IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී

ගී‍්‍රක අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉකුත් සිකුරාදා (4) එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එයින් අගමැතිවරයාට ජය හිමිවිය. විවාදය ආරම්භයට පෙර අගමැති පපන්ඩි‍්‍රයෝ මැතිසබය අමතමින් කියා සිටියේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් තමා පරාජයට පත් වුවහොත් වහා අගමැති ධුරයෙන් ඉවත්ව යන බවත්  ජයග‍්‍රහණය කළහොත් ගී‍්‍රක ජනාධිපති සහ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් සමඟ සන්ධාන ගත වන බවය. ඒ අනුව අගමැති පපන්ඩි‍්‍රයෝ පෙරේදා (5) ගී‍්‍රක ජනාධිපති කාලෝස් පපෝලියාස් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි. ගී‍්‍රසිය උග‍්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින යුරෝපා රටකි. අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් විවාදයට ගැනීමට හේතු වූයේ ද එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් ලෙස යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහන පැකේජයට අගමැති පපැන්ඩි‍්‍රයෝ කැමැත්ත පළ කිරීම හේතුවෙනි. මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ගී‍්‍රක රජයට යුරෝපා සංගමයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීමට සිදුව ඇති අතර එසේ කිරීමෙන් ගී‍්‍රක ජනතා සහන බොහෝ වශයෙන් කප්පාදුවට ලක් වේ. මීට විරෝධය පළ කරමින් ගී‍්‍රසියේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා පැවැත් වෙන අතර අගමැති පපන්ඩි‍්‍රයෝ වහා ධුරයෙන් ඉවත්ව යා යුතු යැයි විරෝධතාකරුවෝ බල කරති. ගී‍්‍රසිය, යුරෝපා සංගමයේ මෙන්ම යූරෝ මුදල් කලාපයේද රටක් වන අතර ගී‍්‍රක ආර්ථිකයේ කඩා වැටීම මුළුමහත් යුරෝපයටම බලපෑමක් එල්ල කරයි. එම නිසා යුරෝපයේ ප‍්‍රධානතම ආර්ථික බලවතුන් දෙදෙනා වන ජර්මනිය සහ ප‍්‍රංශය එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට ගී‍්‍රසියට සහන පැකේජයක් ලබා දීමට තීරණය කළේය. ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි සහ ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල්, ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට පවසා ඇත්තේ යුරෝපා සංගමය සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ජනතා සහන කප්පාදු කර එම සහන පැකේජය ලබා ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම් යුරෝපා සංගමයේ යූරෝ මූල්‍ය කලාපයෙන් ගී‍්‍රසිය ඉවත් කර ගන්නැයි ද සාර්කෝසි සහ මාකෙල් ගී‍්‍රක අගමැතිවරයාට දැනුම්දී තිබේ. ගී‍්‍රක අගමැති (වමේ) ජනපති කාලෝස් හමුවූ අවස්ථාව



අදහස් (0)

විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site