IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


විරෝධතාකරුවෝ බ‍්‍රසීල විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වදිති

බ‍්‍රසීල රජයට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් ඊයේ (21) එරට රියෝ දි ජිනැයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශය වටලා, ඊට කඩා වැදී කලහ කරන්න වූ අතර, කැරැලි මර්දන පොලිස් නිලධාරීහු පැමිණ එම පිරිස් විසුරුවා හැරියහ.
විරෝධතාකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි. රියෝ දි ජිනැයිරෝ නුවරට රැස්ව සිටින විරෝධතාකරුවන්ගේ ගණණ 3,000 ඉක්මවයි.
පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ගම් මිරිස් දියර සහ බැටන් පොලූ ප‍්‍රහාර යොදා ගනිමින් පහර දී ඇතැයි ද වාර්තා විය.
විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වැදුණු විරෝධතාකරුවන් ගණන 1000 කට වැඩි යැයි එරට පුවත් සේවා පෙන්වා දෙයි.
කෝපයට පත්ව සිටි පිරිස් පොලිස් නිලධාරීන් සමඟ ද ගැටුම් ඇති කරගත් බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටිති.
බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැල්ලක් ආරම්භ වී ඇත්තේ දුෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැසක් බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.
ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව ආර්ථික අපහසුතාවලින් සහ විරැුකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාව පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
මේ වනවිට රියෝ දි ජිනැයිරෝ නුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිසිය යොදවා ඇත.



අදහස් (0)

විරෝධතාකරුවෝ බ‍්‍රසීල විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වදිති

නිමල් Saturday, 22 June 2013 05:23 PM

පුරුවේ වාසනාවකට අපිටත් අර පොදුරදමදුලු ක්‍රීඩා උළෙල ලැබුනේ නැහැ.ලැබුනා නම් කෝටිපතියෝ බිහිවෙයි.අපට තව බදු ටිකක් පැනවෙයි. කට්ටියක් ඇමරිකාවට බැන බැන වීරයෝ වෙයි... (අ)

:       0       0

සුදාරි Saturday, 22 June 2013 05:23 PM

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල අපට නොලැබීම ගැන සතුටුවෙමු. පොදුරදමදුලු සමුළුව ලැබීම ගැන කනගාටු වෙමු.මොකෝ මේ දෙකින්ම වෙන්නේ අපේ බඩට ගසා කට්ටියක් බ්‍රසිලේ වගේම පෝසත් වීමක් සහ ඊට විරුද්දවිම ඇමරිකන් ගැතිකමක් ලෙස හුවාදක්විමක්.(අ)

:       0       0

මාලා Saturday, 22 June 2013 05:27 PM

ගොන් සරත්... පුරුද්දට කීවද නැතිනම් මොකුත් බිලා හිටයද... අම්මප මේ කියන විදියට ඇමරිකාවේ අලුත්ම ක්‍රමේ ලෝකෙටම සල්ලි දීල උද්ඝෝෂණේ කරවීම.... හොදයි මේ කියන විදියට බ්‍රසීල ආණ්ඩුව පන්කාදුයිද. (අ)

:       0       0

ජීවන් Sunday, 23 June 2013 08:26 AM

අන්න අපටත් රෝල්ස් රොයිස් 100 මග එනවා.මේවා එන්නේ සම්බාවනිය අමුත්තන්ට කියලයි කියන්නේ.අපි වගේ රටකට මේවා කරන්න පුලුවන්ද? කොහෙන්ද සල්ලි....? රටේ මිනිස්සු කන්නේ එක මාලුවයි බතුයි. මන්දපෝෂණේ හැමතැනම. (නි)

:       0       0

මාලක Saturday, 22 June 2013 12:56 PM

අපේ රටෙත් මේ මනෝ භාවේම තමා තියෙන්නේ. අපි මිට වඩා වැලේ වැල් නැතිව ඉඩගනත් අපිත් දැගලුවේ පොදුරදමදුලු ක්‍රීඩා උත්සවේ මෙහෙට ගන්න.පුරුවේ වාසනාවකට එක මෙහෙට හම්බුනේ නැහැ. පොදුරද මඩුලු සමුළුව ලැබුන.එහෙ වගේම මෙහෙත් නවගිලුනත් බෑන් චුන් වැඩ වෙන්නේ.(අ)

:       0       0

නන්දන Saturday, 22 June 2013 12:58 PM

මේ මානසික වියාදීන් නිසා නොවේද මේ රටවලට (අපේ ලංකාවත් ඇතුළුව) කවදාවත් නැගිටින්න බැරි.මේ කියන සමාජ තත්ත්ව ඊටත් වඩා හොදට අපේ රටේ තියනවා.(ස)

:       0       0

ලසන්ත Saturday, 22 June 2013 12:59 PM

අපේ වගේම රජයක් එහෙත් තියෙන්නේ.නමුත් අපේ වගේ ජනතාවක් නම් එහෙ නැහැ. (අ)

:       0       0

සීලා Saturday, 22 June 2013 01:00 PM

ආ මෙහෙත් ඉඩ හිට උද්ගෝෂණ කරනවා.(අ)

:       0       0

දොන් සරත් Saturday, 22 June 2013 02:42 PM

මේක බ්‍රසීල රජයට විරුද්ද කුමත්‍රණයක් ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාවෙන්. බ්‍රසීලය ඇමෙරිකාවට හිස නොනමන නිසා රජයට විරුද්ද පක්ෂ වලට සල්ලි දීල කරවන වැඩක්. ලංකාවට අමෙරිකාවත් ඉංගලන්තයත් කරන්නෙත් මෙයයි (අ)

:       0       0

ජෝයි Saturday, 22 June 2013 03:05 PM

සහය පලකරලා වන්දිබට්ටයෝ උද්ඝෝෂණේ කරන්නේ නැහැළුද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 903 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 48 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1434 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1848 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 29 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site