වෝල් ස්ටී්රට් මූල්‍ය වෙළෙඳපොළේ අක්රමිකතාවලට මෙන්ම ඇමෙරිකාවේ ව්‍යාපාර සහ මූල්‍ය සමාගම්වල කටයුතුවලට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පෙරේදා (8) පැවැති විරෝධතා රැලියට පොලිසියෙන් බාධා එල්ල වූ අතර විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුමක් ද හට ගැනුණි. විරෝධතාකරුවන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. පොලිසිය ප්‍රකාශ කළේ 8,000 කට වැඩි පිරිසක් එම විරෝධතා රැලියට එක්ව සිටි බවය. රටේ ආර්ථිකය ඉතා සුළු පිරිසක් අතේ රැඳේ ඇති බවත් එම සුළු පිරිස ආර්ථිකය හසුරුවන්නේ ඔවුන්ට වාසි වන අයුරින් හා ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බවත් විරෝධතාකරුවෝ පවසති. මීට දින කිහිපයකට පෙර විරෝධතා රැලියක් පැවැත්වීමට නිව්යෝක් නුවර වැසියෝ උත්සාහ කළහ. එහිදී 700 ක් දෙනා අත්අඩංගුවට ගැණුනි. ධනේශ්වර ආර්ථිකයේ මුදුන් මල්කඩ යනුවෙන් ද සැලකෙන ඇමෙරිකාව පමණක් නොව යුරෝපා රටවල් රැසක් මේ වනවිට ආර්ථික අර්බුදවලට මුහුණ පා ඇති අතර ජනතා සහන සහ රැකියා කප්පාදු හේතුකොට ගෙන ජනතාව දැඩි අසීරුතාවනට මුහුණ දී සිටිති.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වොෂින්ටන් විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති