IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වසර තුනක් තිස්සේ බෙන්ස් රිය රථ ගාලේ

බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක වසර 3 ක් තිස්සේ ගාල් කර තිබෙන මෝටර් රථයක් ඇත.

මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙය රැගෙන යෑමට ගෙවුණු කාලය පුරාවටම කිසිවෙකුත් පැමිණ නොමැති බව සදහන්ය.

වසර 3 ක් නවතා තැබීම නිසා කවුරුන්හෝ එහි හිමිකරුට රථය රැගෙන යෑමට ගාල් කුලී ලෙස ගෙවීමට මේ වන විට පවුම් 14000 ක (රුපියල් 2,904,580.00) පමණ එකතුවී ඇත.

පොලිසිය පවසන්නේ මෝටර් රථයේ පසුපස ඇක්සලයේ දෝශයක් පවතින හෙයින් රථය ඇදගෙන යා හැකි තත්ත්වයේ පවා නොපවතින බවයි.

මෝටර් රථය මත දුලි හා මඩ බැදී ජරාජීර්ණව තිබේ.

මෙම මෝටර් රථය අතුරුදන්වී ඇතැයි හෝ නීති විරෝධි කටයුතු සදහා යොදාගෙන ඇතැයි හෝ කිසිදු සාක්ෂියකි සොයා ගැනීමටත් හැකිව නොමැත.

වසර 3 ක් බලා සිට අවසානයේ රථ ගාලේ පාලනාධිකාරිය මෝටර් රථය පිටතට ඇද දැමීමට තීරණය කර ඇත.

මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මත තවත් දින 7 කින් මෝටර් රථය පිටතට දමනවා යැයි දැන්වීමක් රදවා තබන බවත් එම දින 7 අවසානයේ කිසිවෙකුවත් නොපැමිණියහොත් තවත් බලා නොසිට රථය පිටතට ඇද දමන බවත් ඔවුන් කියයි.

පවුම් 14000 ක ගාල් කුලී ගෙවා මෙම මෝටර් රථය රැගෙන යෑමට කිසිවෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් යැයි ඔවුන්ම පිළිගනී.

1416149870874_wps_13_General_view_of_the_aband 1416149876322_wps_14_General_view_of_the_aband 1416149936455_wps_16_General_view_of_the_aband 1416149943593_wps_17_General_view_of_the_aband



අදහස් (0)

වසර තුනක් තිස්සේ බෙන්ස් රිය රථ ගාලේ

මැටිපහන Tuesday, 18 November 2014 12:21 PM

මේ වගේ කාර් ඕන තරම් තියෙනවා මැද පෙරදිග එයාර්පොර්ට් වල දාල ගිහිල්ල. දැක්කම දුකේ බෑ. (ර)

:       0       0

චමින්ද Wednesday, 19 November 2014 08:34 AM

මැටිපහන,එයාපෝර්ට් වල කාර් දාලා ගිහිල්ලා නෙවෙයි.කාර් එක අයිති මනුස්සයා වාහනය එයාපෝර්ට් එකේ දාලා පිටරට ගිහිල්ලා.ආපහු රටට ආවහම වාහනෙත් අරන් ගෙදර යාවි.සමහර ඔවැනි වාහන මාස ගණන් එයාපෝර්ට් වල තියෙනවා.ඒ නැවතුම් ස්ථාන වලට කියන්නේ " ලෝන් ටර්ම් කා පාර්ක් " කියලා.(හේ)

:       0       0

නිම්මි Wednesday, 19 November 2014 09:06 AM

බිතාන්‍යයේ වාහන ලියාපදිංචියක් නැතිද ? නැත්තම් අයිතිකරු හොයා ගන්න එක මහ කජ්ජක් නෙමෙයිනේ.(හේ)

:       0       0

චමින්ද Tuesday, 18 November 2014 01:10 PM

සුජිත් කාරණාව ඇත්ත. දියුණුවේ හිනිපෙත්තට නැගපු රටක්දැයි සිතෙනවා. (ර)

:       0       0

සමන්ති Wednesday, 19 November 2014 12:56 AM

මෙහෙත් කෙනෙක් තම වෑන් රථය කොළඹ පැත්තේ ගරාජයකට අලුත්වැඩියාවට දැම්මා. ගරාජය අයිතිකෙනා බාර්කාරයෙක්. ඔහුට වාහනය ගෙනයන්න බැරිවුණා බාර් එකේ බිල නිසා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 18 November 2014 02:23 PM

මේක c ක්ලාස් එකක් නිසා 14000 ගෙවල අරන් යන එක පාඩුයි .(අ)

:       0       0

ප‍්‍රශාද් Thursday, 20 November 2014 07:34 AM

මේක අපේ කෙනෙකුට දෙන්න. (ර)

:       0       0

රොෂාන් Tuesday, 18 November 2014 02:41 PM

ඔච්චර දිඋණු රටේ මේකේ හිමි කාරය හොයා ගන්ඩ බැයිද දෙයියනේ ! (අ)

:       0       0

රුවන් Wednesday, 19 November 2014 10:58 AM

මගේ එක එදා දාල ආපු ගමන් යන්න බැරි උනා. (ර)

:       0       0

කළුපහන Thursday, 20 November 2014 01:51 AM

මැටිපහන,ගුවන් තොටුපළවල වාහන දාලා ගිහිල්ලා නොවෙයි.අයිතිකාරයා වාහනය රථ නැවතුමේ නවත්වලා පිටරට ගිහිල්ලා.ආපහු මාස ගානකින් නැවත රටට පැමිණි පසු වාහනය අරගෙන ගෙදර යයි.ඒ රථ නැවතුම් වලට කියනවා [ ලෝන් ටර්ම් කා පාර්ක් ] කියලා. (නි)

:       0       0

සුජිත් ඉන්දික Thursday, 20 November 2014 03:09 AM

මම ගන්නවා. (ර)

:       0       0

සමන්ති Wednesday, 19 November 2014 02:47 PM

මහා බ්‍රිතාන්‍යයේ සි සි ටීවී කැමරා නැත්ද? නැත්නම් ඒවා අක්‍රියද? අක්‍රිය කරලාද? (අ)

:       0       0

විජේ Thursday, 20 November 2014 04:08 AM

ගොඩක් අය ගොඩක් දේවල් දන්නවා කියල පේනවා මේවා කියෙව්වම...අපිත් ඉතින් මේවා කියවලම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. (අ)

:       0       0

සසික Thursday, 20 November 2014 04:12 AM

මේක දැන් ඒ රටේ පවුම් 5000ක් වත් වටින්නෙ නැ...(අ)

:       0       0

කින් බෙනට් Tuesday, 18 November 2014 06:18 PM

හිමිකරුවා හොයන්න නම් වාහනයේ නොම්මර තහඩු තිබිය යුතුයි. එහෙම නැත්නම් බොනට් එක ඇරලා චැසි අංකය බැලිය යුතුයි. වාහනයේ අංක තහඩු ගලවලානේ තියෙන්නේ. බොනට් එක අරින්න යතුර තියෙන්න ඕනෑ. ලංකාවේ නම් දවස් දෙකක් අයිතිකරුවා ආවේ නැත්නම් ඕවා කරන්න පුළුවන් වුණාට ඒ රටවල ඒ සෙල්ලම් බැහැ. හැබැයි මට හිතෙන්නේ මේකේ හිමිකරුවා වාහනය විසිකරලා ගිහින් තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔහු මේක පාවිච්චියෙන් ඉවත්කරලා වාහනෙත් ලියාපදිංචිය අවලංගු කරලා ඇති. (නි)

:       0       0

අශේන් සුමිත් Thursday, 20 November 2014 10:29 AM

ලංකාවේ අවුරුදු 3 නෙමෙයි සති 3ක් තිබ්බා නම් ඓති කාරයට අරන් යන්න වෙන්නේ චැසිය විතරයි.(හේ)

:       0       0

ජයාත් Wednesday, 19 November 2014 04:58 PM

ඔව් ශාන්ත " එස් " පන්තියේ වත් උනා නම් හිතන්න වත් තිබුන මොනවා හරි කරන්න නේද ! (ස)

:       0       0

නාල Thursday, 20 November 2014 04:24 AM

හානේ ,...මම අයිෆල් එක ගාවනේ හෙව්වේ ! (අ)

:       0       0

සමන් Thursday, 20 November 2014 04:32 AM

ඔවු විජේ ඒක ඇත්ත(අ)

:       0       0

බෙනට් Thursday, 20 November 2014 05:04 AM

ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන් .. ඕක පැද්දේ එංගලන්තේ විසා සහ රියදුරු බලපත් නැති කෙනෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔය ආසියානු සහ අප්‍රිකානු රටවල් වලින් හොරෙන් එංගලන්තේ ගිහින් ඉන්න කෙනෙක් වගේ . ..මිනිහගේ අතින් ඇක්සල් එකට අනතුරක් වෙලා අමාරුවෙන් වාහනේ ලංගම තිබුන පාක් එකට ගෙනත් නැවැත්තුව .. වාහනේ නොම්බරත් ගලෝල අරන් ගියා .. දැන් ඔය වාහනේ විසා නැති කෙනාට වික්ක කෙනා මේ සිද්දිය දන්නේ නෑ... ඉතින් නොම්බරත් නෑ , චැසි නොම්බරේ හොයාගන්න බොනට් එක අරින්න යතුරත් නැති නිසා අන්තිමට ලියාපදිංචි කරලා තියෙන අයිතිකාරයා හොයාගන්න විදියක් නෑ .. වාහනේ අතින් කාවවත් හැප්පුන බවක් පෙනෙන්නේ නැති නිසා පොලිසියටවත් බැහැ පාක් එකක නවත්වල තියෙන වාහනයක දොර අනවසරයෙන් අරින්න ..හැබැයි අවුරුදු 3ක් අයිතිකාරයා ආවේ නැති නිසා සහ පාක් එකට අයිතිකරුවා ඇමතුමක් වත් නොදී සැඟවී සිටින නිසා පාක් එකේ හිමිකරුවන්ට පුළුවන් ඕක එලියට ඇදල යකඩ වලට විසිකරන්න .. .. ඕක වෙන්න පුළුවන් (බ)

:       0       0

සුජිත් Thursday, 20 November 2014 12:28 PM

ඉෂාන් මම කීවේ කොටස් ගලවන එක ගැන නෙමෙයි. වාහනයේ හිමිකාරයාව හොයාගන්න බැරි එක ගැනය. ඔයගොල්ලන්ට මොනවා වුනත් ලංකාවට දොස් නොකීවොත් නින්ද යන්නේ නැහැ. (ර)

:       0       0

සුජිත් Tuesday, 18 November 2014 10:56 AM

කාරයේ අයිතිකරු හොයාගන්න බැරි තරමටම බ්‍රිතාන්‍ය බංකොලොත් වෙලා වගේ.(හේ)

:       0       0

රජින්ද Wednesday, 19 November 2014 07:37 AM

සමහරවිට අයිතිකරු මියගොස් ඇති. වාහනය තිබුණු තැන පවුලේ හෝ වෙනත් අයෙක් නොදන්නා නිසා ඔහොම තියෙන්න ඇති. (නි)

:       0       0

අමාන් Wednesday, 19 November 2014 09:36 PM

මේක අරගෙන බැරිවෙයිද දන්නෙ නැහැ හදාගන්න මට (නි)

:       0       0

චමින්ද Tuesday, 18 November 2014 11:22 AM

සුජිත් කියලා වැඩක් නැහැ. ඔය කතාව අන්ත දුප්පත් අප්‍රිකානු රටක රථගාලක පාලනාධිකාරියක් කිව්වනම් කමක් නැහැ. (ර)

:       0       0

ඉෂාන් Tuesday, 18 November 2014 11:33 AM

සුජිත්, ඔයාලට පේන්නෙම එංගලන්තේ වැරදිමයි. ලංකාවේ එක සතියක් ඔහොම කාර් එකක් තිබුනොත් ගලවන කොටස් ඔයා දන්නව නේද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site