IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විශාල ග‍්‍රාහකයක් පොළොවට කි.මී. 3,25,000 ක් දුරින් යයි

මීටර් 400 ක් පළල අති විශාල ග‍්‍රහකයක් අද (9) පෘථිවිය අසලින් ගමන් කළේය. ‘2005වයියූ55’ යනුයෙන් නම් කළ එම ග‍්‍රහකය, පෘථිවිය පසු කළේ ශ්‍රී ලංකා වේලාවෙන් අලූයම 4.58 ට පමණය.සඳත් පෘථිවියත් අතරින් එම ග‍්‍රහකය ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් තුන්ලක්‍ෂ විසිපන්දහසක් දුරින් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දෙයි.පෘථිවිය සමඟ ගැටීමේ අවධානමක් නැති බව ඇමෙරිකා විද්‍යාඥයන් කල් තියා සහතික වුව ද ලෝක වාසී සැවොම ග‍්‍රහකය ගැන උනන්දුවක් දැක්වූහ. පෘථිවිය අසලින් ගමන් කළ බව පැවැසුව ද ‘2005වයියූ55’ ග‍්‍රහකය පියවි ඇසට නොපෙණුනු අතර, තාරකා විද්‍යාඥයන් එය නිරීක්ෂණය කළේ දුරේක්ෂ භාවිත කරමින්ය. විශාල ප‍්‍රමාණයේ ග‍්‍රහක පාථිවිය අසලින් ගමන් කරන්නේ ඉතා කලාතුරකින් නිසා ග‍්‍රහක පිළිබඳ අධ්‍යනය කිරීමට, ‘2005වයියූ55’ ග‍්‍රහකය බෙහෙවින් උපකාරී වූ බව ද නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියති.වසර 30 කට පසුව ග‍්‍රහකයක් පෘථිවියට ඉතා සමීපව ගමන් කළ අවස්ථාව මෙය බවත්, ඉන්පසු ග‍්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2018 වසරේදී බවත් නාසා විද්‍යාඥයෝ පවසති.වෘත්තාකාර හැඩයකින් යුත් ‘2005වයියූ55’ ග‍්‍රහකය, සොයා ගැනුණේ 2005 වසරේදීයි. එය සොයා ගත්තේ ඇමෙරිකා තාරකා විද්‍යාඥ කණ්ඩායමක් ආරම්භ කළ ‘ස්පේස් වොච්’ නමැති අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහන යටතේය. ග‍්‍රහකය සොයා ගත් තාරකා විද්‍යාඥයා වන්නේ රොබට් මැක්මිලන්ය. යම් හෙයකින් ගමන් මඟ වෙනස්වී, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී ‘2005වයියූ55’ ග‍්‍රහකය පෘථිවිය හා ගැටුණි නම් එය පරමාණු බෝම්බ තොගයක් එකවිට පුපුරා හැරීම හා සමාන වනු ඇත. එය මුහුදට වැටුණි නම් මීටර් 20 ක් හෝ 30 ක් උසැති සුනාමි රළ හට ගනු ඇතැයි ඇමෙරිකාවේ ‘ජාතික විද්‍යා පදනමේ’ ප‍්‍රධාන තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.



අදහස් (0)

විශාල ග‍්‍රාහකයක් පොළොවට කි.මී. 3,25,000 ක් දුරින් යයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site