IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වයස අටයි : කැලන්ඩරේ වතුර වගේ

ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැයි තත්පර ගණනකදී පවසා සිටීමේ අපූරු හැකියාවක් ඇත.

මේ දිනය මේ අවුරුද්දේ කවර දවසක පිහිටන්නේදැයි ඇසූ විට ‘‘පටස්‘‘ ගා උත්තර දීමට ආර්යන් සමත්ය.තම මිතුරන් ජංගම දුරකථනයන් දිගහැර ඒවායේ ඇති දින දර්ශන වලින් දිනය හා දවස සොයනවාට වඩා වැඩි ඉක්මනින් දිනය හා දවස සොයාදීමට ආර්යන්ට හැකිය.

ආර්යන් පවසන්නේ සෑම වසර 11 කටම වරක් දින දර්ශයන්හි දින හා දවස් නැවත වාරයක් වසර 11 කට පෙර තිබූ අවස්ථාව දක්වා පැමිණෙණ බව සොයාගැනීමට හැකිවූ බවයි.

ක්‍රමය සොයාගත්තද ගණක යන්ත්‍රයක් පවා නොමැතිව ආර්යන් දින හා දවස් ගණනය කරන අයුරු පුදුම සහගතය.

ආර්යන්ගේ මේ හැකියාවෙන් නිවනක් නැතිවී ඇත්තේ ගෙදර දුරකථනයට බව ඔහුගේ මව කියන්නීය.තම මිතුරියන්ගේ හා අසල්වාසීන්ගේ උපන්දිනයන් එළැඹෙන දවස් ආර්යන් හට නිවැරදිව කිව හැකිවීම නිසා ඒ එකක්වත් නොවරදවා ඔවුන්ට සුභ පැතීමට ආර්යන් තමන්ට බල කරන බව ඇය පවසන්නීය.



අදහස් (0)

වයස අටයි : කැලන්ඩරේ වතුර වගේ

උදාරත් Thursday, 27 November 2014 05:59 AM

අවුරුදු 11 කට වරක් දින දර්ශනය නැවත අලුත් වනවය කියන එක පුදුමයක් (අ)

:       0       0

සුජිත් Wednesday, 26 November 2014 12:40 AM

මේ විදිහටම දින දවස් කියන කෙනෙක් මට හමුවුණා ටෝකියෝ වල මම වැඩ කරන වැඩපොළේදී. එයා මන්දබුද්ධික ජපන් ජාතිකයෙක්. අපි නිතරම එයාගෙන් මේ විදිහට දින සහ දවස් අහලා බලනවා. එයාට තවත් පුදුම දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි ඕනෑම කෙනෙක්ගේ ලේ වර්ගය මුහුණ බලා හරියටම කියනවා. (නි)

:       0       0

කුමාරි Tuesday, 25 November 2014 01:48 PM

මැටිල්ඩා වත් ඉපදිලාද? (ස)

:       0       0

නන්ද Monday, 01 December 2014 11:47 AM

"අර්ලිස්' මහතාගේ වැඩ මුළු නුවරම දන්නවා. (ර)

:       0       0

සෑම් Saturday, 29 November 2014 05:14 AM

තව බොරුවක් (අ)

:       0       0

සුනිල් Wednesday, 26 November 2014 05:18 PM

දන්නා කෙනෙක් ක්‍රමෙත් කියලම යන්නකෝ (නි)

:       0       0

ධර්මසිරි හේවගේ Thursday, 27 November 2014 07:50 AM

මට මතක හැටියට ජනාදිපති කාර්යාලෙත් හිටිය අරුණසිරි කියල කෙනෙක්. හොයල බලන්න. (නදී)

:       0       0

සමන්ති Wednesday, 26 November 2014 05:46 PM

මේක නම් පුදුමාකාරයි (නි)

:       0       0

වික්ටර් Tuesday, 25 November 2014 04:32 PM

ඉලක්කම් අටක සංඛ්‍යාවක් හතෙන් බෙදලා ඉතුරුවෙන ගණන අනුව ඕනෑම අවුරුද්දක දිනය මොන දවසද කියන්න පුළුවන් ක්‍රමයක් මමත් දන්නවා. ඕ.ලේවල් කරන කාලේ ඒක මනෝමයෙන් කරලා කට්ටිය පුදුම කරවලා තියනවා. හැබැයි අවුරුදු අටේදී එහෙම දෙයක් කරනවා කියන්නේ විශේෂ දෙයක්. අනිත් කාරණේ, සෑම වසර 11 කට වරක් කියන එකත් 100% ක් නිවැරදි නැහැ. ඒක වසර 6 ක්, 11 ක් හෝ 28 ක් වෙන්න පුළුවන් අධික අවුරුදු යෙදිලා තියන හැටියට. (නදී)

:       0       0

දයා Wednesday, 26 November 2014 12:43 PM

වසර කීපයකට පෙරත් ඉන්දියාවේ මෙවැනි පිරිමි දරුවෙක් සිටියා.ඕනම ගණිත ගැටලුවකට මොහොතකින් පිළිතුරු දෙන්න හැකි. නමුත් ඔහු ගැන ඉන්පසු කිසිම ආරංචියක් නැහැ. (ස)

:       0       0

ප්‍රසන්න කොරියාව Friday, 28 November 2014 10:07 AM

අදහස් දාන සමහරුන්ට ලංකාව ගැන දැනුමක් නැහැ වගේ (නි)

:       0       0

සිරිනිමල් බන්දු Friday, 28 November 2014 10:22 AM

අර්ලිස් මහතා උලපනේ පැත්තේ පාසක ගුරුවරයෙකු ලෙස සේවය කළේ. 1980 කාලේ තමයි මගේ මතකයේ හැටියට. ඉලක්කම් අටක් දහයක් , තවත් ඒ වගේ ඉලක්කම් ගණනකින් වැඩිකරන්න කිව්වොත් අග ඉඳලා ඉලක්කම් ටික කියනවා අපිට ලියාගන්න, උත්තරය හරියටම හරි.විශේෂය එය නොවෙයි. අපි සල්ලි කොලයක් අරගෙන එහි අංකය මොකක්ද කියලා ඇහුවොත්, ඒක නොසෙල්වෙන ලෙස වසා තබන්න කියා එහි ඇති ඉංග්‍රීසි අකුරත්, ඊට යටින් තිබෙන අංකය හා අනුක්‍රමික අංකයද නිවැරදිව පැවසීමට ඒ ගුරුතුමාට හැකියාව තිබෙනවා. ඒ මහතා ජීවත්වෙනවා නම් දැන් බොහෝ වියපත්ව ඇති. (නි)

:       0       0

හේමන්ත Thursday, 27 November 2014 12:34 PM

දිනය හොයා ගන්න ගණන් හදන විදිහ බලාගන්න පහත වෙබ් ලිපිනය ක්ලික් කරන්න. http://en.wikipedia.org/wiki/Determination_of_the_day_of_the_week

:       0       0

රොහාන් Thursday, 27 November 2014 01:59 AM

මීට කලකට පෙර, මහ නුවර ප්‍රදේශයේ "අර්ලිස්' කියල මහත්මයෙක් සිටියා. ඔහුටත් සංකීර්ණ ගණිත ගැටළු වලට තත්පර කීපයක් ඇතුලත පිළිතුරු ලබා දීමට විශ්මිත හැකියාවක් තිබුණා . තවමත් ඔහු ඉන්නවද කියා දන්නේ නෑ. දන්නා අයෙක් ඉන්නවා නම් අදහසක් ඉදිරිපත් කරන්න. (නදී)

:       0       0

රජින්ද Tuesday, 25 November 2014 08:10 PM

මෙවැනි කාරණා විඥානයෙන් උපන් අධිමානසික හැකියාවන් වේ. ඒ මන්දයත් මොහුගේ වයස අවුරුදු 8ක් වන බැවිනි. එහෙත් මේ හැකියාව හා මතකය තාවකාලික වන අතර මොළයේ වම් අර්ධය අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වේ. ඇතැමුන්ගේ ආයුෂ කාලය පවා කෙටි කිරීමට එම ක්‍රියාකාරීත්වය සමත්ය. කෙසේවුවත් මේ දරුවාට දීර්ඝායු පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site