලය හිමිවූයේ ‘ඉනාඩා’ නමැති මුස්ලිම් දේශපාලන මණ්ඩලයටය. එහි අගමැති ජෙබාලිය. 
අගමැති ජෙබාලි සහ ඔහුගේ ‘ඉනාඩා’ දේශපාලන කණ්ඩායම නව රජය පිහිටුවූයේ තවත් බස්ලාමීය පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගත වීමෙනි.
ජනතා විරෝධය මැද බලයෙන් ඉවත් වූ ජනාධිපති බෙන් අලී සහ ඔහුගේ පවුලේ අයට මේ වනවිට දුෂණ චෝදනා එල්ල වී ඇත.
විපක්ෂ නායක චොක්රී බිලේඞ් නානඳුනන තුවක්කුකරුවකු අතින් ඝාතනය වූයේ පෙරේදා (6) ය. බිලේඞ්, විපක්ෂ නායකයා පමණක් නොව, එරට නීතීඥවරයෙක් ද වෙයි.
බිලේඞ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත් වීමට අගමැතිවරයා පොරොන්දුවි ඇත.
එම ඝාතනයත් සමඟ ටිවුනීසියාවේ යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී ගියේය. කලහකාරීහු ටියුනිස් අගනුවර විරෝධතා පවත්වද්දී ඔවුන් මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීන් යෙදවීමට රජය කටයුතු කළේය. 
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් හට ගත්තේය. ටියුනීසියාවේ ටියුනිස් අගනුවර පිහිටි ‘ඉනාඩා’ පක්ෂ කාර්යාලයට කඩා වැදීමට ද විරෝධතාකරුවෝ උත්සහ කළ අතර එම පිරිසට පොලිසිය හරස් වූ බව ද වාර්තා වේ.

 

විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින්

 



අදහස් (0)

විපක්ෂ නායක ඝාතනයෙන් පසු ටියුනීසියාවේ විරෝධතා උග‍්‍ර අතට

සාලිය Saturday, 09 February 2013 12:55 AM

මුස්ලිම් රටවල හැමදාම යුද්ධ. (නි)

:       0       0

සෝමවංස Sunday, 10 February 2013 03:16 PM

ලෝකයේ මුස්ලිම් රටවල ඉන්න ජනතාව පාවා දැන් ඉස්ලාම් පාලන නිතීය අනුමත කරන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site